History of the Apple iPhone - (PART 02) iPhone යේ නොදන්න ඉතිහාසය - දෙවනි කොටස

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    History of the Apple iPhone - (PART 02) iPhone යේ නොදන්න ඉතිහාසය - දෙවනි කොටස

    මීට කලින් iPhone යේ නොදන්න ඉතිහාසය ගැන ඉදිරිපත් කල ලිපියේ
    දෙවනි කොටස තමා මේ... :D
    ලියලා දාන්න නම් ටිකක් කල් ගියා... :)
    බොහෝ දෙනා iPhone ගැන දැන හිටියට ඒ ගැන විස්තර වෙනස් කම් ගැන වැඩිය හොයලා නොබලන හින්දා තමා ඒ ගැන දාන්න හිතුවෙත්..
    :yes::yes:
    Chamikawpblogspotcom16-4.jpg


    හරි.. ;)
    පලවෙනි කොටස බැලුවේ නැති අයට මෙතනින් ඒක බලලා ඉන්න පුළුවන්.. :yes:

    ඒ ඉවර කරපු තැන ඉදලා තමා අද මේ පටන් ගන්නේ!!
    වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා
    ජයාරූප විස්තර සොයාගත්තේ ..
    ඉතින් බලලා යමක් ගන්න පුළුවන් වුනානම්
    අදහසක් ඉදිරිපත් කරන්න කියලත් ඉල්ලා සිටිනවා..! :D

    2008 වර්ෂයේදී....
    ප්‍රථමiPhone යෙන් අවුරුදු 1 මාස 06 පසු iPhone 3G 2008 ජුනි 09 දින WWDC හීදී හදුන්වා දුන් අතර 2008/07/11 වන විට ලොව රටවල් 22 ක බෙදා හැර තිබුනි.මෙහි පිට පෙනුම කිසි වෙනසක් නොවු අතර 3G මගින් අන්තර්ජාලය තුල දි වේගය වැඩි කිරිමට සලසා තිබුනි. :)
    මේ ඇපල් අයි ෆෝනයේ දෙවන පරම්පරාව වන අතර එහි ඇති පහසුකම් පහත දැක්වේ...
    Chamikawpblogspotcom1-12.jpg

    iPhone ය හා වැඩ කරන ඒ වාගේ ම ඕනෑම කෙනෙකුට ලියා එක්කිරිමට හැකි ඇප්ලිකේෂන් වර්ග හදුන්වා දීමට මෙම iPhone3G ෆෝනයත් සමඟම ඇපල් සමාගම කටයුතු කරන ලදි. :D
    ඒ සඳහා App Store නමින් ගබඩාවක්ද අන්තර්ජාලයේ හදුන්වා දුන් අතරම එය ඇපල් සමාගමේ ප්‍රධාන අංගයක් ලෙසද හැදින්විය හැකිය. මේ වන විට එහි 500,000 ට එහා ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ඇති අතරම 200ට වඩා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත.
    මේ තියෙන්නේ ඒ ගැන වු රූපවාහිනි දැන්වීමක්... :D


    මේවා අතර Game, GPS Navigation, මෙන්ම සමාජ ජාලා ආදි විවිධ දේ වේ. මේ iPhone 3G සමග 2008/07/10 500ක් පමණ වු ඇප්ලිකේෂන් ප්‍රමාණය 2008/12/05 වන විටදී 10,000 දක්වා වැඩි වු අතර මිලියන 300 ක් ඒවා බාගත කර තිබුනි.

    2009 වර්ෂයේදී....:eek:
    iPhone 3Gs ලෙස ඇපල් අයි ෆෝනයේ තුන්වන පරම්පරාව 2009/06/08 දින ප්‍රකාශයට පත්කරමින් 2009/06/19 දින වෙළද පොලට එක්කරන ලදි. :D
    නමෙහි පසුව වු “ s “ අකුර හැරෙන්නට පිටත පෙනුම
    පෙර දුරකතනය හා කිසිදු වෙනසක් නොවිනි.
    “ s “ Speed - වේගය යන්න දැක්වීමට යොදා ගෙන තිබුනි. :shocked:
    Chamikawpblogspotcom2-11.jpg

    එහෙත් මෙහි ඇතුලතින් දියුනු කරන ලද CPU එකක්,කැමරාවක් හා හොද මතක ධාරිතාවයක් මේ සඳහා එක්කොට තිබුනි.

    අයිෆෝනයට ම විශේෂිත වු iOS එනම් පෙර iPhone Operating system ලෙස හැදින්වු හා iPad හා iPod සඳහා පමණක් යොදන ලද පද්ධතිය iPhone 3Gs සමඟ අයිෆෝනයටත් එක් කරන ලදි.
    එය iOS 3.0 නම් විය.:eek:

    Copy and Paste ක්‍රමය හා A-GPS Location හා මාලිමාවක්ද මෙයට එකතු කර තිබුනි. iPhone 3Gs මිල ගණන් 3G ෆෝනයෙන් භාගයක්ම මිල අඩු කොට මිල නියම කොට තිබුනි.මිලියන යකට වඩා වු ෆෝන් ප්‍රමාණයක් පළමු සතියේම අලෙවි තිබුනි.

    2010 වර්ෂයේදී.... :eek:
    ඡන්ද විමසුමකින් වරක් පෘතුවියේ බිහිවු හොදම ජංගම දුරකතනය ලෙස තේරුනු 2010/06/07 ඇපල් සමාගම ප්‍රකාශයට පත්කල iPhone 4 අයිෆෝනය හතරවන පරම්පරාව ලෙස 2010/06/24 දින නිකුත් කරන ලදි.
    :cool::cool::cool:
    Chamikawpblogspotcom3-11.jpg


    960X640 රෙසලුෂන් සහිත වු අතර විඩියෝ කෝල් පහසුකම හෙවත් දැන්
    Apple Face Time පහසුකමද මෙයට ඇතුලත් වුනා.



    iOS 4.0Operating system එක ඇතුලත් කර අතර Apple A4 නම් වු ප්‍රොසෙසරයක්, 512 MB eRam එකක් සහිත වු අතර තවත් විශාල වෙනසක් ලෙස මලනොබැදෙන ඇන්ටනාවක් ලෙස ක්‍රියාකරන වානේ කවරය හැදින්විය හැක.

    2011 වර්ෂයේදී.... :eek:

    iPhone 4s
    “ The Most amazing iPhone yet “



    දැක්කා නේද උඩ තියෙන විඩියෝව..:shocked:
    බොහෝ දෙනා කලින් දකින්න ඇති.. ;)
    නොදැක්ක අය දැන් දකින්නත් ඇති!

    අලුත්ම iOS 5.0 සමඟ තවත් දියුණු කරන ලද කැමරාව

    අලුත් කලා වු A5 වර්ගයේ ප්‍රොසෙසරය සමඟ ඇපල් හි පස්වන පරම්පරාව ලෙස 2011/10/04 දින ප්‍රකාශයට පත්කරමින් 2011/10/14 දින වෙළඳ පොළට හදුන්වා දෙන ලදි.පෙර ඇපල් දුරකතන වලට වඩා තියුනු පෙනුමක්ද ඇතුලත මෙන්ම පිටත පෙනුමද , Siri නම් වු අපගේ වචනයට කටහඩ අදුනා ගනිමින් ඒ අනුව ක්‍රියාකරන සහයිකාවද වැඩිම අවධානයක් දිනා ගෙන ඇත. :yes::yes:

    “ The Most amazing iPhone yet “ ලෙස පාඨය සමඟ ඉදිරිපත් කල මෙම දුරකතනය මුල් දින 03 තුලදි මිලියන 1.7 ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තිබුනි. :yes::yes:

    iPhone 4s මිලදී ගැනීමට විවධ නගර වල පිරි සිටි සෙනඟ තමා මේ ඉන්නේ!!

    Chamikawpblogspotcom5-12.jpg


    Chamikawpblogspotcom6-10.jpg


    දන්නවද බලන්න මේ කවුද කියලා..
    6.gif


    Chamikawpblogspotcom7-9.jpg

    මේ ඉන්නේ ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak)
    මේ පුද්ගලයා එක්ක එකතු වෙලා තමා ස්ටිව් ජොබ්ස් මහත්තයා තමන් ගේ ඇපල් සමාගම මුලින්ම පටන් ගත්තේ!!
    ඒ ගැන වැඩි තොරතුරු මෙතනින් බලන්න..

    මෙයත් අයි පොන් එකක් ගන්න ඇවිල්ලා..

    Chamikawpblogspotcom8-6.jpg


    ආ....තවත් ටිකක් තියෙනවා !!

    මොනාද ඒ?? :shocked:
    iPhone යේ ගොඩාක් දෙනෙක් නොදන්නා තොරතුරු ටිකක් ...:yes:
    ඒකත් ඉක්මනින්ම එලකිරිය පැත්තට දාන්න තමා බලාපොරොත්තුව.. :D

    මොකද කියන්නේ ගමුද iPhone එකක්??;)
    උපුටා ගත්තේ මෙතනින්...
    ;)
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව.....



     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ඈල් වතුරට උල් පිහීයෙන් ඈන්න වගෙ සුපිරීම සුපීරී මචන්zzzzzz..........!!!!!!!!