ඔන්න මචන්ලා අද මම පෙන්නන්න යන්නේ ගෙදරදීම අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් පොඩි Bluetooth boombox එකක්.මම කලින් ත්‍රෙඩ් එකකදී පෙන්නුවා ටිකක් ලොකු boombox එකක් හදන හැටි ඒක බැලුවේ නැති යට පුළුවන් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒකත් බලාගන්න
Homemade Blutooth Boombox - DIY
මම මේ boombox එක හදන්න ගොඩක්ම බඩු ගත්තේ ebay එකෙන් , ඒ වගේම මේකේ පෙට්ටිය ( cover ) එක හැදුවේ අයින් කරලා දාපු toner box එකකින්. හරි අපි දැන් බලමු මොනාද මේක හදන්න ගන්න ඕනේ දේවල් කියල.
- Amplifier - 1 (2X10W)
- Speaker - 2 (10W)
- Bluetooth Audio Receiver - 1
- Buck Boost Converter - 2
- Li-Ion Rechargeable Battery - 3
- 3S Battery Management System - 1
- LED Voltmeter - 1
- Passive Radiator - 2
- Power On/Off Switch - 1
- DC Power Socket - 1
- Wire
- Solder
- Soldering Iron
- Hot Glue Sticks
- Hot Glue Gun
- Cardboard Box
- Safety Knife
හරි මම දැන් පෙන්නන්නම් අපි මේ ගන්න ඕනේ බඩු වල විස්තර.
Amplifier
මෙතැනදී මම ගත්තේ PAM8610 කියන IC එක එන Amplifier එකක්.මේකේ විස්තර මම පහලින් දාන්නම්.තව දෙයක් මේ amp එකට අපි 12V power supply එකක් දෙන්න ඕනේ.
Description
The PAM8610 is a 10W (per channel) stereo Class-D audio amplifier
with DC Volume Control which offers low THD+N (0.1%), low EMI,
and good PSRR thus high-quality sound reproduction. The 32 steps
DC volume control has a +32dB to -75dB range.
The PAM8610 runs off of a 7V to 15V supply at much higher
efficiency than competitors’ ICs.
The PAM8610 only requires very few external components,
significantly saving cost and board space.
The PAM8610 is available in a 40pin QFN 6mm*6mm package.
Features
- 10W @ 10%THD/Channel Output into a 8Ω Load at 13V
- Low Noise: -90dB
- Over 90% Efficiency
- 32 Step DC Volume Control from -75dB to +32dB
- With Shutdown/Mute/Fade Function
- Over Current , Thermal and Short-Circuit Protection
- Low THD+N
- Low Quiescent Current
- Pop Noise Suppression
- Small Package Outlines: Thin 40-pin QFN 6mm*6mm Package
- Pb-Free Package (RoHS Complaint)
Speaker
මෙතැනදී අපි Speakers තෝරගද්දී ගන්න ඕනේ අපි ගන්න amp එකට ගැලපෙන Speakers දෙකක්.මම මෙතැනදී ගත්තේ 10W Speakers දෙකක්.
Bluetooth Audio Receiver
අපි මේ ගන්න amp එකේ , built in Bluetooth නැහැ , ඒ නිසා අපිට සිද්ද වෙනවා වෙනම Bluetooth Audio Receiver එකක් connect කරන්න.තව දෙයක් මේ receiver එකට අපි 5V power supply එකක් දෙන්න ඕනේ.
ඊට අමතරව අනිත් කොටස් ගැන කියන්න විශේෂ දෙයක් නම් නැහැ. අපි දැන් බලමු කොහොමද අපි මේ උපකරණ එකට එක සම්බන්ද කරගන්නේ කියල.
මම දැන් පෙන්නනම් උඩ තියෙන පින්තුරයේ විදිහට තියෙන දේවල් නොම්බර පිළිවෙලට
01.DC Power Socket -මේ socket එකට තමයි අපි power pack එකේ power jack එක connect කරන්නේ , මෙතනට අපි 12V power supply එකක් connect කරන්න ඕනේ බැටරි pack එක charge කරගන්න.
02.BMS - මේකෙන් කරන්නේ බැටරි pack එක ආරක්ෂාකාරීව charge කිරීම සහ discharge කිරීම සිදු කරන්නේ , මෙතැනදී මම ගත්තේ 4S වර්ගයේ bms එකක් , මේ bms එකෙන් බැටරි 3ක් සම්බන්ධ කරන්න පුළුවන් , මේ bms එකට අපි 12V power supply එකක් දෙන්න ඕනේ , බැටරි pack එක charge කරන්න (බැටරි 3ක්).
03.Battery Pack - මේ තියෙන්නේ boombox එකට අවශ්‍ය බලය ලබාදෙන බැටරි pack එක , මම මෙතැනදී භාවිත කලේ Li-ion rechargeable බැටරි 3ක්.
04.Power Switch - මේ තියෙන්නේ power on/off switch එක.මේකෙන් අපිට අවශ්‍ය වෙලාවට boombox එක on කරන්න සහ off කරන්න පුළුවන්.
05.LED Voltmeter - මේක voltmeter එකක් , අපිට පුළුවන් මේකෙන් බලාගන්න බැටරි pack එකේ voltage එක.
06.Buck Boost Converter - මේ තියෙන්නේ වෝල්ටීයතා පාලකයක්. මෙකෙන අපිට පුළුවන් බැටරි pack එකෙන් දෙන voltage එක අඩු සහ වැඩි කරගන්න.මේ අවස්තාවේදී මේ converter එකෙන් බලය සපයන්නේ Bluetooth receiver එකට නිසා අපි මෙහි output voltage එක 5V වලට සීරුමාරු කරගන්න ඕනේ.
07.Bluetooth Audio Receiver - මේ තියෙන්නේ Bluetooth receiver එක , මේක වැඩ කරන්නේ 5V වලින් නිසා අපි මේකට 5V power supply එකක් දෙන්න ඕනේ. ඒ වගේම මේකෙන් audio output කරන්න තියෙන්නේ 3.5mm jack socket එකක්.
08.Buck Boost Converter - මේ තියෙන්නේ වෝල්ටීයතා පාලකයක්. මෙකෙන අපිට පුළුවන් බැටරි pack එකෙන් දෙන voltage එක අඩු සහ වැඩි කරගන්න.මේ අවස්තාවේදී මේ converter එකෙන් බලය සපයන්නේ Amplifier එකට නිසා අපි මෙහි output voltage එක 12V වලට සීරුමාරු කරගන්න ඕනේ.
09.Amplifier - මේක තමයි boombox එකේ හදවත , මේකෙන් තමයි Bluetooth receiver එකෙන් දෙන ශබ්ද සංඥාව වැඩි කරලා speaker වලට දෙන්නේ.මේ Amplifier එක වැඩ කරන්න 12V power supply එකක් දෙන්න ඕනේ.
10.Speaker - මේ දෙකෙන් තමයි Amplifier එකෙන් වැඩි කරලා දෙන ශබ්දය එලියට දෙන්නේ.මෙතැනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ Amplifier එකෙන් එලියට දෙන Watt ප්‍රමාණයට ගැලපෙන Watt ප්‍රමාණයක් දරාගන්න පුළුවන් speaker දෙකක් තෝරාගන්න.
මම කිව්වා දේවල් වල යම්කිසි අපැහැදිලි කමක් තියෙනවනම් මගේ කලින් ත්‍රෙඩ් එකට ගිහින් බලන්න , එකේදී මම මීට වඩා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1780901
තව මම කලින් Boombox එක හදන්න යොදා ගත්තේ MDF board එකක්.නමුත් මම මේකෙදි යොදාගත්තේ card board.මම ඒ සදහා ගත්තේ toner box එකක්.ඒ box එකේ card board එක ටිකක් ගනකම් නිසා කිසි අව්ලක් උනේ නැහැ.ඒ වගේම ඒ box එක අලවන්න සහ සිදුරු insulate කරන්න යොදා ගත්තේ hot glue.
ඔන්න ඔහොම තමයි වැඩේ කරන්නේ.පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද මම මගේ Mini Bluetooth Boombox එක හදල තියෙන්නේ කියල.
[FONT="]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]
Hacking Tutorial
How to generate Gmail App Password
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.
කට්ටියටම ජය වේවා.
Last edited:
rep++++
