1903 දෙසැම්බර් 17 වන දින රයිට් සහොදරයන් ගේ උත්සහයේ ප්‍රතිපලයක් ලෙස පළමූ ගුවන් යානා තරණය
ඉතිහාසගත විය. 1911 සැප්තැම්බර් 12 වෙනි දින Cohn Brown විසින් ශ්‍රි ලංකාවට ( එකල හැදින්වුනේ සිලොන් යන නමිනි)මුලින්ම ගෙන්විය. එතැන් පටන්
පළමු ලෝක යුද්දය තෙක් ලංකාව තුල විටින් විට ගුවන් ගමන් වාර්තා විය.
පසුව ශ්‍රි ලංකාවට නිදහස ලැමිමට පෙර 1947 ගණන් වල මෙරට ගුවන් සේවයක් අරම්භ කිරිමට අඩිතාලම වැටුනි. එහි ප්‍රතිපලයක්
ලෙස නිල වශයෙන් DC-3 වර්ගයේ ගුවන් යනා 3ක් ඉන්දියාවෙන් ගෙන්වන ලදී. ඒම ගුවන් යනා තුන සීතා දේවි,
විහාරමහා දේවි සහා සුනෙත්‍රා දේවි ලෙස නම් කර ඇත.( සමහර ස්තානවල හැදින්වෙන විදිහට මේම ගුවන් යනා තුන
පාලනය කර ඇත්තේ Ceylon Airways සමාගම මගින්ය.)
1948 නිදහස ලැබිමෙන් පසුව ඕස්ට්‍රෙලියානූ ජාතික ගුවන් සේවයත් සමග එක්වි 1949 දී Air Ceylon නමින්
නව DC-4 ගුවන් යනා 2ක් සමග රත්මාලන ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන ලදි. ඒම ගුවන් යනා දෙක
ලක්ශපාන සහා රත්මලාන ලෙස නම් කර තිබින.1953 දි ඕස්ට්‍රේලියනු ගුවන් සමාගම සමග තිබු ගිවිසුම අවසන් විය.
නැවත 1956 දි KLM Royal Dutch Airlines සමග නව ගිවිසුමකට අත්සන් තැබිය. ඒම ගිවිසුමත් සමග Lockheed 749 Constellation
වර්ගයේ ගුවන් යානයක් අන්තර්ජාතික සේවය සදහා ලැබුනි. පසුව Lockheed 1049 Super Constellation සහා
Lockheed 188 Electra turboprop ගුවන් යනා දෙකකුත් ලබා දෙන ලදි.
1962 කීපදෙකෙකුගේ සහායොගිතාවයකින් DH 106 Comet යානා 4ක් යොදා කටුනායක සිට ලන්ඩන් සදහා ගමන් වාර අරම්භ
කරන ලදි. පසුව ඒමා යනා 4 ඉවත් කොට ඒ වෙනුවට Vickers VC10 යනා යොදාගෙන ඇත.
පසුව විටින් විට සේවය සදහා Hawker Siddeley HS 748 යනා 2ක්,Aerospatiale N 262, Douglas DC-8 සහා Boeing 720 යනා එක් කරන ලදි.
අවසානයේ ලන්ඩන්,සජා,කයිරෝ, පැරිසිය, රෝමය ඇතුලු ගමනාන්ත 15ට අදික සංකඛයාවකට සේවය ලබා දෙමින් තිබු
Air Ceylon ගුවන් සේවය බලවත් පාඩු ලැබිමට ලක් වූ නිසා 1978 දි නිල වශයෙන් වසා දමන ලදී.
එකල රත්මලාන ගුවන් තොටුපල දිස් වු අකාරය.
මූල් කාලයේ භාවිතා කල DC-3 වර්ගයේ යානයක්.
Lockheed 749 ගුවන් යානයක්.
Lockheed 1049 ගුවන් යානයක්.
Lockheed 188 වර්ගයෙ යානයක්.
Boeing 720 යානයක්.
Air Ceylon.
1978 Air Ceylon වසා දැමිමෙන් පසු නැවත Air Lanka ලෙස නැවත 1979 දි ස්තාපනය කරන ලදි.
මේ ගැන වෙනම ත්‍රෙඩ් එකකින් පැහැදිලි කර දෙන්නම්.
********
Last edited:






