ගෙදරට වාහනයක් ගන්න හොයනවා යාලුවනේ ..උපරිම 75ක් වගේ බජට් එක..තිබ්බ කාර් එක විකුනලා ගානක් ආවා..ඉතුරු ටික අතින් දානවා...
මේකයි සීන් එක..හොන්ඩා වෙසල් 2017 එක ලක්ශ 70 ක් වගේ වෙද්දි ගන්න පුලුවන්...නමුත් ඉස්සර ඉදන්ම හයිබ්රිඩ් වලට ආස නැ..ලොකුවට දුවන්නෙත් නැ. .අනික හයිබ්රිඩ් ගත්ත අය අවුරුදු හතක් විතර යද්දි බැටරි කේස් වෙලා දුක් විදිනවා දැකලා තියනවා..කලින් තිබ්බෙත් patrol කාර් එකක්..patrol ඒවට තමයි ආස..අවුලක් නැතුව අවුරුදු දහයක්වත් දුවන්න ඕනි..කලින් කාර් එකත් අවුරුදු 8ක් විතර දිවුවා..නිතර වාහන මාරු කිරීමක් වෙන්නේ නැ අපේ ගෙදර..
ඉතින් එහෙම බලද්දි toyota chr 2017 patrol turbo එක. තමයි ගන්න වෙන්නේ..නමුත් කිසි දෙයක් දන්නේ නැ මේ වාහනේ ගැන...විස්තර දන්න අය විස්තර ටිකක් කියලා උදවුවක් කරොත් ලොකු උපකාරයක්