chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ගොඩ කාලෙකට පස්සෙ අලුතෙන් ත්‍රඩ් එකක් දාන්න හිතුන....... :yes::yes:

    අද මන් කතා කරන්න යන්නෙ Huawei Honor 6x කියන ෆෝන් එක ගැන (Huawei Mate 9 Lite, Huawei GR5 2017 කියන්නෙත් මේකටම තමයි).....


    2vtd1ec.jpg


    මුලින්ම කියන්න ඕන මේක හුදෙක් ජන හිත සුව පිණිස දාන එකක් මිසක් Brand එකක් Promote කරන්න හදනව එහෙම නෙමෙයි..... :no::no:

    මුලින්ම මේ තියෙන්නෙ ෆෝන් එකේ Ad කීපයක්.





    ප්‍රදාන වශයෙන් මේ ෆෝන් එකේ මොඩල් 2ක් එනවා.......

    1. BLN-L21 (මගේ ගාව තියෙන්නෙ මේ මොඩල් එක)

    2. BLN-AL10 (මම දන්න විදියට මේ මොඩ්ල් එකේ NFC නැහැ)

    මුලින්ම මේකෙ තියෙන Specs ගැන පොඩ්ඩක් බලලා ඉමු.


    2v0irfr.jpg


    ඒ වගේම මේ ෆෝන් එක 32GB රොම්/3GB රැම් හා 64GB රොම්/4GB රැම් කියලා මොඩ්ල් 2කුත් එනවා. මගේ ගාව තියෙන්නෙ 3GB version එක :D

    මේකෙ Screen එක ගැන කියනවනම් මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම Screen එක තමයි මේක.

    Type LTPS IPS LCD capacitive touchscreen, 16M colors
    Size 5.5 inches (~71.8% screen-to-body ratio)
    Resolution 1080 x 1920 pixels (~403 ppi pixel density)

    අංශක 170ක විතර හොද විව් එකක් තියෙනවා. ඒ වගේම තමයි Screen කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමට හොද Screen කොලිටි එකක් මේකෙ Screen එකට තියෙනවා. Color Density එක එහෙමත් ගොඩාක් හොද මට්ටමක තියෙනවා.

    HiSilicon Kirin 655 කියන්නේ ලෝකෙ තියෙන හොදම Chipset එකක් නෙමෙයි. ඒත් මේ Device එකේ තියෙන අනිත් දේවල් මේ Chip එකට හරියන්න හොදට හදල තියෙනවා කියන එක තමයි මගේ අදහස. දැනට ඇවිල්ල තියෙන ඕනම Game එකක් මේකෙ Play කරන්න පුලුවන්.

    Mali-T830MP2 කියන ග්‍රැෆික් Processor එක්කින් තමයි මේ Device එක හැඩගැන්විලා තියෙන්නෙ. කලින් කිව්ව වගේම මේකත් ලෝකෙ තියෙන හොදම එක නොවුනට මේකෙ ඕනම වැඩක් කරගන්න මේක හොදටම ප්‍රමානවත්.

    ඊලගට කියන්න ඕන Camera එක ගැන. මේකෙ Camera එක ඩුඅල් Camera (12MP + 2MP) එකක්. මේකෙ ෆොටෝ කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. මේ Video එක බලලා ඔයාලම තීරණ්ය කරන්න කොහොමද කියලා.




    Fingerprint Sensor එක ගැන කියනවනම් දැනට මාර්කට් එකේ තියෙන ෆෝන් වලින් ෆාස්ට් ම එක මේ ෆෝන් එකට තියෙනව කියල තමයි කියන්නෙ. මට නම් ඒක එච්චර වැදගත් නැති උනාට එකත් එක්ක එන features ටික තමයි ගොඩාක් වටින්නෙ. අපිට මේකෙ Screen එක අල්ලන්නෙ නැතුව Notification Panel එක පහලට ගන්න, ෆොටෝස් Swipe කරන්න වගේ පුන්චි වැඩකෑලි ටිකක් මේ Sensor එකත් එක්ක එනවා. වැඩි විස්තර මේ Video එකෙන් බලාගන්න.



    Battery එක ගැන කියනවනම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් තියෙන හොදම Non-removable 3340 mAh Battery එකක් තමයි මේකට තියෙන්නෙ. මට නම් හෙවි යුස් කරලා දවස් 2ක් විතර Battery එක යූස් කරන්න පුලුවන්.

    මේකෙ තියෙන අඩුපාඩු ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ.

    1. පළවෙනි එක තමයි Durability එක. Durability එක අතින් ගත්තම මේ ෆෝන් එක තියෙන්නෙ මද්‍යස්ත මට්ටමක. (මද්‍යස්ත මට්ටමටත් වඩා අඩුවෙන් කියලා කියන්නත් පුලුවන්.)
    මේ Video එක බලලම ඉතුරු ටික කතා කරමු.




    බජට් ෆෝන් එකක් හැටියට මේ ෆෝන් එකේ තියෙන Performance නම් ඉතාම ඉහලින් තියෙනවා. ඒත් කියන්න ඕනෙ මේක ගන්න හිතාගෙන කව්රුහරි ඉන්නවානම් Hard Use කරන්න නම් මේ ෆෝන් එක ගැලපෙන්නෙ නෑ. මම නම් මේ ෆෝන් එක පාවිච්චි කරන්නෙ බබෙක් වගේ. ඒක නිසා මේකෙ Durability එක මට ප්‍රශ්නයක් නැති නිසයි මන් මේක ගත්තෙ.

    2. ඊලග එක තමයි මේකෙ Screen එකට Protection එකක් නැති එක. කාසි, යතුරු වගේ දේවල් වලට Screen එක හීරෙන්න බලනවා. මන් නම් අරගත්ත ගමන් Screen Protector එකක් ගහගත්තා. :rolleyes:

    3. ඊලග එක තමයි මේකෙ Camera එකට OIS/EIS (Optical Image Stabilization / Electronic Image Stabilization) නැති එක. මේකෙ Image කොලිටි එක සුපිරි උනාට Video කරද්දි නම් හෙල්ලෙන ගතිය හොදට තේරෙනවා. ඒක නම් මට වෙච්ච ලොකු පාඩුවක්. :(

    4. ඊලග එක තමයි මේකෙ Wireless Charging නැති එක. මම හිතාගෙන හිටියෙ Wireless Charging එයි කියලා. ඒත් මේ ෆෝන් එකේ ඒක ආවෙ නෑ.ඒකත් මට වෙච්ච ලොකූ පාඩුවක්.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මම මේ ෆෝන් එක ගත්තෙ මගෙ අවශ්‍යතා වලට ගැලපුන නිසා හා මගෙ බජට් එකට හරිගිය නිසයි. ඔයාල හැමෝටම කියන්න තියෙන්නෙ තමන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් තමන්ගෙ අවශ්‍යතාවයට හා බජට් එකට ගැලපෙන විදියට බලලා ගන්න. මොකද අරගත්තට පස්සෙ ඒක ගැන සතුටු නැත්තම් අරගත්තු එකෙන් වැඩක් නැතිවෙන නිසා.
    මන් මේ දැම්මෙ මගේ අදහස් විතරයි. තව කෙනෙකුට වෙන අදහසක් හරි, විරුද්ද අදහසක් හරි තියෙන්න පුලුවන්. මොන අදහසක් උනත් තව කාට හරි බලාගන්න පුලුවන් විදියට Comment එකක් දාලා යන්න.

    රෙප් නොදුන්නට කමක් නෑ. Comment එක ඒ ඔක්කොටම වඩා වටිනවා. :yes::yes:

    සියලු දෙනාට ජය.
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    4C ekak dan awrudu ekahamaraka idan use kranwa 6x ekata yanna baluwe math. :yes: gathu dawase idan dapu apps tika ehmma thiynwa slow wela rest karanna une na anith android phones wage.

    +REP
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    4C ekak dan awrudu ekahamaraka idan use kranwa 6x ekata yanna baluwe math. :yes: gathu dawase idan dapu apps tika ehmma thiynwa slow wela rest karanna une na anith android phones wage.

    +REP

    Hodata hoyala balanna oyage wadeeta galapenawada kiyala...... Man kalin kiwva wage performance athin nam superb. eth durability eka athin nam superb naha. cover ekak ehema daala wattaganne nathuwa hodata use karanawanam kamak na...... ehema barinam ganna epa...... Jaya..:yes:
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මන් ගාව කලින් තිබුනේ Huawei හදපු Vodafone 858 කියන එක.. 2012 ගත්තේ තාම එලටම වෑඩ.. :love: හෑබයි Qualcomm Snapdragon S1 Chip-set එක.
    er_photo_150160.jpg



    පස්සේ 2016 දී Huawei P8 Lite එකක් ගත්තා. HiSilicon Kirin 620 Chipset එක තියෙන්නේ.. :angry::angry:

    එකම Manufacturer උනත් Chipset එකේ අවුල් තියෙනවා කියලා තේරුනේ මේක ගත්තහම තමා..
    GPS අවුල්.. අවුල් නෙමේ. හොදටම අවුල්. ඩොටේ පෑති පෙන්නන්නේ.. Connect වෙන්න විනාඩි 2ක් වත් යනවා. Signal strength හොදටම අඩුයි. Call drop වෙනවා හෑම තිස්සෙම.

    මට Huawei ගෑන තිබුන good impression එක සම්පූර්නයෙන් නෑති උනා මේක නිසා.. මීට පස්සේ Huawei ගත්තත්
    Qualcomm chipset එකක් තියෙන එකක් තමා ගන්නේ..
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    wiyadam karana gaanata hodatama watinawa. mama p8lite ekak use karanne awuruddakata wadie. habai mama aye huawei ekak ganne na EMUI nisa. epa wela thiyenne EMUI apple copyak wage cam ekath loku quality ekak na colors awl. aye android gannawanan pure android ena ekak tama ganne :D
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මන් ගාව කලින් තිබුනේ Huawei හදපු Vodafone 858 කියන එක.. 2012 ගත්තේ තාම එලටම වෑඩ.. :love: හෑබයි Qualcomm Snapdragon S1 Chip-set එක.
    er_photo_150160.jpg



    පස්සේ 2016 දී Huawei P8 Lite එකක් ගත්තා. HiSilicon Kirin 620 Chipset එක තියෙන්නේ.. :angry::angry:

    එකම Manufacturer උනත් Chipset එකේ අවුල් තියෙනවා කියලා තේරුනේ මේක ගත්තහම තමා..
    GPS අවුල්.. අවුල් නෙමේ. හොදටම අවුල්. ඩොටේ පෑති පෙන්නන්නේ.. Connect වෙන්න විනාඩි 2ක් වත් යනවා. Signal strength හොදටම අඩුයි. Call drop වෙනවා හෑම තිස්සෙම.

    මට Huawei ගෑන තිබුන good impression එක සම්පූර්නයෙන් නෑති උනා මේක නිසා.. මීට පස්සේ Huawei ගත්තත්
    Qualcomm chipset එකක් තියෙන එකක් තමා ගන්නේ..

    matath oya awla thiyenawa ban.. peliyagoda inne 4g enawa aye 2g wenawa signal nan sahena awl.. habai godakma dialog hutch tama case eka. gps ekath ehemai.. ona tharan waradi than dala uber ehma book krala cancel krla athi.. update wenna sahena welawak ynwa :D good bye huawei tama itin. 13mp cam thibbata s3 cam tharan wath colors focusing ehema hoda na :baffled: battery ekath case p8lite nm