Honda Civic EK3

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
EK3.jpg

Honda Civic EK3 කියන්නෙ මේ දිනවල පාවිච්චි කල වාහන වෙලඳපොලේ ඉහල ඉල්ලුමක් තියෙන වාහනයක්. වීශේෂයෙන්ම තරුණ පිරිස අතර Civic කොහොමත් ජනප්‍රියයි Honda Civic EK3 ගැන, එය මිලිදී ගන්න පෙර දැනුවත් විය යුතු කාරනා ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න අද අපි තීරණය කලා.

Civic යනු Honda ආයතනයේ ජනප්‍රියම මාදිලිය කීවොත් නිවැරදියි. අපි අද කතා කරන Civic EK මාදිලිය නිපදවීම 1995 අවසානයේ සිට 2000 දක්වා සිදුකරනු ලැබුවා. මෙහි නිෂ්පාදන වර්ගය අනුව මාදිලි දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම භාවිතා වන එන්ජිම අනුවත් තවත් මාදිලි කීපයකට බේදා වෙන්කරන්න පුලුවන්. පලමුව නිෂ්පාදන වර්ශය අනුව තියෙන මාදිලි දෙක අඳුර ගමු.

ප්‍රධාන වශයෙන් මෙම මාදිලි දෙක එකම එන්ජිම සහ චැසිය භාවිතා කලත්, වාහනයේ බඳ, අලෝක ලාම්පු සහ යම් උපාංග වල වෙනසක් දකින්න පුලුවන්. 1995 අග සිට 1998 දක්වා (සාමාන්‍යෙන් 96 සිට 00 දක්වා මෙම මාදිලිය පැමිණි බව සඳහන් වන නමුත් 95 වර්ෂය අග නිපදවූ රථ කීපයක් ලංකාවෙ ඇත) පැමිනි මාදිලියේ සහ 1999/2000 මාදිලියේ පිටිපස අලෝක බල්බ (rear lights) වල පිහිටීම අනුව මේ වෙනස හඳුනා ගනු ලබන අතර ඒ අනුව 1998 දක්වා මාදිලිය normal light ලෙසත් 99/00 මාදිලිය crystal light නැතිනම් rear crystal model ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයෙදි කියනව.


Comparison of EK3 rear lights

civic-exi.jpg



මීට අමතරව මෙහි bumpers, fog lights වල පහත වෙනස්කම් දකින්න පුලුවන්. 96/98 මාදිලිය bumper guards සහිතව පැමිනි අතර පසුව එය ඉවත් කරනු ලැබුවා. පහත රූප සටහනේ එය හොඳින් නිරීක්ෂණය කරන්න.

civic-ek3-bumper-fog-light-comparison
civic-ek3-bumper-fog-light-comparison.jpg


මේ තියෙන්නෙ නිෂ්පාදන අවුරුද්දෙන් EK3 එක අඳුර ගන්න ක්‍රමය. නමුත් තවත් වැදගත්ම දේ තමයි මෙහි තියෙන එන්ජිම අනුව සහ trim level අනුව කරන වර්ගීකරණය. සාමාන්‍යෙන් 99/00 මොඩල් එකේ මිල ටිකක් වැඩි උනත් භාවිතා වෙන එන්ජිම අනුවත් එසේ නැතිනම් trim level එක අනුවත් 99/00 මාදිලියට වඩා 96/98 මාදිලිය වැඩි වෙන්න පුලුවන් අවස්ථා තියෙනව.

භාවිතාවන එන්ජිම අනුව සිදුකරන වර්ගීකරණය – different trim levels
මෙහි ප්‍රධාන වශයෙන් VTEC, none VTEC ලෙස එන්ජින් වර්ග දෙකක් දකින්න පුලුවන්. VTEC හි අර්ථය වන්නේ Variable Valve Timing & Lift Electronic යන්නයි.

Exi – මෙය Single Overhead Cam (SOHC) එන්ජිමක් සහිතව none VTEC ලෙස 96 සිට 00 දක්වා පැමිනි අතර බොහෝ විට brand new imports ලෙස පැමිනි වාහන වේ. මෙය මූලික උපාංග සහිතව පැමිණි මෝටර් රථවේ.

Civic Exi logo
Civic Exi logo
Vi – මෙයද SOHC එන්ජිමක් වන නමුත් 3 stage VTEC තාක්ෂණය සහිතව පැමිනේ. මෙම තාක්ෂණය නිසා Economy mode එකේදි රථය 15Km/L වැනි ඉතා හොඳ fuel economy එකක් ලබා දෙනවා. ඒ වගේම මෙහි Power mode එකේදි රථයේ ඉතා හොඳ ව්‍යවර්ථයක් (torque) ලැබෙන නිසා වේගය වැඩි කර ගැනීම අනිත් මාදිලියට වඩා ඉක්මන්. ලංකාවෙ ඇති මෙම රථ JDM (Japanese domestic market) වන අතර power mirrors, power shutters, power antenna, climate control වැනි උපාංග ඇතුලත් වේ. මෙම මාදිලියේ ඉදිරි පස disk break තිරිංග පද්ධතියක් පැමිනි අතර, පසුපස break drums තිබෙනවා.

