HIV_භීතියෙන්_පාසැල_අහිමිවූ_දරුවාට_එංගලන්තය&#35

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    HIV_භීතියෙන්_පාසැල_අහිමිවූ_දරුවාට_එංගලන්තය#

    එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමි වූ දරුවාට එංගලන්තයෙන් ඇරයුම්…
    එච්.අයි.වී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සුදානම් වනවා.
    මහා බ්‍රිතානයේ පුරවැසිභාවය ලබාසිටින එම ශ්‍රී ලාංකික පිරිස නියෝජනය කරමින් සුරංග සංජීව විදානගේ මහතා සඳහන් කළේ, yournews.lk වෙබ් අඩවියේ “මෙන්න ඇත්ත” විශේෂාංගය යටතේ පළවූ වාර්තාව කියවූ තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.
    “දරුවකුගේ අනාගතය විනාශ කළ තීන්දුව” මැයෙන් පළ වූ එම වාර්තාව මගින් දරුවාට සහ මවට සමාජයෙන් අත්වූ දැඩි අසාධාරණය ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් ඇතුළු කණ්ඩායම කිසි විටකත් අනුමත නොකරන බව විදානගේ මහතා අප සමඟ ප්‍රකාශ කළා.
    දැඩි සමාජ අසාධාරණයකට ලක්වූ එවන් දරුවකුට සහ මවකට මහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් ඇති බව පශ්චාත් උපාධිධාරියෙකු වන විදනාගමගේ මහතා පෙන්වා දෙනවා.
    මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට අනුබද්ධව කටයුතු කරන විදානගේ මහතා දරුවා සමග එංගලන්තයට පැමිණීමට කැමැත්තක් දුරථනය ඔස්සේ මවගෙන් විමසා තිබෙනවා.
    මව පවසා ඇත්තේ, එංගලන්තයට යාම සිහිනයක් වුවත් ඊට තමන් කැමැති බවයි.
    මේ සම්බන්ධයෙන් අප දරුවාගේ මවගෙන් විමසීමක් කළා.
    ඇය සඳහන් කළේ, විදෙස්ගතවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට තමන්ට දැනුමක් නොමැති බවයි.
    කෙසේ වෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව සුරංග සංජීව විදානගේ මහතා පවසනවා.
    මේ අතර , yournews.lk වෙබ් අඩවියෙන් දරුවාගේ ප්‍රවෘත්තිය කිය වූ තුලාව facebook සංසදය ද දරුවාට සහ මවට විදෙස් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට සූදානම් බව අප සමග ප්‍රකාශ කළා.
    ලොව පුරා රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණයින්ගෙන් සැදුම් ලත් තුලාව සංසදයේ නිර්මාතෘ කවිදු පතිරණ මහතා yournews.lk වෙත සඳහන් කළේ, එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමිවූ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම සංසදය අවශ්‍ය පියවර ගන්නා බවයි.


    12670402_1086127008104257_8534951690523769240_n.jpg


    _88548731_boy.jpg


    12718238_10157260103750377_6828346930145183684_n.jpg
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අර ගම්බට්ටෝ ටිකට සමානාත්මතාව කියන එක දැන් වත් තේරෙනවා ඇති..
    නූගත් මෝඩ මිනිස්සු ටිකක්..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    offers අවට ඕවා ඇත්තටම ක්‍රියාත්මක වෙයිද මන්ද, ක්‍රියාත්මක උනොත් හොඳයි.

    කොහොම උනත් ඒ ගමේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. උන් ඒ විදියට හැසිරුනේ නැත්තම් , මේ ළමයත් ගමේ ඉස්කෝලෙම තමා හැමදාම
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    offers අවට ඕවා ඇත්තටම ක්‍රියාත්මක වෙයිද මන්ද, ක්‍රියාත්මක උනොත් හොඳයි.

    කොහොම උනත් ඒ ගමේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. උන් ඒ විදියට හැසිරුනේ නැත්තම් , මේ ළමයත් ගමේ ඉස්කෝලෙම තමා හැමදාම


    ගමේ ඉස්කොලෙකුත් නෑ බං..
    යන යන ඉස්කෝල වලිනුත් මේ පොඩිඑකා එලවනවනේ..:(
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දැන ගමේ ආච්චිල කියනව ඇති අන්න ඒඩ්ස් ගෑණිගෙ ළමය එංගලන්තෙ ජෝර්ජ් රජ්ජුරුවො මුණ ගැහෙන්න යනවකියල:D