Heritance Kandalama

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    එළකිරියේ කලින් ත්‍රෙඩ් කීපයක් ගියා ක්‍රෙඩිට් කාර්ඩ් ගැන.මේ ඒ වගේ කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ඔෆර් එකකට සෙට් වෙලා ගිය ගමනක්,මම ලංකාවේ හෝටල් කීපයකට ගිහින් තියෙනවා ලංකාවේ නිවාඩුවට ආවම මම ගිය හොදම හෝටල් වලින් එකක්.හොදම බුෆේ එක තිබුන ,ඒ වගේම මම ගිය හොදම හෝටලේ කියන්නත් පුළුවන්.මේ ට්‍රිප් එක ගියේ 50% ඩිස්කවුන්ට් එකක් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ.දැන් මාස කීපයකට කලින්.ඩබල් රුම් ෆුල් බෝර්ඩ් එක උනේ ඩිස්කවුන්ට් එකත් එක්ක 18000ක් වගේ ඒ කියන්නේ එකෙක්ට 9000ක් වගේ.හෝටලේ චෙකින් ටයිම් එක 2pm සහ චෙක් අවුට් ටයිම් එක දවල් 12.අපි උදේ 7ට වගේ කොළඹින් පිටත් උනා.එහෙට යනකොට 12 විතර උනා.අපිට අර්ලි චෙකින් එකක් සෙට් කළා එදා වැඩිය කට්ටිය නැති නිසා.මම නෝරමල් ඩිලක්ස් රූම් එකක් බුක් කලේ එදා කට්ටිය නැති නිසා මම නිකන් ඇහුවා SUITE එකකට අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද කියලා ..මෙන්න බොලේ වැඩේ හරි ගියා කෙලින්ම Presidential Suite එක සෙට් කළා.

    lb7k8.jpg

    ඔය තියෙන්නේ SUITE එකට ඇතුල් උන ගමන් තියෙන හෝල් එක.ඕක දෙපැත්තේ ෆැමිලි රූමස් දෙකක් තියෙනවා.

    2j45574.jpg

    ඔය බෙඩ් රූම් එක.


    ටොයිලට් එක එහෙම පට්ට.Jacuzzi එකට බැස්සම කෙලින්ම සීගිරිය පෙන්නේ .ආ තව දෙයක් මේ හෝටලේ සීගිරිය විව් සහ ලේක් විව් කියල වින්ග් දෙකක් තියෙනවා.මේක තියෙන්නේ එක රූම් එකක් සීගිරිය විව් අනිත් රූම් එක ලේක් විව්.
    k9f8di.jpg




    අපි රෑ කෑම ඉදල තමා ෆුල් බෝර්ඩ් එකට ඇග්රී උනේ ,අපි එනකොට දවල්ට කාල ආව මගින් ,ඉතින් ඊට පස්සේ අපි පූල් එකට ගියා .මේකේ නැටුරල් පූල් එකක් ,ඉන්ෆිනිටි පූල් එකක් සහ නොර්මල් පූල් එකක් ඔක්කොම පූල් 3ක් තියෙනවා .

    ඉන්ෆිනිටි පූල් එකේ පින්තුරයක්
    2j4y785.jpg

    පූල් එකේ නාල හවස් වෙලා අපි කන්ඩලම වැවට ඇවිදගෙන ගියා
    ඒ යන අතරතුර



    කන්ඩලම වැව ලඟට ගියාම හෝටලේ පෙනෙන විදිය
    2nu67ns.jpg

    kbq8at.jpg

    අලි රයිඩ් එහෙමත් තියෙනවා
    2w7328n.jpg




    කන්ඩලම වැව ලඟ තියෙන මහා රුක්ෂය
    vytc11.jpg

    බුෆේ එකේ පින්තුර නම් ගන්න ගියේ නෑ.ඒක දැක්කම ගිලගෙන ගිලගෙන ගියා.අනිත් එක මම ඊට පස්සේ තව සැරයක් ගියා එච්චරටම ආසා හිතුන.යනවනම් සතිඅන්තයක් අල්ලලා යන්න මචන්.සෙනසුරාදා රෑ බුෆේ එක නම් පට්ට.සෙනසුරාදා රෑ ඉන්න බලන් යන්න.අනිත් දේ තමා මේකේ දෙන එළවලු පලතුරු ගොඩක් එව්ව හෝටලේ වට පිටාවෙන් හදන එව්වලු. රෑ කෑමට කලින් හොටෙල් එකෙන් ඔර්ගනයිස් කරපු මැජික් ෂෝ,රෑ කෑමට පස්සේ ඩිනර් ඩාන්ස් එහෙමත් තියෙනවා.හොටෙල් එක අවට ඉන්න අයට මේගොල්ලෝ රස්සාවල් එහෙමත් දීල තියෙනවා කියල අපි යන ගමන් ඒ අවට මිනිස්සු කිව්ව.කට්ටිය ගිහින්ම බලන්න
    o0co3.jpg

    BUMP එකක් වත් දාගෙන යන්න
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කෝරලේමහත්තයා;20283131 said:
    ලොබි එකේ කඩපු කලු ගල ඉතිරි කරල තියෙනව ඒකෙන් මාර ලස්සනක් එන්නේ..

    ඔව් මචන් පට්ට ඒක :)