Home Queen-Wife

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London

    148445_00_2x.jpg


    ඔබේ බිරිද, ඔබේ ලෝකයේ රැජින කර ගන්න

    ඔබේ බිරිද ආසම කරන දේවල් මොනවා දැයි කියා ඔබෙන් කවුරුන් හෝ ඇසුවහොත් , ඇය ආසම පාට, ආසම ඇදුම මොකක්ද කියලා ඔබ දන්නවද ?ඇත්තටම සමහර ස්වාමිවරුන් ඇගේ අසාවන් පිලිබදව කිසිම තැකීමක් කරන්නේ නෑ. නමුදු ඇගේ ජිවිතයේ අමතක නොවන දවස් ස්වාමියෙක් විදියට ඔබ අනිවාරයෙන්ම මතක තබා ගත යුතු නොවේද ඇගේ උපන්දිනය පවා ඔබට අමතක නම් ඇයට එය වේදනාවක් විය හැකිය.

    ඉතිහාසයේ පටන්ම කාන්තාව නින්දාවන්ට, අපහාසයන්ට පත් කර තිබෙන අවස්ථා අනන්තයි. ඇය මායකාරියක් බවත් පිරිමින් රවටන බවත් සමහරුන්ගේ අදහසයි. මේ විදියට පිරිමින්ගෙන් අපහාස විදින ඇයම තමා කෙදිනක හෝ තම ස්වාමියාගේ ලෝකය ලස්සන කරන්නේ.

    ඇතැම් පිරිමින් කාන්තාවන් සමග විවාහ වන්නේම දෑවැද්දක් බලාපොරොත්තුවෙනි. නමුදු කෙසේ හෝ දෑවැද්දක් නොලැබී ගියහොත් ඇයට මුහුණපාන්න සිදු වන්නේ අවාසනාවන්ත තත්වයකටය. නැන්දනියගේ, ස්වාමියාගේ කෙනෙහිලිකම් වලට මුහුණ පාන කාන්තාවන් අපි අතර සිටිනවා. ඉන්දියාවේ දහස් ගණනක් කාන්තාවන් දෑවැදි ප්‍රශ්න නිසා තාඩන පීඩන වලට ගොදුරු වෙනවා. ඉන්දියාවේ දරුවෙක් ඉපදීමට පෙර කළලය පරික්ෂා කොට ඇය ගැහැණු දරුවෙක් නම් ඒ කළලය විනාශ කරනු ලබනවා. ගැහැණු දරුවෙක් ලෙස කාන්තාවකට ඉපදිමටවත් ඇතැම් රටවල අවසරයක් නෑ.

    කොතරම් තම පෙම්වතා තම පෙම්වතියට ආදරේ කලත් විවාහයේදී ඇගේ කන්‍යාභාවය පිලිබදව සොයා බලන පිරිමින් අප අතර සිටිනවා. නමුදු ඔහු විවාහ වීමට පෙර බොහෝ කාන්තාවන් පිරිසක් ඇසුරු කර තිබිය හැකිය. පිරිමියෙක් සමග විවාහ වී කාන්තාවක් නිවසට එන්නේ ඔබේ ආරක්ෂාව, ඔබේ ආදරය නොඅඩුව ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. එසේම ඇය ඔබේ නිවසට එන්නේ තමන්ගේ ජිවිතයේ බොහෝ ආදරේ කරපු මව, පියා සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වීමෙනි. එම නිසා තම දෙමාවුපියන්ගෙන් , සහෝදරයන්ගෙන් ලැබුණු ආදරය ඇය අනිවාර්යෙන්ම ඔබෙගෙනුත් බලාපොරොත්තු වනු ඇත. අපි හැමෝටම ජිවත් වීමට ආදරය, සෙනෙහස අවශ්‍ය වනු ඇත. එය ඇයටත් පොදු කාරනාවකි. ඇයට සිටින එකම ආරක්ෂකයා, මිතුරා, සහෝදරයා ඔබය. දිනක ඔබ ඇයට පිටුපෑවොත් ඇය සදාකාලික තනි වනවා නියතය. විවාහයේදී පිරිමියාට වඩා විශාල කැප කිරීමක් කරනුයේ කාන්තාවයි. ඇය සියල්ල අත්හැර ඔබ වෙත පැමිණෙන්නේ ඔබ පිලිබදව ඇති පුර්ණ විශ්වාසය නිසාය.

    විවාහ වූ දා පටන් ඔබේ ජීවිතය ආලෝකමත් කරන්න ඇය අනන්තවත් වෙහෙසනවා ඇත. දරුවන් සමග දිනපතා අරගල කරමින් ඔබට සහාය වන බිරිදක් ලැබෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම වාසනාවන්ත විය යුතුය. එවැනි බිරිදක් ඔබට ලැබී ඇත්නම් ඔබ ඇයට ගරු කල යුතුය. ඇයව සතුටෙන් තිබිය යුතුය.

    විවාහයෙන් පසුව දරුවන් බිහි කරන්නට ඇය කොතරම් වේදනා විදින්නේ ද දරුවෙක් බොහෝ කාලයක් කුසේ දරා ගෙන බිහි කරන්න ඇය කොතරම් වෙහෙස වන්නේ ද බිරිද මවක් වූ විට ඇය අසලින්ම සිටින්න. එවැනි අවස්ථාවල ඔබේ පිහිට ඇයට අවශ්‍යය. ඔබේ ආරක්ෂාව, ආදරය, සෙනෙහස ඇයට ලබා දෙන්න. මන්ද ඇය දරා සිටින්නේ ඔබෙත් දරුවා නිසාය. ඇතැම් ස්වාමිවරුන්ගේ කාර්යබහුලත්වය නිසාම තම බිරිද ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. කොතරම් කාර්යබහුල වුවත් තම බිරිද සමග ගත කරන්න කාලය යොදා ගන්න. ගැබ් ගත් අවධියක් යනු කාන්තාවන්ගේ තිරනාත්මක අවස්ථාවකි.

    ඔබ වෙනුවෙන් මෙතරම් කැප කිරීමක් කරන ඔබේ බිරිද ඔබේ ලෝකයේ රැජින කර ගන්න.