Huawei විසින් Apple පරදයි!

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Huawei විසින් Apple පරදයි!

    හුවාවි සමාගමේ CEO රිචඩ් මහත්තයා ලගදි ලෝකේ විශාලතම දුරකථන අලෙවිකරුවන් ගෙන් එක්කෙනෙක් වෙච්ච් ඇපල් සමාගමට පොඩි චැලෙන්ජ් එකක් කලානේ.

    ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව.

    හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා.

    ඒවගෙම මීට දින කීපෙකට කලින් ප්‍රසිද්ධ කල Huawei Hisillicon Kiron 970 SoC එකේ තියෙනවා වෙන කිසිම SoC එකක නැති අතිශය දියුණු කෘතීම බුද්ධි ඒකකයකුත්. ඒ ස්නායුක ප්‍රොසෙසරය ටෙරා ෆ්ලොප්ස් 1.92ක බලයක් සහිත ස්නායුක ප්‍රොසෙසරයක්!
    Google Assistant වගේ සහායකයන්ට මේ විශේෂ ප්‍රොසෙසරය අතිවිශාල උදව්වක් වේවි.

    ඒවගේම මේ ස්නායුක ප්‍රොසෙසරය නිසා තප්පරයට ඡායාරූප 2000කට අධික ප්‍රමාණයක් මේ SoC එකෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. කැමරාව ඉහල ගුණාත්මක හා වේගවත් වෙන බවට ඒක සාක්ෂියක්.

    ඒවගේම Kirin 970හි GPU එකත් අතිප්‍රභල ARM Mali G72 Bifrost MP12 එකක්. එය ප්‍රොසෙසර 12ක GPU එකක්.

    කොහොම නමුත් හුවාවි මේට් 10 දුරකථනය නිකුත් කරන්නත් කලින්ම හුවාවි සමාගම තවත් අංශයකින් ඇපල් සමාගම පරදවලා තියෙනවා කියලා අපිට ආරංචි උනා.

    ඒතමා ලෝකේ දෙවනියට විශාලතම දුරකථන අලෙවි සමාගම වෙච්ච ඇපල් සමාගම පරාද කරලා හුවාවි සමාගම සැම්සුන්ග් සමාගමට පමණක් දෙවනි වෙමින් ලෝකෙන්ම දෙවනි තැනට පත් වෙච්ච එක.

    ඒකේ තේරුම ඇපල් සමාගම දැන් 3ට වැටුනා කියන එක. පහුගිය කාර්තුවල ඇපල් සමාගම ක්‍රමයෙන් අවපාතනයකට ලක්වෙමින් සිටි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    මේ තත්වය තවදුරටත් වර්ධනය වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන් හුවාවි සමාගමෙන් ඔවුන්ගේ පෙරලිකාර Mate 10 දුරකථනය නිකුත් කිරීමත් සමගම!

    (උපුටා ගැනීමකි)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Leica optics එක්ක අනිත් ෆෝන් කැමරා වලට තරග කරන්න බැහැ කොහොමත්.උන් කැමරා කාපු උන්.1849 ඉදන් කැමරා හදන්නේ.
     
    • Like
    Reactions: Hansa13

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍

    ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව.

    හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා.


    ඉතින් බන් අභියෝග කරලා තියෙන්නේ iphone 8 එකත් එක්කනේ. iphone 8 release කරන්නෙත් අදනේ.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඉතින් බන් අභියෝග කරලා තියෙන්නේ iphone 8 එකත් එක්කනේ. iphone 8 release කරන්නෙත් අදනේ.

    kawda bun danne. samahara wita okun dannawa athi ilaga ekat. leak wuna naha mai kiyala kiyannat baa ne.