How To Avoid CRIB Black Listing

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ක්‍රිබ් එකේ නම නම් නෑ ක්ලියර් ලෝන් එක දෙන එක නම් ෂුවර්

හැම ගෑනියක් ඇතුළෙම පුංචි පහේ වේසාවියක් ජීවත් වෙනවා. මුණ ගැසීම, තොරතුරු දැන ගැනීම, අවසන මම සිතුවේ එලෙස. අෑට මෙතරම් ආලය කරන ඔහු වැන්නෙක්ගේ කිරිමේල් ව්‍යාපෘතිත් මා වැන්නන්ට පවසා සොයා බලන්න යැයි පවසන්නේ අෑ නම් නෙවෙයි. එලෙස කරන්නේ අෑ තුළ අෑට නොදන්වා රැඳී සිටින පුංචි වේසාවි.


කැත වැඩක් පිළිබඳ ආරංචියක් රැගෙන මනුස්සයෙක් මුලිච්චි වෙන්න යන්න ඕනත් කැතම පිළිවෙළකට. එහෙම නොකොළොත් අදාළ පුද්ගලයා අපව පිළිකෙව් කරාවි. මොකද ඔහුගේ පිළිවෙළ කැත නඩත්තු කරමින්ම පවතින්නක් නිසා. කැත නඩත්තු කරන ආකාරය ගැන ඇය ප්‍රථමව මෙලෙස පවසා සිටියා.
ඔය යෝදයා කැමැති මහත ගෑනුන්ට. මහත ගෑනියක් කිව්ව කිසි දෙයක් මෙතුවක් කාලයකට නොකර ඉඳලා නැහැ. ඔය යකා එක්ක කාලයක් පවුල් කාපු මහත ගෑනියක් ඉන්නවා පානදුරේ පැත්තේ. අපි ඒ ගෑනිව විකුණමු. ඒ ගෑනිගේ මල්ලි හරහා ඔයාට වැඩේ ගැන ආරංචියක් ලැබුණේ කියමු. අනිවාර්යයෙන්ම ගෑනි ගැන මොනවා හරි පුංචි දෙයක් දැන ගන්න හරි ඔය යකා ඕන ලොකු වැඩක් කරනවා.


සමහර විට ඒ මහත ගෑනි මේ හාදයාට පිරුණු ගෑනියක් වෙන්න ඇති. මහත ගෑනියක් නොවුණ මේ යෝදිට කවදාවත් පිරුණු ගෑනියක් වෙන්න බැරි නිසා ටක්කෙටම කියන්න පුළුවන් කාරණය තමයි අර අෑට නොදන්වා අෑ තුළ රැඳිලා ඉන්න පුංචි වේසාවිය මල්වර වෙනව වෙනවාමයි කියන එක. මට අෑ ගැන ඇති වුණෙත් හරියට හඳ රාහු ඇල්ලුවා වගේ අදහසක්.


ඒ විදියට දිග ඇදුණු, වක්්ගැහුණු අනන්තය නොපෙනුණ පාරක් දිගේ කරක් ගැහැව්වට පස්සේ තමයි මේ හාදයාව මට අල්ල ගන්න හම්බ වුණේ.
මහත ගෑනි ගැන, එයාගේ මලයා ගැන තවත් මම දන්න මහත දෙහෙත ගෑනු ගැන කරුණු කාරණා කතාබහ කළාට පස්සේ ඔහු මා සමඟ කතා කරන්නට කැමැති බවක් ඇඟවූවා. ඒ පුංචි පහේ තර්ජනාංගුලියකුත් මගේ පාර්ශ්වයෙන් පිටවුණාට පස්සේ.


අපි මේක ගැන කතා කරමු! වරකට එක කොටසක් ගාණේ. මට මහා හදිසියක් නැහැ. ඒ වුණත් වැඩේ ඉක්මනට කර ගන්න ඕන. (වැඩේ කියන්නේ රාජ්‍ය බැංකුවකින් මම ගන්න යන ණය) ඔහේ මට කරන මේ උදවුව මට මගේ ජීවිතය පුරාවට ලැබුණ ඉස්තරම්ම තෑග්ගක් විදියට සලකන්න මම වග බලා ගන්නවා. මේ ණය මට ලැබුණොත් ඉතිරි ණය තුරුස් ගෙවලා දාලා අම්මපා සැනසිල්ලේ තව අවුරුදු දෙක තුනක් ජීවත් වෙන්න පුළුවන් වේවි. ඒකයි මම කිව්වේ කොටස කොටස ගාණේ හරි හරියට ඉක්මනට මට මේ වැඩේ කරගන්න ඕනෑ කියලා. ණය තුරුස් දවසේ මම තමුසෙට සලකන්නේ කොහොමද දන්නවාද? ඇත්තටම තමුසෙට පුදුම හිතේවි. මම තමුසෙට අඳුන්වල දෙනවා ලස්සන කෑලි බෑලි තියෙන මහත ගෑනියක්ව. ජීවිත කාලේ පුරාවටම එපා වෙන එකක් නැහැ කියල හිතෙන ජාතියෙ එකියක්ව!
කොහොම හරි කොයි විදියට හරි වැඩේ කරගන්න ඕනෑ කියලා මගේ ඔළුවේ පැලපදියම් වුණ සිතිවිල්ල නොවෙන්න, මම මෙහෙම කටකන්‍ෙදාස්කිරියාවක් නැතුව කියවන කෙනෙක් බවට පත් නොවෙන්න තිබුණ ඉඩ කඩ වැඩියි.


ඔහු සිනාසුණේ සැබෑවටම මිත්‍රශීලීකම පෙන්වන්න. නැතිනම් මගේ කතාව සමහරවිට ඔහුට හාස්‍ය උපදවන යමක් ලෙස දැනුණාද කියන්න දන්නෙත් නැහැ. කොහොම වුණත් මගේ තියෙන සටකපටිකමත් එක්ක ඒ සිනාව මම භාර ගත්තේ මිත්‍රශීලීකම පෙන්වන යමක් විදියටයි.
ඔහු බොහොම සෙමින් ඒත් තාර්කිකව එයාගේ කතාව ආරම්භ කළා. සෝඩා එක්ක කොපි කලවම් වුණ ගතියක් තමයි මුලින් මුලින් කතාවේ තිබුණේ. ඒ කියන්නේ මනුස්සයා සම්පූර්ණව ට්‍රැක් එකෙන් පිට පැනලා හිටියේ. කිසිම තේරුමක් නැතිව දේවාල ගැනයි, සල්ලි ගරන තාපසයෝ ගැනයි කතා කරන්න ගත්තත් මම පසු නොබසින අදහස එහෙන් මෙහෙන් වක්‍රව වචන දෙකක් අතරට යවන්න උත්සාහ ගත්තා.


ඕනෑවට වඩා හුරතල් කරල පාර වරද්දපු කෙනෙක්ගේ වගේ පෙනුමක් තමයි ඔහුට තිබුණේ. මොන දේ වුණත් ඔහුට කතා කරගෙන යන්න අමාරු ගතියකුත් පේන්න තිබුණා. නුරුස්නාවෙන් වගේ නළල රැලි ගැසිලා. නාසය කොයි වෙලාවේ බැලුවත් කසන ගතියකින් පෙළ‍ෙමින් තිබුණේ. ඔහු කතා කරන්න ගත්තත්, කතාව දිගට නඩත්තු කරන්න නම් අසමත් කියන එක දැන ගත්තාට පස්සේ මම අපේ කතාබහ සංවාද ස්වරූපයකට රැගෙන ඒමට තීරණය කළා. සංවාදයක වුණත් අනෙකා පිළිබඳ ගෞරවයක් ළැදියාවක් තියෙන්න එපැයි. ඒක මම නඩත්තු කරන්න ගත්තේ මෙන්න මේ විදියට.


දැන් මුලින්ම අපි දැනගන්න එපායැ අපි කතා කරන්නේ මොකක්ද කියන එක ගැන. ඊට පස්සේ තමයි ආනුෂංගික විදියට මේකත් එක්ක බැඳිල තියෙන හොරකම්, මැරකම්, මවාපෑම්, එතකොට ඒ ඒ වර්ගවල කිරිමේල් වැඩ කලඑළි බහින්නේ. එතකොට මල්ලියා මොකක්ද මේ ක්‍රිබ් එක කියන්නේ. නැත්නම් අසාදු ගත ලේඛනය කියන්නේ. මම එහෙම විමසද්දී පොඩි කාලේ දහය නවය පන්තිවලදී එක කෙල්ලෙක්ගේ නම් කියා ගන්න කොල්ලෝ දෙන්නෙක් අතරින් ‍ෙදාළහ - දහය පන්තිවලදී ඒ කෙල්ලව යාළු කරගත්ත කොල්ල අනෙක් කොල්ලට ඉරිසියාකර ආදරවන්තයෙක් වෙනවා වගේ මුහුණක් ඇතිවයි ඔහු කතාව පටන් ගත්තේ. (පොයින්ට් ටික අල්ලලා මම වැඩේ වෙන තැනක පටන් ගනිවත් කියලා මේ යෝදයා හිතන්න ඇති)


