How to learn english - self study - you must see this 🔥 🔥 🔥

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මගේම ඉංග්‍රීසි පංතිය...

    මම වෛද්‍ය විද්‍යාලයට තේරුණා... මට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට තිබුනේ සම්මානයක් (C pass)... ඒකත් බොහොම අමාරුවෙන් .....ගැට ගහ ගත්තේ.... මම ගියේ ඈත ගමක කුඩා ඉස්කෝලෙකට....කවදාවත්. ඉංග්‍රීසි වලට අමතර පංතියකට ගිහිං තිබුනේ නෑ..කවදාවත්.. සාමාන්‍ය පෙල ලියනකොට නවය පංතියේ ඉංග්‍රීසි පොතෙන් බාගයයි ඉවර දහයේ පොත් නිකං ඇල්ලුවා විතරයි වගේ.......

    ඒත් වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු පහක් ඉංග්‍රීසියෙන් වෛද්‍ය විද්‍යා පාඨමාලාව. උසස්පෙළ ප්‍රතිඵල එනකොට තිබුණු ඉංග්‍රීසි දැනුම බිංදුවට බැහැල....... හිතට බයයි.... වෛද්‍ය විද්‍යාලයේ දේශණ, සටහන්, පොත්පත්, සායනික ඉගැන්වීම් හා විභාග....ඔක්කොම ඉංග්‍රීසියෙන්ලු......මට දෙවියන් සිහිවෙලා හිටියේ..... පරන මලලසේකර ඩික්ෂනරියක් හොයා ගත්තා.... කඩේට ගිහින් සිංහල ඉංග්‍රීසි පොතක් අරං උත්සාහයක් ගත්තා.......මාසයක් දෙකක්.... ම්හු....ඉංග්‍රීසි එතනමයි..... උසස්පෙළ ගුරුවරු කිව්වා..... "ඔහොම බෑ...යන්න හොඳ ඉංග්‍රීසි පංතියකට......"
    මම හොයල හොයල ප්‍රසිද්ධ ගුරුවරයකුගේ පංතියට ගියා අවුරුද්දක් ඇතුලත ඉංග්‍රීසි වතුර වගේ චතුර කරනවා කියල තමයි... ඒ පංතියෙන් කිව්වේ.....මාස හතරයි....පොඩ්ඩක් ඉංග්‍රීසි පුළුවන් වුනා.... ඒත්...එවිදිහට ගියොත් මට විතරක් නෙවෙයි...ටිකක් හරි ඉංග්‍රීසි ...හරියන්න.කාටත් තව අවුරුදු තුනක්වත් යන විත්තිය.මට..තේරුනා... ඉංග්‍රීසි හදා ගන්න.....මම කල්පනා කලා.....ගත්තා තීරණයක්......නැවැත්තුවා ඉංග්‍රීසි පංති යෑම..
    ගමේ හිටිය....දෙකේ පංතියට විතරක්...ඉස්කෝලේ ගිය....සිරියාවතී....කොළඹ ගෙදරක වැඩට ගිහින් අවුරුදු තුනයි .....මෙන්න බොලේ ඉංග්‍රීසියෙන් කතා කරනවා.....

    ගත්තා තද තීරණයක්....
    1.මලලසේකර ඩික්ෂනරිය....
    2. කඩෙන් ගත්තා ඉංග්‍රීසි කුඩා ළමා කතා පහක් .... (ඒවායේ තිබුනා කෙටි ඉංග්‍රීසි ළමා කතා 50ක් විතර නරියා හා මිදි පොකුරු වගේ)
    3. ඉංග්‍රීසි පංතියකට ගිය අයියා කෙනෙක් ගෙන් පරන ඉංග්‍රීසි ටියුට් හා සටහන් මිටියක්.....
    4. 8,9,10 පංතිවල ඉංග්‍රීසි අච්චු පොත්..
    5. කැසට් එකක්.....

    පළමු ටාර්ගට් එක පැය 500ක් මාස තුනෙන්....
    වැඩේ හදිස්සියිනේ.....
    1. උදේට හවසට ඉස්සෙල්ලාම...සිංහල ප්‍රවෘත්ති අහනවා ඊට පස්සේ ඉංග්‍රීසි නිවුස් අහනවා.....ටාර්ගට් එක ඉංග්‍රීසි නිවුස් 1000ක් අහන්න...ඉතිං රවී ජෝන්...නොයෙලින් හොන්ටර්...අරුන් ඩයස් බණ්ඩාරනායක...මේ අයගේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති මම කැසට් පටි 10 විතර රෙකෝඩ් කරලා දවසට 20 පාරක් විතර නැවත නැවත ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඇහුවා... මුලදී ග්‍රීක් වගේ....ඒත් ප්‍රවෘත්ති 20ක් 25 ක් අහනකොට යංතං තේරුනු එක.... ඉංග්‍රීසි ප්‍රවෘත්ති 1000 සම්පූර්ණ කරන කොට...මාස හතරකින් විතර....මට රේඩියෝවේ රූපවාහිනියේ ගිය.... ඉංග්‍රීසි ප්‍රවෘත්ති සිංහල වගේ තේරෙන්න පටන් ගත්තා.....
    2. මම 8, 9,10 ඉංග්‍රීසි පොත් නැවත නැවත නැවත කියෙව්වා දවසට පැය....10ක් ඉංග්‍රීසි පාඩම් කල දවස් තිබුනා.....මා මේ හැම දේම කලේ වෛද්‍ය විද්‍යාලයට යන්න අවශ්‍ය මුදල් මමම කුඩා රැකියාවක් කරන අතර මැද...උදේ 4.00 නැගිටලා...උදේ 8 වෙනකම් ඉංග්‍රීසි......හවස 6.30 සිට රාත්‍රී.....10.30 වෙනකං ඉංග්‍රීසි....
    3. කුඩා ළමා කතා නැවත නැවත කිය කියා...ඒවා කට පාඩමටම ගත්තා...මාස හය ඉවර වෙන කොට මට කුඩා ඉංග්‍රීසි කතා 50ක් පමන කට පාඩම්...එක කතාවක් 100 පාරක් විතර කියෙව්වා....
    4. දවසකට....තනිරූල් පොතේ....පිටු හතරක් ඉංග්‍රීසි කතා පිටපත් ලිවීම කලා...ඒ ලිවීමේ හැකියාව දියුණු කරන්න....
    5. දවසකට කුඩා ඉංග්‍රීසි රචනයක් වරද්ද වරද්දා ලිව්වා...ටාර්ගට් එක මමම තනියෙන් රචනා 250ක් ලියන එක....
    6. එකතු කර ගත් ඉංග්‍රීසි ටියුට්වල වල තිබුණු ඉංග්‍රීසි දෙබස් 25ක් මම කියවලා..කියවලා..කියවලා කට පාඩම් කලා..
    7. දවසට අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න එක මම කලා.....
    8. දවසට අලුත් වාක්‍ය තුනක් මම කොහොම හරි කට පාඩම් කලා...මොකද මම හිතුවා...මනුස්සෙකුට.... ඉංග්‍රීසි වාක්‍ය 100-200ක් කට පාඩම් කර ගත්තොත් ඒවායින් අලුත් හා වෙනස් වාක්‍ය 10000ක් හදන්න පුළුවන් නේද කියලා....ඒ කියන්නේ සුද්දාට වගේ ඉංග්‍රීසි පුළුවන්.....
    9. කාමරේ....දොර වහගෙන... කණ්නාඩියක් එල්ලගෙන...මම කන්නාඩියේ හිටිය කෙනා සමග දවසට පැය බාගේ ගානේ දෙසැරයක් කතා කලා, බැන ගත්තා, සංවාද කලා....

    කරන හැම පැයක්ම මම කොටුවක් පාට කලා...
    1. කොටු 250ක් ඉංග්‍රීසි කියවීමට.
    2. කොටු 250ක් ඉංග්‍රීසි ලිවීමට.
    3. කොටු 250ක් ඉංග්‍රීසි ඇසීමට ප්‍රවෘත්ති ඇතළු.
    4. කොටු. 250ක් ඉංග්‍රීසි කතා කිරීමට.
    පැයක් වැඩ කලාම කොටුවයි......

    ඉංග්‍රීසි කියන්නේ භාෂාවකි. එය ප්‍රගුණ කිරීමට භාවිතා කල යුතුමය. නැවත නැවත භාවිතා කළ යුතුමය....
    මම අද වන තෙක් විශේෂ ගැමර් පොතක් බලා නැත. නමුත් නිතර නිතර ඉංග්‍රීසි බාවිතා කරන විට ග්‍රැමර් පොයින්ට් හොදට අහු වුනා.

    ඔබට....
    දිනකට...පැය එක ගනනේ කැපවීමෙන් මෙසේ ලියා කියාගෙන ගණන් හිලව් ඇතිව... අවුරුද්දක් කලොත් ඔබට සිතාගත නොහැකි තරමක ඉංග්‍රීසි දියුණුවක් ලැබෙනු ඇත.
    කම්මැලි කම වෙනවට..... ධෛර්යය උවමනාව උපදවා ගත හොත් ඔබ දිනුම්....
    ඔබ ..
    1. දිනකට පැයයි.
    2. දිනකට අලුත් වචන පහයි.
    3. දිනකට එක් ඉංග්‍රීසි.වාක්‍ය බැගින් කට පාඩම් ගන්න.
    4. දිනකට පැය කාලක් ශබ්ද නගා කියවන්න.
    5. 6,7,8,9,10,11 වසර පොත් ගෙන නැවත නැවත කියවන්න.
    6. කෙටි ඉංග්‍රීසි දෙබස් 25 පමනක් සොයාගෙන දිනකට එක් දෙබසක් තෝරාගෙන...10පාරක් ඒක කියවන්න.
    7. ගෙදර අයෙක් සමග වරද්ද වරද්දා කඩ කඩා කතා කරන්න....
    8. ඉතාම සරල ළමා කතා(නරියා හා මිදි පොකුර)වැනි 10ක් තෝරාගෙන..
    ඉන් එකක් දවසට 5වතාවක් කියවන්න..
    9. හැකි සෑම විටම මලලසේකර ඩික්ෂනරිය භාවිතා කරන්න.
    10. දරුවන්ටත්... තමා දන්නා සරල දේ කියා දෙන්න...

    මම... වසරක් ඇතුලත ලිවීමට, කියවීමට, අසා තේරුම් ගැනීමට ඕනෑම අයෙකු සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට.... ඉතාමත් ඉහල හැකියාවක් ලබා ගත්තා.... ඇත්තටම මට ඒ දැනුම පිටින් අමතර පංති වලින් ඉංග්‍රීසි කෝස් වලින් ගන්න ගියා නම් අවුරුදු වලින් පහකුත්...රුපියල් වලින්...අද කාලේ හැටියට ලක්ෂ හයක්වත් යන්න තිබුනා....

    උපුටා ගැනීම
    කැම්පස් අපේ පිටුව-facebook
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    English egenaganna Busuu keyala Premium apk ekak tyanava.Eke oya wagema tyanav liyanna keyanna ahanna okkoma.one kenek ennavanan pm karanna mn dennan.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොන මෝඩයෙක්ද සිංහල-ඉංග්‍රිසි translate කර කර ඉගෙන ගන්නේ :lol:

    මලලසේකර දැක්ක ගමන් කියවන එක නැවැත්තුවා