Vi-RS – මෙහි RS මගින් Road sailing යන අර්ථය දක්වන අතර ඉහත Vi රථයේ එන්ජිම (engine code – D15B) මේ රථයේත් දක්නට ලැබෙනවා. නමුත් මෙය 1999/2000 වර්ශවල පමණක් නිපදවනු ලැබුවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඉදිරිපස හා පසුපස රොද සියල්ලම disk break පද්ධතියකින් සමන්විත වීමයි. ඒ වාගේම Vi-RS රථය සඳහා නිපදවූ two tone ආසන සවිකර තිබෙනවා. තවද රථයේ front sway bar සහ anti roll bar මගින් suspension පද්ධතිය දියුණු කර තිබේ. මෙම රථ තුනෙන් වැඩිම ඉල්ලුම ViRS රථයට ඇති අතර Exi සඳාහා අවම ඉල්ලුමක් තිබෙනවා.

Vi-RS ලාංචන සහ ඉදිරිපස mesh grill බොහෝ දෙනා අනිත් වාහන වලටත් සවි කරන නිසා එහි dashboard එකේ ඇති පහත සලකුණු සහ චැසි අංකය සහිත ටැග් එක භාවිතා කරන්න පුලුවන්.

Vi-RS logo in dashboard & instrument cluster
VIRS-dashboard.jpg


VTi – මීට අමතරව ViRS රථයට පෙනුමෙන් බොහෝ සමාන Singapore version එක VTi ලෙස හැඳින්වෙන අතර මෙයද all 4 disk break සහිතව පැමිනෙනවා. මෙයද VTEC රථයක් වන අතර Vi හා ViRS වල භාවිතා වන එන්ජිම (engine code – D15Z) භාවිතා කරනවා. මීට අමතරව මෙහි ලෙදර් ආසන සහිත වනවා. Vi-RS රථය හා ඇති සමාන පෙනුම නිසා බොහෝ දෙනා මෙහි එම ලාංචන සවි කර, ඉදිරිපස ViRS සඳහාම එන mesh grill එකද මාරු කර ViRS පෙනුම ලබා ගැනීම සිදු කරනු ලබනවා. ඔබ EK3 රථයක් මිලදී ගැනීමේදී මේ සඳහා අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

SiR – මෙය EK4 ලෙස හඳුවන අතර 1996 සිට 2000 දක්වා නිපදවනු ලැබු මෙම රථය performance අරමුණු කරගෙන B16A එන්ජිමකින් පැමින තිබෙනවා. B16A යනු වේගය මූලික කරගත් DOHC (Dual Overhead Cam) VTEC එන්ජිමක්. මෙම වර්ගයේ ඉතාමත් සුලු රථ සංඛ්‍යාවක් ලංකාවෙ දකින්න පුලුවන්.

Mi – මෙම මාදිලියත් EK3 චැසි අංකය දරන අතර එහිද ඇත්තේ Exi රථයේ මෙන් D15B noneVTEC එන්ජිම වන නමුත් මෙහි CVT gearbox එකක් තිබෙනවා

LEV and RTi – මෙම රථ දෙකම D16A දරණ එන්ජිම සහිත වන අතර සාමාන්‍ය auto gearbox හෝ manual ගියර් පද්ධතිවලින් සමන්විත වෙනවා. මෙහි RTi රථයේ විශේෂත්වය වන්නෙ එය 4WD (four wheel drive) රථයක් වීමයි. LEV රථය EK8 චැසි අංකය දරණ අතර RTi රථය EK5 ලෙසයි හඳුන්වන්නේ.

මීට අමතරව චැසි අංක EK9 දරණ Tyep R රථය ඇති අතර එහි වැඩි දියුණු කල B16B එන්ජිමක් තිබෙනවා. මෙම රථය sedan/saloon ලෙස නොපැමිණෙන අතර එය hatchback මාදිලියක් ලෙසයි නිකුත් වී තිබෙන්නේ.



Civi EK3 රථයක් මිලදී ගැනීමේදි වැදගත් කරුණු.

EK3 රථයක් මිලදී ගන්න ඔබ අනිවාර්යයෙන්ම සැලකිය යුතු කරුනු කීපයක් තියෙනවා. ඉන් පලමු වැන්න ඉල්ලුමෙන් වැඩි VTEC (Vi/ViRS/VTi) රථයක් හඳුන්න ගැනීමයි. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නෙ එන්ජිමේ VTEC Solenoids තිබේදැයි පරික්ෂා කිරීමයි. මෙය ටැපට් කවරයේ (tappet cover) වම් පස කෙලවරේ දකින්න පුලුවන්. මෙම එන්ජින් ඛාණ්ඩ අංකයම දරන EG මාදිලියේ එක් VTEC solenoid පැමිණි අතර EK3 3 stage VTEC වල solenoid දෙකක් අනිවාර්යයෙන් පවතිනවා.