ක්‍රිබ් එක. ඒක තමයි මේ දවස්වල වැදගත්ම දේ. කොස්ට් ඔෆ් ලිවින් එකට වඩා මේක වැදගත්. සිංහලෙන් කිව්වොත් අසාදු ලේඛනය. අපි හිතමු මම රුපියල් 5,000ක ණයක් ගත්ත කියලා. එහෙම නැතිව ඒ ණය ගත්ත කෙනෙක්ට ඇප වුණා කියලා. නියමිත කොන්දේසි සපුරන්නේ නැතිව මම හරි මම ඇප වුණ කෙනා හරි ණය නොගෙවා හිටියොත් මගේ නම අසාදු ලේඛනයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මූල්‍ය ගනුදෙනුවක් කරන්න නුසුදුස්සෙක් වෙනවා. මේක කේ‍රඩිට් කාඩ්වලට, ෆිනෑන්ස්වලට, ලීසිංවලට හැම දේකටම අදාළයි. අසාදු ලේඛනය එහෙම නැත්නම් ක්‍රිබ් එකේ ඉන්න අයෙක්ට ණය දෙන්න එයාව වෙනත් කෙනෙක්ට ණයත් දෙන්න ඇපකාරයෙක් විදියට පිළිනොගන්න එක තමයි එතැනදී වෙන්නේ. කතාවක් තියෙනවානේ ඕනෑම අපරාධකාරයෙක්ට පුංචි වාසනාවකුයි හොඳ ලෝයර් කෙනකුයි ඉන්න ඕනෑ කියලා. හැබැයි ක්‍රිබ් එකට ඒවා වලංගු නැහැ. ක්‍රිබ් එකට නම ආවොත් ආවමයි. කිසිම බේරුමක් නැහැ. වැදගත්ම සහ හොඳම දේ තමයි නම එන එක වළක්වා ගන්න එක. ඇත්තම කතාව කිව්වොත් අද වෙද්දි නඩුකාරයෝ, පත්තරකාරයෝ, ඉන්ජිනේරුවෝ, අපරාධකාරයෝ මේ හැමෝගෙම නම් ක්‍රිබ් එකේ තියෙනවා. ෆිනෑන්ස් කොම්පැනියකට ණයක් දෙන්න ගැරන්ටි එකක් සයින් කර ගන්න මනුස්සයෙක් හොයන එක නොමළ ගෙයකින් අබ ඇට හොයනවා වගේ වැඩක්.
ළිඳට වැටුණ කෙනා ළිං කටින්ම ගොඩ එන්න ඕනෑ වගේ මම විශ්වාස කරන්නේ ක්‍රිබ් එකට නම වැටුණොත් ඒ නම අයින් කරගන්න විදියකුත් තියෙන්න ඕනෑ කියලා. මම එහෙම හිතද්දී තමයි ඔහු මේ විදියට පිළිතුරු ගොනු කළේය.


ක්‍රිබ් එකට නම වැටුණට පස්සේ නම වැටෙන්නට අදාළ ගනුදෙනුව අපි ඉවර කළා කියමු. ඒත් ඒ නම ක්‍රිබ් එකෙන් ඔටෝ අයින් වෙන්නෙ මාස 3-4ක් ඇතුළත. අදාළ ගනුදෙනුව අපි කොහොම පියෙව්වත් නම අයින් වෙන්න ඒ කාලයම ගන්නවා. ඒක හදල තියෙන්නේ ඒ තරමට ඇඟිලි ගැහිල්ලක් කරන්න බැරි විදියට. ලංකාවේ ඇතුළත ගනුදෙනු කරන්න මහ බැංකුවෙන් අවසර ගත්ත මොනයම් මූල්‍ය ආයතනයකට පොඩි හරි ණයක් වෙලා ඒක නිවැරැදි විදියට පියවන්න අසමත් වුණ මොනයම් කෙනෙක්ට වත් ක්‍රිබ් එකෙන් බේරෙන්න අමාරුයි. ඒ අදාළ මූල්‍ය ආයතනවලටත් එයාව බේරන්න අමාරුයි. ඒ මූල්‍ය ආයතන අවසන් ගණන් හිලව් ඉදිරිපත් කරද්දි ඒ නම් අනිවාර්යයෙන් ක්‍රිබ් එකට ඇතුළත් වෙනවා. දැන් තමයි ඒ මොහොත. සරලව පවසා සිටියෝතින් අසාදු ලේඛනය පිළිබඳ සංඛ්‍යාත, සවිස්තර විස්තර දැන ගැනීමෙන් එහෙමකට කියල පලක් මේ ලිවීමේ මුඛ්‍ය පරමාර්ථය සමඟ ගැළපෙන්නේ නැහැ. එය වඩාත් ගෝචර වෙන්නේ ආර්ථික විශේෂඥයන්ට. නමුත් සාමාන්‍ය ජනයාටත් ඉන් පලක් නැතැයි පවසන්නට අප ඉක්මන් විය යුතු නැහැ. කලියෙන් සඳහන් කරපු ආකාරයට මේ මොහොත, එහෙමත් නැත්නම් මේ තරුණ හාදයා විශේෂිත අයෙක් ලෙස පිළිගෙන ඇයි අපි කතාබහ කළේ කියන ගැටලුව ලිහා ගන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. ඒ කරුණ මුල්කරගෙන නියමිත පැනයක් මා ඔහුට ඉදිරිපත් කළේ නැති වුවත් පිළිතුරු බැඳීම් අතරින් ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුර මෙය යැයි ගළපාගත හැකියි.


දැන් ක්‍රිබ් එකට නම වැටුණට පස්සේ ඒ නම තියන පුද්ගලයාට කිසිම බැංකුවකින් ණයක්, ෆිනෑන්ස්, ලීසිං පහසුකම් ගන්න බැහැ කියන එක පැහැදිලිනේ. හැබැයි එහෙම අයට මම ණය, ෆිනෑන්ස්, ලීසිං පහසුකම් අරගෙන දෙනවා. ඒකට නම ක්‍රිබ් එකේ තිබුණට කමක් නැහැ. දැන් රාජ්‍ය බැංකුවකින් 50,000ක ලෝන් එකක් ගන්න කොච්චර අමාරුද? ලෝන් එකට දහ පහළොස්දාහක්ම ගමන් බිමන්වලට වියදම්. ෆිනෑන්ස්, ලීසිං පහසුකමක් අරගෙන ඩිමෝ බට්ටෙක් මැක්සිමෝ එකක් අරගෙන පවුල ජීවත් කරවන්න මහන්සි වෙන කොච්චර අය ඉන්නවද? ඒ වගේ කෙනෙක් රු. 10,000 - 15,000කට ක්‍රිබ් එකේ හිරවෙන්න පුළුවන්. ඇත්තටම ඒක සාධාරණ නැහැ. මම කරන වැඩෙන් උදව්වක් ලැබෙන්නේ ඒ වගේ හාල්මැස්සෝ වගේ අසාදු ලේඛන ගතවූ අයට. හැබැයි මහා පරිමාණයෙනුත් මම කරන දේ එහෙමම කරන අය ඇති. ඒක මට කොහොමත් අදාළ නැහැ. මෙතැන ක්‍රිබ් එක එක්ක මගේ ගනුදෙනුවේ එක පොඩි ටෙක්නිකල් පොයින්ට් එකක් විතරයි තියෙන්නේ.
මොකක්ද මේ ටෙක්නිකල් පොයින්ට් එක. ඒත් කොහොමද ක්‍රිබ් එකේ නම තියෙන කෙනක්ට, ලෝන් එකක් අරගෙන දෙන්නේ. එහෙම ගන්න ලෝන් එක, ෆිනෑන්ස් එක, ලීසිං එක නීත්‍යනුකූලද? නැත්නම් නීතියේ අගිස්සකින් රූරා ගිහින් කරන තවත් එක් මගඩියක්ද? මේ ප්‍රශ්නවලටයි මට උත්තර වුවමනා වෙලා තිබුණේ.


ඒක වෙන්නේ මෙහෙමයි. ක්‍රිබ් එකේ ඔයාගේ නම ඉස්සරහින් ඇයි ඔයා ක්‍රිබ් එකේ ඉන්නේ කියන එක පෙන්නන්නේ නැහැ. ඔයා මෙන්න මෙච්චර මුදලක් නිසා තමයි ක්‍රිබ් එකේ ඉන්නේ කියන එක පෙන්නනවා. උදාහරණයක් කිව්වොත් ඔයා රු. 20,675ක මුදලක් නිසා අසාදු ලේඛනයට ඇතුළත් වෙලා ඉන්නේ කියන එක විතරයි ක්‍රිබ් එකේ පෙන්නන්නෙ. ඔයා කාටද ඒ රු. 20,675 ණය වුණේ, ඒ ණයක්ද, ඇපයක්ද වාහනයක නොපියවූ මුදලක්ද කියන එක ක්‍රිබ් එක චෙක් කරන අයට ලබාගන්න බැහැ. අන්න ඒක තමයි මෙතැන තියෙන ටෙක්නිකල් පොයින්ට් එක. ඒ පොයින්ට් එකේදි මම වැඩ කරන්නේ කොහොමද කියන එක මමම පෙන්නල දෙන්නම්. ඔයා වාහනයක් ගන්න යනවා ඒ කියන කම්පැනියෙන්. නැත්නම් ඔයා ණයක් ගන්න යනවා ඕ කියන බැංකුවෙන්. මේ දෙකම කරන්න යද්දි රුපියල් 1,90,000ක මුදලක් නිසා ඔයා ක්‍රිබ් එකේ ඉන්නවා. ඕ කියන බැංකුව හරි ඒ කියන කම්පැනිය හරි ඔයාට කියනවා මේ 1,90,000 මුදලට අදාළ ගනුදෙනුව විසඳන්න. ඊට පස්සේ ඔයාට අපි අදාළ කාර්යය කරල දෙන්නම් කියල. සල්ලි අතේ තියේ නම් ඔයා ඒ කියන කම්පැනිය හරි ඕ කියන බැංකුව පස්සෙ හරි යන්නෙ නැහැනේ. අන්න එතැනදි තමයි මම අදාළ කෙනාට උදව් කරන්නේ.


දැන් අපි ඇතුළු වෙමින් සිටින්නේ එක්තරා ආකාරයක වංගු සහිත කඩතොලු වුණ මාර්ගයකට. ඒ මඟ අඳුරුයි, අපැහැදිලියි. ඒත් රුදුරුයි හෝ නපුරුයි කියා නම් කළ නොහැකියි.
1,90,000 මුදලම උදාහරණයට ගනිමු. දැන් ක්‍රිබ් එක කියනවා ඔයා ඒ මුදල නිසා අසාදු ලේඛනගත වුණා කියලා. හැබැයි ක්‍රිබ් එක කියන්නේ නැහැ ඒ ණය ඔයා කාගෙන්ද ගත්තේ කියලා. මම එන්ටර් වෙන්නේ එතැනට. ලංකාවේ ෆිනෑන්ස්, ලීසිං, බැංකු ඔය හැම තැනම මගේ අය ඉන්නවා. 1,90,000ක් හිඟ තියන ණයක් පිළිබඳ ආරංචියක් මට ඒ තැන්වලින් දැනගන්න පුළුවන්. ඒ කියන කම්පැනිය ඕ කියන බැංකුව ඔයාට කියන්නේ 1,90,000 ගනුදෙනුව විසඳුණා කියල ලිපියක් ගෙනත් දෙන්න. මම දන්න අය ලව්ව ඒ ගාණට සමාන ගාණක ණයක් තියෙන වාහනයක් හරි ණයක් පැහැර හැරීමක් හරි ඇප වීමක් හරි දැන් හරියට කරගෙන යනවා. එහෙම නැත්නම් ඒක කරගෙන යන්න එකඟතාවකට ආව කියල හරි ලිපියක් හදාගන්න මට යන්නේ දවසයි. උපරිම දෙකයි. ඒ ලිපියට මම අදාළ ආයතන නිලධාරියාගේ අස්සන, සීල් එකත් ගහනවා. ඒ ලිපිය ඒ කියන කම්පැනිය ඕ බැංකුව උපරිමයෙන් පිළිගන්නවා. ක්‍රිබ් එකේ නම තිබුණත් ඔයාට අදාළ වැඩේ කරගන්න පුළුවන්කම ලැබිල ඉවරයි.

ක්‍රිබ් එක චෙක් කර කර ණය, ෆිනෑන්ස් දෙන්න ගියොත් එහෙම ගත්ත මිනිස්සු ලංකාවේ අද නැහැ. හැමෝටම ඕනෑ තමුන්ගෙ ආරක්‍ෂාව, කවරින් එක. ඒකට මුවාවෙලා අපි වැඩ කළොත් ඕනෑ වැඩක් තිතට කරගන්න පුළුවන්. මමත් මේක නිකන් කරන්නේ නැහැ. ලෝන් එකේ හැටියට මම අදාළ ලියකියවිලි හදාදෙන්න අවශ්‍ය මුදල ගන්නවා. එච්චරයි.