Hearing disabled

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම ශ්‍රවනාබාධිත කෙනෙක්,

    එළකිරි ෆෝරම් එකේ ඒ විදිහේ අය ඉන්නවද, එහෙම නැත්නම් එහෙම ආබාධිත කෙනෙක් සමග ඔෆීස් වල වැඩ කරන අය? ඒ අය වැඩ වලදී කොහොමද මැනේජ් කරගන්නේ? එහෙම අය එක්ක වැඩ කරන්න අමාරුද? අත්දැකීම් මොනවද?

    මම ජොබ් එකක් කරන්නේ නෑ, ඥාතීන්ගෙන් ලැබෙන උදව්වෙන් ඉන්නේ.

    ස්තුතියි,
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ලංකාව ඒ තරමට ඩිවලොප් වෙලාද කියන්න දන්නේ නැහැ මචං. උඹට කෝඩින් ඉගනගෙන නැත්තං ග්‍රැෆික් ඉගනගෙන ඔන්ලයින් වැඩට බැස්සොත් මොකෝ ?
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ඥාතීන්ගෙන් ලැබෙන උදව්වෙන් ඉන්නේ dan ube as hodata penawa ne. oya kiyana minissu hamadama inne na ne. udaw karana ayata pin tama eth uba oka ganan nogena taniyama jeewath wenna kramayak hoyaganin. Freelance online wada karanna igenaganin internet tiyena nisa.
    mekata gihin igenagena mata msg ekak dapan mn ituru tika kiyala dennam
    bs
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මගේ නෑදැ වෙන අයියා කෙනෙක් ඉන්නවා.. කණ යන්තන් ඇහෙන්නේ.. ඒක හින්දා කතා කරන්ඩත් ටිකක් අමාරුයි. කණට ශ්‍රවණාධාරයක් පාවිච්චි කරනවා. එයා නම් ගාමන්ට් එකක මහනවා.. ඕවා හින්දා සැලෙන්ඩ එපා මචන්.. උබට වැඩ පුලුවන් නම් හොදට කල්පනා කරල පොඩියට හරි දෙයක් පටන්ගන්ඩ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කැම්පස් එකේ මේ දවස් වල කරන project එකත් speaking and hearing disabilities අයට කරන්නෙ.
    training program එකක් අවුරුදු 2ක.වැටුපක් ගෙවනවා පුහුනු කාලයෙත්.food industry එකේ.
    application call කරන කාලෙට කියන්නම් .මේ covid නිසා කල් ගියේ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔබ හැමට ස්තුතියි, :-)

    මට කෙනෙකුගේ මුහුණ බලාගෙන කතා කරන්න පුළුවන්, ටිකක් ඇහෙනවා, කතා කරන කෙනාගේ තොල් හෙලවෙන විදිහ බලල ලිප් සින්ක් ක්‍රමයට තේරුම් ගන්නේ, ඔවුන් පිටුපස හැරී කතා කරනවා නම් ඒ දේවල් තේරෙන්නේ නෑ,

    මම දැන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිප්ලෝමා එකක් කරනවා (DIST ඩිප්ලෝමා ඒක), එකෙන් පස්සේ මොකක්ද කරන්නේ කියල කල්පනා කළා, එකේදිත් ගෘප් ප්‍රොජෙක්ට් වලදී ගොඩක් අමාරු වුනා ගොඩ දාගන්න, මොකද ගෘප් එකේ අනිත් උදවිය කතා කරන්නේ මොකක් ගැනද කියලවත් තේරුනේ නැති නිසා, එත් ඒ අය බොහොම ඉවසිල්ලෙන් උදව් කල නිසා රිපීට් නොවී ගොඩ දැම්ම,

    ඉතින් මට හිතෙන්නෙත් මට ඔෆීස් එකක වගේ වැඩ කරන්න අමාරුයි, ෆ්‍රීලාන්සින් වගේ දෙයක් කරන්න හිතාගත්තා,

    ඔබ හැමට ස්තුතියි, ඔබ හැමගේත් ජීවිතය සාර්ථක වේවායි පතමි :-)
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    වොරි වෙන්න එපා. අපේ ඔෆිස් එකේ ඉන්නවා සම්පුර්ණයෙන්ම අන්ද කෙනෙක් එයා කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩකරනවා. එයාට වැඩ කරන්න අනික් හැමොම උදව් කරනවා. pc එකේ වැඩකරනවා කිසිම අවුලක් නැතිව... ඔයා හරියට කොලිෆීකේශන් ටික හදාගෙන එ ෆිල්ඩ් එකෙන් එක්ස්පිරියන්ස් හදාගන්න.
     
    • Love
    Reactions: Sudheera-H