How Elakiri makes my life ?

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    thada ahhh



    මේකේ තියෙන අම්බානක ගොන් පාට් අස්සේ මෙහෙම කතාවක් දකින්නත් ආසයි...

    උබ එල කොල්ලෙක්.. විශේෂයෙන් දැන් කාලේ ඉන්න පොඩි කට්ටක් වත් කන්න බැරි තොත්ත බබාලත් එක්ක බලද්දී..

    Tech / Dev ෆිල්ඩ් එකට තාම කැමති නම් Architect වෙනකල් ම පලයන්.. ජය!!

    මමත් උබ කියන industry එකේ (13 years) සහ උඹ යන්න ආසාවෙන් ඉදල කිහිප සැරයක් ගියපු රටේ Citizen.. ලොකු සීන් එකට නෙමේ කිව්වේ reference එකට..


    Thanks aiye.. architecture wenakan yanna try karanawa. Dannam aus enna asawak na... rep+
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    617
    1,011
    93
    හිතුවක්කාරයා;24904136 said:
    Thanks aiye.. architecture wenakan yanna try karanawa. Dannam aus enna asawak na... rep+




    එල මල්ලි.!

    අසා නැති උනාට අවුලක් නෑ, රටින් යන්න කියල ඕනෙත් නෑ. හැබැයි පුළුවන් නම් කොහේ හරි PR එකක් දාල තියාගත්තොත් වැඩි වෙන්නේ නෑ. මගේ හොඳම යාලුවෝ ලක්ෂ ගණන් පඩි ගන්න හොඳ වැඩ කාරයෝ උන් ඒ කාලේ එපා කියල ඉඳල දැන් PR දාන්න හදනවා වැඩේ වයස යද්දී අමාරුයි ..

     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ


    එල මල්ලි.!

    අසා නැති උනාට අවුලක් නෑ, රටින් යන්න කියල ඕනෙත් නෑ. හැබැයි පුළුවන් නම් කොහේ හරි PR එකක් දාල තියාගත්තොත් වැඩි වෙන්නේ නෑ. මගේ හොඳම යාලුවෝ ලක්ෂ ගණන් පඩි ගන්න හොඳ වැඩ කාරයෝ උන් ඒ කාලේ එපා කියල ඉඳල දැන් PR දාන්න හදනවා වැඩේ වයස යද්දී අමාරුයි ..

    ඔව් අයියේ.. මම බැලුවේ කැනඩා sweden වගෙ මූව් වෙන්න කියලා..
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Patta macho. mamath uba wage thamai.Elakiri eken ambaneka dewal igena gaththa. wisheshayen රත්තරං ge Threads okkoma kiyewva. mulma salary eka 4000i. etaning patan aran udata awe. Katta kagena issarahatama palaya. Good luck.!
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Patta machan
    thanks machan.. ube pitarata visathara thread ekata bump ekak deela ganin ayeth
    Patta macho. mamath uba wage thamai.Elakiri eken ambaneka dewal igena gaththa. wisheshayen රත්තරං ge Threads okkoma kiyewva. mulma salary eka 4000i. etaning patan aran udata awe. Katta kagena issarahatama palaya. Good luck.!
    thanks machan
    ;);)
    thanks kolla
    :):):)
    bump
    rep+
    canada wa gana haduwa pissuwata waga kiyanna ona oba thuma thamai:)

    ;););):)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හිතුවක්කාරයා;24861100 said:
    මුලින්ම කියන්න ඕන මට ලස්සනට රසට කතා ලියන්න බෑ. අනිත් එක තමයි මම ගැන උදම් අනන්න ලියන කතාවක් නෙවෙයි. මට ඕන කිරියෙන් මගේ ජිවිතේ වෙනස් වුනු විදිය පොඩි සටහනක් ලියල තියන්න විතරයි.

    මුලින්ම මම කිරියට අවේ මගේ බ්ලොග් එකක පොස්ට් ශෙයා කරලා විව්ස් ටිකක් ගන්න. හැබැයි ඒ අස්සේ හිතට වදින හැම පොට්ස්ට් එකක් ම මම කියවන්න අමතක කලේ නැ. "A/L" ඉවර උනාම හිතපු රිසාල්ට් එක අවේ නැති නිසා කරන්න දෙයක් හොයා හොයා ඉන්න කොට මම java Insitute බොරුවට මුලින්ම අහුඋන. මාස දෙක තුනක් ගිහින් ලක්ෂයක් විතර පුදලා බැරිම තැන google කරලා බැලුවා, pcjt කියලා දාලා තිබුණු දේවල් දැක්කම මට තරු පෙනුන. එහෙම සල්ලි තියෙන පව්ලක එකෙක් නොවෙන නිසා වෙන තැනක degree එකක් කරන්න තරම් වත් කමක් තිබුනේ නෑ. එහෙමයි කියලා මේ බොරුවට අහුවෙන්න ඕන කමක් තිබුනේ නැති නිසා මම තාත්ත එක්ක කතා කරලා nsbm එන්න තීරණේ කරා.

    NSBM පල වෙනි අවරුදු දෙකේ එක සෙමෙස්ටේර් එකකට 80,000ක් යනවා. මුලින්ම මම තිරනෙකට අවා පලවෙනි 80,000 මම හොයාගන්නවා කියලා, 2014 නොවැම්බර් වල මම union place kfc එකේ වැඩට එනවා. එතන ඉදන් මම 2015 අගෝස්තු වෙනකන් වැඩකරලා 72,000 ක් හොයා ගන්නවා. ඉතුරු සල්ලි තාත්තාගෙන් ඉල්ලගෙන මම ගිය NSBM office එකට සේප්ටෙම්බර් intake එකට register වෙන්න.

    කලින් අපි හොදට සල්ලි තිබුණු පව්ලක් උනත් අම්ම cancer එකක් හැදිලා නැති උන නිසා අපිට තිබුණු තිස්ස-මාතර බස් 3 ඇතුළුව අනිත් සියලුම දේවල් විකුනන්න උනා අම්මගේ බෙහෙත් වලට. පස්සේ ඉතුරු උනේ තාත්තගේ කුබුරු ටික විතරයි. ඕකෙන් තමයි තාත්තා සෙමෙස්ටර් වලට ගේම ගහල දුන්නේ. කුබුරකින් කොල්ලෙක්ට මාසෙකට කොලබ ඉන්න ගානයි, හැම මාස හයකටම සැරයක් 80,000 ගැනේ දෙන්න වෙනවා කියන්නේ කොයි තරම් ගේමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

    කොහොම හරි ගේම ගහන අව්රුද්දක් විතර ඇදගෙන යද්දී මට අදින්න ඇදුම් නැති නිසා බැච් එකේ උන් මාව හැදින්නුවේ රතු ටීෂර්ට් කොල්ල කියලා. කොමුනත් මම බැහැල මට පුළුවන් තරම් උපරිමයෙන් සහ වැඩ ටික කරා. මොකද මට වෙන ගොඩ එන්න මාර්ගයක් නැති නිසාත් තාත්තගේ මහන්සියට මම වටිනාකමක් දෙන්න ඕන නිසාත්. නිදි මරපු දවස් ගැන අනන්තයි. Subject එකට තියෙන අසම බලෙන්ම දවසින් දවස මම වැඩි කරගත්ත. කොරේ පිටට මරේ කියල 2016 oct වල මගේ ලැප් එක බෝඩිමේ දී නැති වෙනවා. අලුතෙන් ලැප් ගන්න සල්ලිත් න දැන්. ඊලග semester එකට මාසෙකින් සල්ලි ගෙවනත් තියෙනවා. කොහොම හරි තාත්ත තව ලැප් එකක් අරන් දුන්න මස දෙකක් යන කලින්.

    ඔය කාලේ මගේ හිතේ පුංචියට තිබුන කොම හරි මේකෙන් එලියට එන කොට ලක්ෂේකta වැඩ සලරියක් ගන්නවා කියල. මොකද එළකිරියේ ප්‍රසිද්ද පොස්ට් එකක් තියෙනවා software engineer කෙනෙක්ගේ salary ගැන අහපු. ඉතින්, මම හිතල බැලුව මෙහෙම හිටියොත්, industry experience එකක් නැතුව එලියට ගියාම මට ලක්ෂයක් දෙන්නේ කව්ද?

    second year එකේ පලවෙනි semester එකේ ඉදන් මම intern හෙව්වා. ඔහොම මස ගානක් හෙව්වා. cv එක ගණන් ගතෙවත් නෑ. මම අතරියේත් නා. මාත් එක දිගට cv දැම්ම. cv format වෙනස් කරලා, එහෙමත් try කලා. මාස ගානක් try කරලා පොඩි company එකකින් interview call කල. interview ගියාට එක දෙවෙනි එකෙන් කෙල උන. ඊට පස්සේ දිගට interview දෙක තුනක් ආවට හරි ගියේ නා. ඉතින් මම කලේ අර පරණ හැම interview එකකම අහපු හැම ප්‍රශ්නයක්ම මතක් කරලා පොතක ලිව්වා. ලියල google කරලා උත්තර හොයලා මට අව්ල් තිබුණු හැමතැනකම මම පොලිෂ් කරගත්ත. පස්සේ අයෙත් cv දැම්ම. දාලා කතාකරපු පලවෙනි interview එකෙන්ම job එක සෙට්. 20, 000 පඩිය. අම්මෝ එක හෙන ගානක් වගේ දැනුනේ ඒ දවස් වල. දැන් මට මගේ living cost shape කරගන්න පුළුවන් නිසා පට්ට හැපී.
    lectures යන්න වෙන්නේ නැති නිසා sign එක ගහන්න එකෙක් සෙට් කරගත්ත.

    ඔය job එකෙන් මට පුළුවන් හැමදේම මම පුළුවන් තරම් ඉගෙන ගත්ත.
    01) .Net
    02) Identity server
    03)Azure
    04) Angular/ Angular js
    05) git flow
    06)CICD
    ඔය උඩින් කියපු හැම එකම මම තනියම වැඩක් කරගන්න පුළුවන් වෙන්න කරගත්ත. මස 4ක් විතර යනකොට මම JKCS interview ගිහින් මට එකෙන් ජොබ් offer එකක් අවා 45,000 කට එකට යන්න ඉන්න resignation දෙන කොට මට 60,000 ක් දෙන්න මට පොරොන්දු උන. ඉතින් මස 5-6 ක experience එකක් තියෙන graduate නැති මට මහා මෙරක් වගේ.

    මගේ ඔක්කොම experience එක මාස 8 විතර වෙනකොට මම ඒ company එකෙන් අයින් වෙලා මම Singapore company එකකට join උනා 80,0000 ක් විතර ගානකට.. මම මුලින් කිව්වා වගේ මේවා වෙනකොට දැන් 3rd year එක වගේ ඇති. මට ඩිග්රි එක ඉවර වෙන්න කලින් ලක්ෂේක සලරි එකට යන්න ඕන ටර්ගේට් එක තියෙන නිසා මම එකෙනුත් අයින් වෙලා Australian Base company එකකට යනවා. එකට යන්න ප්‍රදනතම හේතුව තමයි Australia යන්න තිබුණු අදික පුකේ අමාරුව. මගේ පරණ threads බැලුව තේරෙයි එක කොච්චරද කියල.
    කොම හරි එකෙන් මට offer කල 130,000 ක්. ටික කාලයක් එහෙම ඉදලා මම vitz 2016 car එකක් ගත්ත. මගේ degree එකේ final result අවේ දැන් සති දෙකකට කලින්. Second upper එකකුත් තියෙනවා. Australia යන්න තිබුණු උන ත් දැන් ගොඩක් දුරට හොදයි. මොකද company sponsorship 7 වතාවක් ඔසී ගිය නිසා.

    අවසානෙට කියන්න තියෙන්නේ. Thank you එළකිරි කියල තමයි. මොකද මම PCJT පොස්ට් එක දැක්කේ නැත්තම් තාමත් වලේ.....

    අනිත් දේ තමයි. උබ උබවම විස්වාසකරලා වැඩ කරපන්. මහන්සි වෙන දෙයින් උබට කවද හරි ප්‍රතිපල එනවා....
    කෙටියෙන් ලිව්වේ. එකී මෙකි නොකී දේවල් ගොඩයි. ලියන්න කම්මැලි

    http://www.elakiri.com/forum/showthread.php?t=1703083
    meka thamai mama mulinama nbm yanna kalin dapu thread eka.. mekata comments karala mata nsbm gana kiyapu hamatama thanks :love:




    මුල ඉදලම ඉනිමග වෙලා හිටිය තාත්තා ගැන අන්තිමට කිසි කතාවක් නැහැ. තාත්තට මොකෝ කලේ කියපන්..
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මුල ඉදලම ඉනිමග වෙලා හිටිය තාත්තා ගැන අන්තිමට කිසි කතාවක් නැහැ. තාත්තට මොකෝ කලේ කියපන්..

    thaththa thama innawa.. game. mama hamasathiyakama thaththa balanna ynawa. hamamasekatama ganak thaththata ynawanawa. thaththa ewa aran mage account ekata ayeth danawa.. (ehemaine ammala thaththala). mama mehen geyak aran thatta enna qwata enne naha.. mkda thaththalata huru wela tynne gama.