two VTEC solenoids in 3 stage VTEC
VTEC.jpg


මීට අමතරව ඔබ auto gearbox සහිත VTEC, එනම් ඉහත සඳහන් Vi, VTi, Vi-RS යන මාදිලිවලින් එකක් ගන්නවානම් ගියර් පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් පරික්ෂා කල යුතුයි. Honda ආයතනය විසින් Multimatic ලෙස නම් කල මෙහි CVT gear box එකක් තිබෙන අතර මේ සඳහා නියමිත CVT Oil භාවිතය අනිවාර්ය වෙනවා. මෙය නිසියාකාරව සිදු කර නැතිනම් කලක් ගිය පසු gear box එක මාරු කිරීම සිදු කල යුතුයි.


නියමාකාරයෙන් නඩත්තු නොකල Auto gear මෝටර් රථයක් උදැසන Cold start එකේදි (ඔයිල් නිසි උෂ්ණත්වයට පත් වීමට පෙර) ගියර් මාරු වීම හරියාකාරව සිදුනොවීම දකින්න පුලුවන්. මෙවිට එන්ජිමේ RPM ඉහල නැංවිය යුතු අතර එවිට 2000/3000 දී එක් වරම ගැස්සීමක් සමග ගියරය වැටිම දකින්න පුලුවන්. ඔබ කාර් එකක මිලදී ගන්න පලමු වරට පරික්ෂා කිරීමේ දි ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබ පරික්ෂා කරන විට වාහනය අයිතිකරු විසින් ධාවනය කර එන්ජිමේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමේ තිබේ නම් තිනම මෙම දෝෂය ඇති නොවන්න පුලුවන්. එම නිසා cold start තත්වයේදි වාහන පරික්ෂා කිරීම වැදගත්.


පහත රූපයේ auto gearbox (multimatic) ගියර් බොක්ස් එකක තියෙන switches පෙන්වා දී තිබෙනවා. මෙම switch භාවිතා කර ක්ෂණිකව gear ratio එක ඉහල දැමීම මගින් manual gearbox මෙන් ඉතා ඉක්මනින් වේගය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. මුල් මාදිලියේ මෙය ගියර් ලීවර් එක අසල පැමිනි අතර පසුව එය සුක්කානම වෙතට යොමු කර තිබෙනවා.
3-stage-vtec-cvt-gearbox-switches


මීට අමතරව මෙහි කාලයත් සමග idle RPM එකෙ අඩු වැඩි වීම දකින්නට ලැබෙනවා. නමුත් එය බර පතල තත්වයක් නෙවෙයි IACV (idle air control valve). එකේ දූවිලි බැඳී එහි ක්‍රීයා කාරිත්වය අඩපන වීමේන් මේ තත්වය බොහෝවිට දකින්න පුලුවන්. නමුත් එය පරික්ෂා කර ගැනීම වැදගත්. ඒ වාගේම සමහරු original ආපු single core radiator වෙනුවට dual core radiator සහ විශාල ප්‍රමාණයේ A/C condenser සවි කර තිබෙනවා. මේ ලංකාව වගේ රටකට සුදුසු modification එකක් කියල කියන්න පුලුවන්. ලංකාවෙ උෂ්ණත්වයත් සමග විශේෂයෙන්ම JDM models වල පැමිනි radiator සහ A/C කාරයක්ෂමතාව අඩු බවක් දකින්න ලැබෙනවා. ඉහත modification එකෙන් එය මග හරවා ගන්න පුලුවන්.


ඔබ පාවිච්චි කල වාහනයක් ලක්ෂ විස්සට අඩුවෙන් හෝ ඒ ආසන්න මිලට හොයනවානම් Civic EK3 කියන්නෙ හොඳ car එකක්. මෙහි විශේෂත්වය වන්නෙ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් වගේම යම් මට්ටමක බලයකිනුත් යුතු වීමයි (10/11Kmpl on none vtec models, 12/14Kmpl depends on traffic and driving style on VTEC models). ඒ වාගේම cosmetic modifications අඩු වන තරමට වාහනයේ ඉල්ලුම ඉහල බව දකින්න පුලුවන්. මේ ලිපියෙන් අපි EK3 ගැන ඔයාලට වැදගත් මූලික තොරතුරු කතා කලා. ඔයාලගෙ අදහස් අපේ මේ ලිපි පෙලට ඉතාම වැදගත්. මේ ගැන අදහස් වගේම තියෙන ගැටලුත් පහල comments වලින් අපිට ඉදිරිපත් කරයි කියල බලා පොරොත්තු වෙනවා.



http://www.autoguide.lk/civic-ek3-guide/


Repost නම් Sorry
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මගෙත් තිබ්බා ViRS එකක්. පට්ට බාන්ඩේ. gearbox නම් replace කරන්න වුනා. petrol efficiency එකත් සිරා යෑම වගේම. එකම දේ AC මදි දවල්ට