යාළුවනේ, මං පාවිච්චි කරන්නේ Huawei Y5P පෝන් එකක්, මේ ළඟදී ඉඳලා notification bar එක එන්නේ නෑ. ඒ වෙනුවට Search bar එකක් හා Suggested Apps කියලා එකක් එන්නේ, මේක හදා ගන්න විදියක් නෑ. Huawei customer support එකටත් කතා කළා, ඒ අයගේ උපදෙස් අනුවත් හරිගියේ නෑ. අන්තිමේ දී කිව්වා Service Centre එකට ගේන්න කියලා. ඉතින් ලොකුම ගැටළුව තමයි Torch එක පාවිච්චි කරන්න විදියක් නෑ හදිසියකටවත්. මේ පෝන් එකේ Torch එක On / Off කර ගන්න වෙනත් විදියක් තියෙනවා ද? අඩු ගානේ ඒ සඳහා App එකක් හරි තියෙනවා ද, උපදෙස් දෙන්න. ස්තුතියි.
Last edited: