රෑ බදුල්ලා - Internet Dongle
නෙතු ගැටිනි
හිත ඇදුනි
ගත පිනුනි
ගොඩ වැදිනි
ගොඩ උනා ඒ මොඩර්න් කඩයට
සුරූ පිණියන් මාව වටකොට
ඩිස්.. කවුන්ට් සමගින්.. වැඩිම ගානට
රෑ බදුල්ලෙක් දුන්නා මා හට
සුදුයි සුමුදුයි ලස්..සනයි මුත්තේ
බලුබ් දානවා පස්ස පැත්තේ
ඔලුව ගලවා
මැසිමෙ ගැහුවා
ලයිට් දල්වා
කනෙක්ට් කිව්වා
ඔලුව කඩලත්
ඇඟම වැඩ නේ
විශ්වයම උගෙ
ඇඟේ තිබුනේ
අනේ මන්දා අරුම පුදුමේ
කොහොම හැදුවද මෙව්වා අම්මේ
පොල් කුරුමිණියා කනේ ගහනවා
හලෝ හවා යූ කියා අහනවා
කැමරා වීඩීයෝ රේඩියො ඔක්කොම
කැල්කියුටරේ ඇතුලෙ තියෙනවා
යට ලීයෙන් පීදුනු සුර අඟනුන්
කොම් පියුටරයේ තිරෙන් වඩිනවා
කේඨ ග්‍රන්ති මන පිනවා යනවා
රෑ බදුල්ලා හොරැහෙන් හිනැහෙනවා
මේක මම ගොඩක් ආසාවෙන් කියවපු එකක්
ඉස්සුවේ මෙතනින්.
මගේ රස්සාවටත් සම්බන්ද නිසා තමයි මේ ටික කියන්නේ

ඔය යටලීයන් මොනිටරේට එන අංගනාවන් නිකන්ම එන්නේ නැහැ මචන්ලා


ගොඩාක් මිනිස්සු දිවා රෑ පුදුම විදිහට දුක් විඳිනවා

ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු දකින්නේ ප්‍රොමෝෂන් වල ඉන්න ලස්සන කෙල්ලෝ කොල්ලෝ විතරයි.

(ඔය පෙට්ටියක් ඇතුලේ ඉන්න මගේ රෑ බදුල්ලා)
re-post නම් සොරි ඉතින්
නැත්නම් මේක බෙදාගත්තට මටත් සලකල යන්න




