දුම්රිය වර්ජනය අත්හිටුවයි
හෙට (6) ක්රියාත්මක කිරීමට සැළසුම් කර තිබු දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.
අගමැතිවරයා සමඟ වෘත්තිය සමිති සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.
මත්ද්රව්ය ප්රවාහනයට හා ජාවාරමට දුම්රිය සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්යවරයා සිදු කළ ප්රකාශයක් මාධ්යයේ පලවීමත් සමඟ එයට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් අද මධ්යම රාත්රියේ සිට වර්ජනයකට සූදානම් වි තිබුණි.
කෙසේ වෙතත් අගමැති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
http://sinhala.adaderana.lk/