Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    man ona ekak kiyala serama book kara :(

    ලෝබකම් කරන්න ඕනි තැනුත් තියෙනවා.. ලෝබ වෙන්න ඕනිනැති තැනුත් තියෙනවා..

    මෙච්චර මහන්සි වෙලා වියදම් කරල උපාධියක් අරගෙන ඒක මතක් වෙන්න පොටෝ සෙට් එකක් ගන්න රුපියල් තුන් හාර දාහක පැකේජ් එකක් ගන්න එක වියදමක් කියල ඒක වෙන විදිහකින් කරගන්න යන එක අරපිරිමැස්මක් නෙමෙයි. ඒක පිටින් කරගන්න ගියාම අර කොලිටි එක ඒ ස්ටෑන්ඩඩ් එක ඒ විදිහටම එන්නෙ නැහැ. (උපාධියෙ නම සහ යුනිවර්සිටි එකේ නම ෆොයිල් කරපු බෝඩර් එකක ඔයාගෙ පොටෝ එක මවුන්ට් වෙන එක) පිටින් කරාම ඒකෙ පොඩි වාසියක් තිබ්බට අදාල කොලිටි එක ගන්න බැහැ. අනික අර පිටිපස්සෙන් දාන බැක්ග්‍රවුන්ඩ් එක අදාල ස්ථානයෙන් හැමෝගෙම දාන ලයිබ්රරි ෂොට් එක වෙන ස්ටුඩියෝ එකකින් කරාම වෙන පාටකින් එහෙම තිබ්බොත් කොහොමද? එතකොට ඔයා උපාධි ලෝගුව හොරෙන් අරගෙන පොටෝ ගහල වගේ වැඩක් තමයි පේන්නෙ... ඔය පොටෝ පැකේජ් එකේ ගාන වැඩී තමයි. ඒත් අපිට ඕනි විදිහට අපේ ගාවටම වගකීමකින් ලැබෙන නිසා ඔය පොඩි ගාණෙ වැඩිය හිතන්න එපා.. :cool: