HIV හැදුන අය සමාජයෙන් කොන් කරන්න ඕනිද?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
HIV හැදුන අය සමාජයෙන් කොන් කරන්න ඕනිද?

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද


attachment.php




HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන ආකාරය ගැන නොයෙකුත් අසත්‍ය තොරතුරු පවා සමාජ ගත වුණා.



HIV රෝගය දරුණු රෝගයක් ද?
ඇයි මේ රෝගය මේ තරම් දරුණු එකක් වෙන්නේ…?? ඇයි මේක භයානක වෙන්නේ කියන එක ගැන අද වෙනවිට සමාජය දැනුවත්. හැබැයි රෝගය වැළඳෙන ආකාරය ගැන කොයි තරම් දැනුවත් වුණත් මිනිස්සු මේ රෝගය වැළඳුනු රෝගීන් කෙරෙහි දක්වන සැළකීම ගැන නම් සතුටු වෙන්න බෑ. ගොඩක් අයට අමතක නැතුව ඇති පසුගිය කාලයේ කුලියාපිටිය ප්‍රදේශයේ මේ වයිරසය හුළඟින් බෝ වෙනවා කියලා පැතිරුනු ආරංචිය. ඉතිං ඒ වගේ වෙලාවට හිතෙනවා සමාජයේ මේ ගැන දැනුම ඉතාම අල්පයි. එහෙමත් නැත්තන් දැනුමක් ඇත්තෙම නෑ කියලා. අපි ජීවත්වෙන්නේ විසි එක්වෙනි සියවසේ වුණත් ලංකාවේ සමාජයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කිරීම මීට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතුයි.



HIV ආසාධිතයෙකුට සමාජයේ ලැබිය යුතු ස්ථානය කුමක්ද?
ඒඩ්ස් එහෙමත් නැත්නම් එච්.අයි.වී ශරීරගත වූ පුද්ගලයෙකුට සමාජයේ ලැබෙන්න ඕන ස්ථානය මොකක්ද..? මේ වයිරසය ශරීර ගත වීම සිදුවන්නේ නොදැනුවත්ව. වැරදි ලිංගික ක්‍රියාකාරකම් නිසාම මේ රෝගය වැළඳෙන්නේ නෑ. හැබැයි මේක හුළඟෙන්වත්, ස්පර්ශයෙන්, ළඟ වාඩි වුණාට, එක බත් එක බෙදන් කෑවට, සෙල්ලම් කළාට නම් මේ රෝගය වැළඳෙන්නෙත් නෑ.



සාමාන්‍යයෙන් මේ රෝගය වැළඳුනු පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සිදුකිරීම් කරන්නේ රහසිගතව. රෝහල් වල සාමාජ රෝග ප්‍රතිකාර අංශ ඒ සඳහා බැඳී සිටිනවා වගේම ඔවුන්ට වගකීමක් තියෙනවා සෑම රෝගියෙකුගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් එලෙස සිදුනොවන අවස්ථා වල එම රෝගීන් මුහුණ දෙන අපහසුතාවයන් ඉතාම සෝචනීයයි. ඇතැම් විට ඒ අපහසුතාවයේ අවසාන ප්‍රථිපලය වන්නේ සිය දිවි හානිකරගැනීම.

attachment.php



නමුත් සිදුවිය යුතුවන්නේ එය නොවේ. මෙවන් රෝගීන් සමාජය විසින් හඳුනාගෙන ඇත්නම් ඔවුන්ට අපහසුතාවයකින් තොරව සිය ජීවිතය පවත්වාගෙන යාමට සියළුම දෙනාගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. රෝගය වැළඳුනු රෝගීන් ඇතැම් විට හඳුනාගන්නේ ඔවුන් මිය ගිය පසුවයි. මෙම වයිරසය ශරීරගත වී රෝග ලක්ෂණ පෙන්වීම සඳහා දිගු කලක් ගතවීම එයට හේතුවයි.



attachment.php


මේ වෛරසය බලපාන්නේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට බැවින් සුළු රෝගයක් වැළඳුනු විටද ඒ සඳහා කෙතරම් ප්‍රතිකාර සිදුකළද සුව වෙන්නේ නෑ. ඒක නිසා තමයි මේ රෝගය භයානක රෝගයක් ලෙස සැළකෙන්නේ. නමුත් කිසිම පුද්ගලයෙකු දැනුවත්ව මේ රෝගයට නෙමෙයි කිසිම රෝගකාරකයකට ගොදුරු වෙන්න සූදානම් නෑ. මේ වයිරසය ශරීර ගත වූ සැනින් ඒ ගැන දැනුවත් වෙන්න තරම් තාක්ෂණයක් නෑ.



HIV

මෙම ආසාධිත රෝගීන් සමාජයෙන් කොන් කල යුතුද?
මේ රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද..? නෑ.. කිසි ලෙසකින් එය සිදු නොකළ යුතුයි. එය ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට වඩා මානසික සෞඛ්‍යය සඳහා බලපානවා. ඇතැම් විට එය සමාජයෙන් පලිගැනීමක් දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. ඔවුන් සිය රෝගය පිළිබඳව දැනුවත් වී සමාජයෙන් තමන්ට එල්ල වන බලපෑම් හේතු කොටගෙන එය අනෙකුත් නීරෝගි ජන කොටසට බෝ කිරීම උදෙසා රෝග වාහකයෙකු ලෙස වුවද ක්‍රියාකිරීමට පෙළඹිය හැකි වෙනවා. එවන් අවදානම් තත්වයකට ජන සමාජය පත් කිරීමට වඩා එම රෝගීන් හට වෙනස් කමක් සිදු නොකර සැළකීම අප කාගේත් යහපත් සෞඛ්‍ය සඳහාද උපකාරි වෙනවා.



ඇතැම්විට දෙමව්පියන් රෝගී වුවත් දරුවන්ට එම රෝගය නොවැළඳුනු නීරෝගී දරුවන් වෙන්න පුළුවන්. එවන් අවස්ථා වල එම දරුවන් හට සමාජයෙන් එල්ලවන බලපෑම් අවම කළ යුතු වෙනවා. මේ රෝගය ජානගත රෝගයක් නෙමෙයි. ඒක නිසා අම්මා තාත්තා හෝ පවුලේ වෙනත් අයෙකුට එම රෝගය තිබීම විවාහයට බාධාවක් වෙන්නෙත් නෑ. දරුවන්ට රෝගය වැළඳී තිබුණත් නැතත් එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට කිසි ලෙසකින්වත් බාධාවක් නොවියයුතු අතර එම පාසල් වල විදුහල්පතිවරුන් ගුරු මණ්ඩලය පවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසිලෙස කරගෙන යාමට හැකි උපරිම අයුරින් දායක විය යුතුයි.



මේ රෝගය ගැන නිවැරදි දැනුමක් නැති නිසාම තමයි සමාජය අනියත බියක් ඒ ගැන ඇතිකරගෙන තියෙන්නේ. නමුත් ඒ ගැන පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සහ සමාජ රෝග පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මීට වඩා ක්‍රියාත්මක යුතු වෙනවා.



HIV



නමුත් ලෝකයේ අනෙකුත් රටවල් හා ශ්‍රී ලංකාව සැසඳීමේදී අපේ රට තුළ මෙවන් රෝග ගැන හා එවන් රෝගීන් ගැන ඇත්තේ ඉතාම අවර ගණයේ සැළකීමක්. අනෙකුත් රටවල් වල එවන් රෝගීන් සඳහා සැළකිලිමත්වීම ඉතා උසස් මට්ටමක පවතිනවා. ඔවුන් එවන් රෝගීන් හට සමාජය තුළ සාමාන්‍ය ලෙස ජීවත් වීමට ඉඩහසර ලබා දී තිබෙනවා.



මොහොතක් සිතන්න, ඔබ හෝ ඔබේ පවුලේ අයෙකු නොදැනුවත්ව HIV ආසාදිතයෙකු වී සමාජයෙන් ඔබව පිළිකුල් කරමින් ක්‍රියා කළොත් ඔබ පත්වන තත්වය. “අපිට ඕවා හැදෙන්නේ නෑ.. ” කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද…? බැහැ නේද…?? එවන් රෝගීන් කෙරෙහි හැකි සෑම විටම සංවේදි වෙන්න. ඔවුන් ජීවිතේ බලාපොරොත්තු විරහිතව ජීවත් වෙන පිරිසක්. සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකු මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. වයස් භේදයකුත් නෑ. නමුත් එහෙම වුණා කියලා ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගන්න අපට අයිතියක් නෑ. ඔවුන් ජීවිතේ හැරදමා යන්න තියෙන ප්‍රවණතාව අපිට වඩා සිය ගුණයකින් වැඩියි. මොකද පොඩි හෙම්බිරිස්සාවක් කැස්සක් වුණත් ඇති ඔවුන්ගේ ජීවිතය නතර වෙන්න.




attachment.php


හෙට ගැන බලාපොරොත්තු විරහිත එවන් අසරණ ජීවිත පිළිබඳව උපේක්ෂා සහගත හැඟීමකින් කටයුතු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආදරය කරුණාව රැකවරණය ලබා දීම ඔබ අප ලත් මනුස්ස ජීවිතයට වඩාත් වටිනාකමක් ලබා දේවි.



©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල




Positive Women’s Network හි නිර්මාතෘවරිය වන ප්‍රින්සි මංගලිකා මහත්මිය thewoman.lk වෙත දැක් වූ අදහස් සහ ඇගේ ජිවිත කතාව පහත විඩියෝවෙන් නරඹන්න .


උපුටා ගැනීම http://thewoman.lk/

http://thewoman.lk/hiv-patients-marginalized-society/
 

Attachments

  • hiv aids thewoman.lk 6.jpg
    hiv aids thewoman.lk 6.jpg
    7.6 KB · Views: 1,761
  • hiv aids thewoman.lk 5.jpg
    hiv aids thewoman.lk 5.jpg
    7.7 KB · Views: 785
  • hiv aids thewoman.lk 1.jpg
    hiv aids thewoman.lk 1.jpg
    77 KB · Views: 592
  • hiv aids thewoman.lk 4.jpg
    hiv aids thewoman.lk 4.jpg
    83.7 KB · Views: 686
Last edited:

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
Itin meka pirimi ayata hadenne komada ? Hutte tiyena keri paiya atulata yanne nahane. Paiye tiyena kari thamai huttata yanne.:oo:
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    Itin meka pirimi ayata hadenne komada ? Hutte tiyena keri paiya atulata yanne nahane. Paiye tiyena kari thamai huttata yanne.:oo:

    ගිය ඒවා ආපහු කටිං සක් කරලා අරගන්න ගියහම තමයි එහෙම වෙන්නේ