PyScript කියන්නේ Anaconda එකෙන් මීට මාසෙකට විතර කලින් Browser එකේ පාවිච්චියට Python Code ලිවීම සඳහා release කරපු අලුත් technology එකක්. ඒක පාවිච්චි කරලා දැන් server-side configurations මොනවත්ම නැතුව "කෙලින්ම" HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා JavaScript එක්ක ලේසියෙන්ම Python Combine කරන්න පුළුවන්ලු. හොඳම වැඩේ කියන්නේ PyScript පාවිච්චි කරලා numpy, pandas, scikit-learn වගේ Python Libraries සුත් කෙලින්ම HTML File එකක් අස්සට import කරලා පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්ලු. ඒ හින්දා Machine Learning, Data Science වගේ Subjects කරන කට්ටියට මේක පට්ට වැදගත් වෙයි.
PyScript පාවිච්චි කරන්න පටන් ගන්න ඕනෙ විදිහත් මාරම ලේසියි. ඔයගොල්ලොන්ට එක්කෝ PyScript Download කරගෙන Assets ටික Copy කරගෙන පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්. හැබැයි ඒකට වඩා තියන ලේසිම ක්රමේ තමා අලුත් Project එකක් Open කරලා ඒක අස්සේ !DOCTYPE html File එකක් create කරලා ඒකෙ Head Section එකට පහත සඳහන් tags දෙක Add කරන එක.
දැන් ඔයගොල්ලන්ට කිසිම ගේමක් නැතුව HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පටන්ගන්න පුළුවන්. (හැබැයි ඉතින් මේ ක්රමේට PyScript පාවිච්චි කරනවානම් internet connection එකක් තියෙන්න ඕනෙ ද කොහෙද.)
HTML File එකක් අස්සේ PyScript පාවිච්චි කරලා Python Code ලියද්දී ඒ code එක ලියන්න ඕනේ <py-script> </py-script> කියලා tag එකක් අස්සෙයි.
උදාහරණයක් විදිහට HTML File එකක් අස්සේ Python වලින් Hello World Program එකක් ලියන්නේ මෙහෙමයි.
දැන් මේ HTML File එක Live Server Extension එකෙන් Open කරාම Hello World! කියන output එක browser එකේ බලාගන්න පුළුවන්.
PyScript හදලා තියෙන්නේ WebAssembly කියන technology එක පාවිච්චි කරලා. PyScript Documentation එකේ python libraries HTML File එකට import කරන හැටි වගේ දේවල් ගැන එහෙම තව විස්තර ගොඩක් අන්තර්ගත වෙලා තිබ්බා. එකත් අනිවාර්යෙන්ම බලන්න. මට මේ සම්බන්ධව හම්බුන resources ටිකේ links ටික මං පල්ලෙහායින් දාන්නම්.
https://pyscript.net/
https://github.com/pyscript/pyscript/tree/main/docs

HTML:
<link rel="stylesheet" href="https://pyscript.net/alpha/pyscript.css" />
<script defer src="https://pyscript.net/alpha/pyscript.js"></script>
දැන් ඔයගොල්ලන්ට කිසිම ගේමක් නැතුව HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පටන්ගන්න පුළුවන්. (හැබැයි ඉතින් මේ ක්රමේට PyScript පාවිච්චි කරනවානම් internet connection එකක් තියෙන්න ඕනෙ ද කොහෙද.)
HTML File එකක් අස්සේ PyScript පාවිච්චි කරලා Python Code ලියද්දී ඒ code එක ලියන්න ඕනේ <py-script> </py-script> කියලා tag එකක් අස්සෙයි.
උදාහරණයක් විදිහට HTML File එකක් අස්සේ Python වලින් Hello World Program එකක් ලියන්නේ මෙහෙමයි.
HTML:
<py-script> print('Hello World!') </py-script>

Last edited: