දකුණු ඉන්දියාවෙන් හෙට්ටි/චෙට්ටි කියලා ජන කොටසක් ආවා. වෙළඳාම තමයි ගොඩක් කරේ. මධුර ජවනිකා නාට්‍යයේ සිංදුවකුත් තියෙනවා "හෙට්ටි හැත්ත පිරුනා කොලෝමපුරේට " කියලා. අර සකිසඳ එලියස් එකෙත් හෙට්ටියෙක්ගේ චරිතයක් තියෙන්නේ. කොළඹ හෙට්ටි වීදියට නම ලැබුනෙත් මෙයාලගෙන් . දෙමල බාශාව තමයි මුලින් කතා කරේ. එයාලා දැන් ගොඩක් සිංහල සමාජයට එකතු වෙලා, කලාවන් වෙලා. වෙනම අනන්‍යතාවයක් හොයන්නත් අමාරුයි දැන්.
එයාලගෙන් පැවත ගෙන එන උන්ට තමයි තමයි හෙට්ටිගේ, හෙට්ටිආරච්චි, ආදිහෙට්ටි, කාසිචෙට්ටි, හෙට්ටිවත්ත, හෙට්ටිගොඩ වගේ නම් තියෙන්නේ.