chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
ලහිරු පෙරේරා - ලබැඳියේ

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා

ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා


:rolleyes::rolleyes::rolleyes: