How to Post a Proper Trip Report on "Travel Sri Lanka" Section

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ත්‍රෙඩ් එක දාන්න කියලා හිතුවේ Elakiri Traveler Section එකේ වැටෙන විවිධාකාරයේ චාරිකා සටහන් දැකලයි. සමහර ත්‍රෙඩ්ස් නිකන්ම නිකන් පින්තූර ටිකක් විතරයි. සමහර ත්‍රෙඩ්ස් වල අගක් මුලක් හොය ගන්න බෑ. සංචාරය කලේ කොහෙද, කොහොමද ගියේ කියලා හොයන්න බෑ. සමහර තැන් තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. සමහර ස්ථාන අහලාවත් නෑ. සමහර ඒවා වල තඩි පින්තූර දාලා කොහෙද කියලා හොයා ගන්න බෑ. ඒ නිසා Traveler Section එකේ ත්‍රෙඩ්ස් වලට ඉදිරිපත් කිරීමේ පිළිවෙලක් යෝජනා කරන්නයි මගේ මේ උත්සහය. මේක අනිවාර්යෙන්ම පිළිපදින්න කියලා නියම කරන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මේ පිළිවෙලට ඔයාලාගේ චාරිකා සටහන ඉදිරිපත් කලොත් ගොඩක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතෙනවා. මම ලියපු චාරිකා සටහන් වලත් යම් තරමකට මේ පිළිවෙල අනුගමනය වෙලා තියෙනවා. ඒත් 100%ක් ම නෑ. ඒත් අදින් පස්සේ මම ලියන හැම චාරිකා සටහනක් ම මේ පිළිවෙලට ඉදිරිපත් කරන්න මම උත්සහ දරනවා.

    1.චාරිකා සටහන පටන් ගන්න පොඩි සාරංශයකින්.
    ඔබ ගිය චාරිකාව දින එක් දිනක චාරිකාවක් කියලා හිතන්න. එහෙම නැති නම් දින 04ක හෝ 05ක එකක් කියලා හිතන්න. ඒ කොයි එක උනත් පොඩි සාරංශයකින් ට්‍රිප් එක පටන් ගන්න.
    උදාහරණයක් විදියට මම ගියපු කච්චතිව් සංචාරය අරගනිමු. කච්චතිව් දූපතේ කරපු සංචාරය ගැන ට්‍රිප් රිපෝර්ට් එක ලියනවා කියලා හිතන්න. මේ තියෙන්නේ ආරම්භය.

    සංචාරකයෙක් විදියට ලංකාවේ අනිවාර්යෙන්ම යන්න ඕනේ කියලා හිතාගෙන හිටිය තැනක් තමා කච්චතිව් දූපත. කච්ච දූව කියලා සිංහල ජනවහරේ කියවෙන්නේ කච්චතිව් දූපතයි. මේ දූපතේ අයිතිය සම්බන්ධව ඉන්දියාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා කියලා ඔයලා දන්නවා ඇති. 1974 වෙනකන් මේ දූපතේ අයිතිය තිබුනේ ඉන්දියාවට. මේ දූපත බොහෝම වැදගත් උනා මුහුදු මාර්ගයෙන් භාන්ඩ ප්‍රවාහනය කරන කාලයේ. ඒවගේම තමා මන්නාරම් මුතු පරයේ සක්‍රීයව මුතු කැඩීම සිද්ධ කරන කාලයේදීත් කච්චතිව් නන් දෙසින් පැමිනි අයගේ නවාතැන්පොලක් උනා කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි 1974න් පස්සේ ඉන්දියාව තීරණය කරනවා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ තියෙන කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට පවරන්න. නමුත් මෑත කාලයේදී ආයෙත් ඔය ගැටලුව පොඩ්ඩක් මතු වෙන්න පටන් ගත්තා. අද වෙනකොට කච්චතිව් දූපතට යන්න සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් වෙන්නේ කච්චතිව් මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙන දවසේ දවල් දෙකෙන් පස්සේ කිසිම කෙනෙකුට දූපතේ ඉන්න බෑ.

    "මේ තියෙන්නේ එලකිරි ඉතිහාසයේ විශිෂ්ඨතම සංචාරක සටහන් ලියන්නා වෙන jkadithya ගේ සූරියවැව ට්‍රිප් රිපෝර්ට් එක පටන් අරගෙන තියෙන විදිය"

    image.jpg


    2. සංචාරය කල කාල වකවානුව,දින ගනන,සහභාගි වූ පිරිස,මැප් එක
    පොඩි සඳහනක් කරන්න ට්‍රිප් එක ගිය කාලය. සමහර වෙලාවට ට්‍රිප් එක ගිහින් අවුරුද්දකින් හරි දෙකකින් හරි වෙන්න පුළුවන් ට්‍රිප් රිපෝර්ට් එක ලියන්නේ. (මගේ කැබලිත්ත ඩොකියුමට්‍රිය වගේ. ගිහින් අවුරුදු දෙකකින් වීඩියෝ එක අප්ලෝඩ් කරේ) ඒ නිසා කාලවකවානුව සදහන් කරන්න. ඔයාලාගේ සංචාරක සටහන පහලට ලියාගෙන යනකොට Accommodation, Food, transportation ගැන වගේ ලියන්න වෙනවා නේ.ඒවා වල මිල ගනන් වෙනස් වෙන්න පුළුවන් කාලයත් එක්ක ඒ නිසා කාලය සඳහන් කිරීම බොහෝම වැදගත්. දින කීයක චාරිකාවක්ද කියලා ඊගාවට කියන්න. එක දවසකට එක මැප් එක ගානේ සංචාරය පරපු ස්ථාන වල Google Map Location List එකක් පෝස්ට් කරන්න. ඒක ගොඩක් උදවු වෙනවා ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට. ඒ වගේම ඔයාලාගේ ටීම් එක ගැන සඳහනක් කරන්න. කාන්තාවන්ට, වයසක උදවියට,ළමයින්ට සංචාරය කරන්න පුළුවන් ස්ථානයක්ද කියලා අදහසක් ගන්න පුළුවන් ඒකෙන්.

    3. අරගෙන යන්න ඕන දේවල්
    ගමන යනකොට අරගෙන යන්න අවශ්‍ය වෙන දේවල් වල ලිස්ට් එකක් පෝස්ට් කරන්න. කෑම්පින් හරි හයික් එකක් හරි ගැන ට්‍රිප් රිපෝර්ට් එකක් ලියනකොට ඊට අදාල ප්‍රදේශයත් එක්ක විශේෂයෙන් ගෙනියන්න ඕන දේවල් එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යාවශ්‍ය භාන්ඩ ලිස්ට් එක හරිම වැදගත්

    "මේ jkadithya මීමුරේ ගැන ලියපු සංචාරක සටහන"

    image.jpg



    4.ට්‍රිප් රිපෝර්ට් එක ලියමු
    දැන් තියෙන්නේ චාරිකා සටහන පිළිවෙලට ඉදිරිපත් කරන එකයි. දින තුනක සංචාරයක් උදාහරණයට ගමු. පළවෙනි දවසේ විස්ථරය ලියන්න පටන් ගමු. මුලින්ම මැප් එක පෝස්ට් කරන්න පළවෙනි දවසේ ගමන් කරපු ස්ථාන වල.

    "මේ cspmaxx ලියපු වැස්සත් එක්ක වෙල්ලස්සට චාරිකා සටහනේ පළමු දවසේ ගමන් මාර්ගය."

    image.jpg


    ඔබගේ ප්‍රවාහන මාධ්‍ය ගැන හැම වෙලාවේම මතක ඇතුව සඳහන් කරන්න. ඔගේ ගමනාන්තයට යෑමට Public Transport නම් පාවිච්චි කලේ. කෝච්චියෙන් ගිහින් බස් එකෙන් ගිහින් එතන ඉඳන් ලොරියකද, ත්‍රීවීල් එකකද, පයින්ද. ඒ විදියට ප්‍රවාහන මාධ්‍ය ගැන හැම අනිවාර්යෙන් විස්ථර කරන්න. ඒක ගොඩක් වැදගත්. ප්‍රවාහන පහසුකම් සොයාගන්නට අමාරු ප්‍රදේශ වල නම් රියදුරන්ගේ contact numbers තියෙනවා නම් ඒවාත් පෝස්ට් කරන්න. කෑම ගැනත් පොඩි සඳහනක් කරන්න. සමහර ප්‍රදේශ වල කෑම ගන්න කඩ නැති වෙන්න පුළුවන්. කෑම පිටින් අරගෙන යන්න වේවි. ඒ දේවල් ගැන පොඩි සඳහනක් කරන්න. ඔය විදියට පළවෙනි දවසේ චාරිකා සටහන ඔයාලා සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන කියලා අවසන් කරන්න. පින්තූර පෝස්ට් කරනකොට 1024x768 සයිස් එකෙන් පින්තූර පෝස්ට් කරන්න. හැම පින්තූරෙටම බැරි උනත් පුළුවන් හැම පින්තූරෙකටම caption එකක් දාන්න.විස්ථර කියවනවාට වඩා පින්තූර බලන්න ගොඩක් අය වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා පුළුවන් තරම් පින්තූර චාරිකා සටහනට එකතු කරගන්න. ඔබ ආහාර ගත්ත කඩේක මෙනූ කාර්ඩ් එකේ පින්තූරයක් ගත්තා කියලා හිතන්න. ඒ මෙනූ එකේ විස්ථර, දුරකථන අංකය ටයිප් කරනවාට වඩා පින්තූරේ පෝස්ට් කරන එක ට්‍රිප් රිපෝර්ට් එක ලියන ඔයාලාටත් ලේසියි. බලන කෙනත් ඒකට කැමතියි. පින්තූරෙට caption එකක් වැටුනාම ප්‍රමානවත්. ඒ වගේම සමහර ස්ථාන වලට පෙර අවසර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ ස්ථාන වගේම, අවසරගන්න ඕනේ කොහෙන්ද, Procedure එක, ඒවෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගැන සඳහන් කරන්න.


    5. නවාතැන්
    ඊට පස්සේ පළවෙනි දවසේ සංචාරක සටහන ඉවර කරන්න ඔබ නවාතැන් ගත් ස්ථානයෙන්. ස්ථානය ගැන පොඩි සඳහනක් කරලා, එතන තියෙන පහසුකම් ගැන විස්ථරයක් කරන්න. දුරකථන අංක සඳහන් කරන්න මිල ගනන් එක්කම. ඒක ගොඩක් ලොකු පහසුවක් ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට.

    "මේ jkadithya ගේ රිවර්ස්ටන් චාරිකා සටහන"

    image.jpg


    6.දිගටම ලියමු
    දින තුනක සංචාරයක් මම උදාහරණයට ගත්තේ. පළවෙනි දවසේ විස්ථර අපි කියලා ඉවරයි නේ. දෙවනි දවසේ විස්ථර ආයෙත් පටන් ගන්න මැප් එකෙන්. දෙවෙනි දවසේ සංචාරය කරපු ස්ථාන එකින් එක ගැන මම මුලින් කිව්ව විදියටම කතා කරගෙන යන්න. ඊට පස්සේ තුන්වෙනි දවස.

    7.කාලගුණය සහ මාර්ග තත්වය
    ට්‍රිප් රිපෝර්ට් එක ඔය විදියට ලියන අතරේ කාලගුණය ගැනත්, ඔබ ගමන් කල පාරවල් වල ස්වභාවය ගැනත් සඳහන් කරන්න. සමහට ස්ථාන වලට කාර් එකකින් යන්න බැරි වෙන්න පුළුවන්. සමහර ස්ථාන වලට 4x4 ඕනේ වෙන්න පුළුවන්. කාලගුණය බොහෝම වැදගත් සමහර තැන් ගැන අදහසක් ගන්න. ඒ නිසා ඒ දේවල් අනිවාර්යෙන්ම චාරිකා සටහනට එකතුකර ගන්න.

    "මේ jkadithya ගේ මන්දාරම්නුවර චාරිකා සටහන"

    image.jpg


    8.ස්තුතිය
    ස්තුති කරන්න ඕනේ අයට ස්තුති කරන්න අමතක කරන්න එපා. ස්තුති කරලා සංචාරක සටහන අවසන් කරන්න.

    "මේ jkadithya ගේ අසුපිණි ඇල්ල චාරිකා සටහන"

    image.jpg


    පුළුවන් හැම අවස්ථාවකම මේ පිළිවෙලට මේ ආකාරයට චාරිකා සටහන ඉදිරිපත් කරන්න. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි..
    :):):)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙකනම් ගොඩක් වටිනව මචන්. මෙහෙම කරනවානම් ගොඩක් හොදයි. සමහර ත්‍රෙඩ් වල තැන ගැන කිව්වට අනෙක් විස්තර හොයන්න වෙනම කට්ටක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙකනම් ගොඩක් වටිනව මචන්. මෙහෙම කරනවානම් ගොඩක් හොදයි. සමහර ත්‍රෙඩ් වල තැන ගැන කිව්වට අනෙක් විස්තර හොයන්න වෙනම කට්ටක් කන්න වෙනවා.

    :yes: :yes: :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    තව දෙයක් ත්‍රෙඩ් එකේ ටයිටල් එකට දාද්දි නිකන්ම ගිය තැන දාන්න එපා.. ත්‍රෙඩ් එකේ උදාහරණයක් ගත්තොත් ඔය "මීමුරේ" ත්‍රෙඩ් එකේ ටයිටල් එකට "මීමුරේ" කියල දැන්මොත් ඕක බලන ගාන අඩු වෙනව. මොකක් හරි ගොන්පාර්ට් එකක් කියල හිත ඇතුලට එන්නෙ නෑ. ගොඩක් අය සෙක්ටන් එක බලන්නෙ නෑ. ඔයාදාපු කැබලිත්ත ගමනත් එහෙමයි.

    ඒකෙ තිබ්බෙත් "කැබලිත්ත" කියල විතරයි.. මම ඒ ත්‍රෙඩ් එකට ආවෙ එකම දිගට කීප වතාවක්ම හෝම් එකේ තිබ්බ නිසයි වෙන බලන්න තිබ්බ ත්‍රෙඩ් එක නැති නිසයි.. ආවට පස්සෙයි දැක්කෙ ට්‍රැවල් එකේ දාපු හොද ත්‍රෙඩ් එකක් කියල.

    ඒක් නිසා ටයිටල් එක දැක්ක ගමන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් කියල අදුන ගන්න පුලුවන් ටයිටල් එකක් දාන්න. :cool:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දෙයක් ත්‍රෙඩ් එකේ ටයිටල් එකට දාද්දි නිකන්ම ගිය තැන දාන්න එපා.. ත්‍රෙඩ් එකේ උදාහරණයක් ගත්තොත් ඔය "මීමුරේ" ත්‍රෙඩ් එකේ ටයිටල් එකට "මීමුරේ" කියල දැන්මොත් ඕක බලන ගාන අඩු වෙනව. මොකක් හරි ගොන්පාර්ට් එකක් කියල හිත ඇතුලට එන්නෙ නෑ. ගොඩක් අය සෙක්ටන් එක බලන්නෙ නෑ. ඔයාදාපු කැබලිත්ත ගමනත් එහෙමයි.

    ඒකෙ තිබ්බෙත් "කැබලිත්ත" කියල විතරයි.. මම ඒ ත්‍රෙඩ් එකට ආවෙ එකම දිගට කීප වතාවක්ම හෝම් එකේ තිබ්බ නිසයි වෙන බලන්න තිබ්බ ත්‍රෙඩ් එක නැති නිසයි.. ආවට පස්සෙයි දැක්කෙ ට්‍රැවල් එකේ දාපු හොද ත්‍රෙඩ් එකක් කියල.

    ඒක් නිසා ටයිටල් එක දැක්ක ගමන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් කියල අදුන ගන්න පුලුවන් ටයිටල් එකක් දාන්න. :cool:

    :cool::yes:
    Well said!!!