ikman එකේ sports equipment section එකේ බලපන්, නිකන් බොරුවට eser/quantum වගේ තැන්වලට සල්ලි නාස්ති කරන්න එපා. bar/plates මළකඩ කාලාද නැත්තම් paint එක ගිහින්ද වගේ සූපින් වැරදි හොයන්න එපා, බාර් එක සමතලා පොළොවක තියලා රෝල් කරලා බලපන් නැමිලද කියලා, එච්චරයි. කිලෝ 70-80ක වගේ තියෙන සෙට් එකක් 10-15 අතර හොයාගන්න පුළුවන්.
උඹ olympic lifts කරන්න අදහසක් නැත්තම් bumper plates ගන්න එපා, තේරුමක් නැති වැඩක්.
තනියමනම් සෙල්ලම් කරන්නෙ මතක ඇතුව power rack එකක් හදාගනින්, කිලෝ සීයක් හමාරක් දාපු බාර් එකක් බෙල්ලට වැටෙනවට වඩා 20-25ක් වියදම් කරලා rack එකක් හදාගන්න එක ලාබයි.