neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    iroof DTH quality eka eka vage ban

    රස්නේ කොහොමද?ඇයි බන් රෝමාන් උළු වලට ගියේ නැත්තේ.වොරන්ටි කොච්චර කල් දුන්නද?.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    quality එක බලනවානම් i-Roof හොඳයි.. ලාබය බැලුවොත් Asbestos අඩුයි. DTH දන්න තරමට ගොඩක් quality එක අඩුයි.

    මට හිතෙන විදිහටනම් iroof DTH එකම quality ,iroof එක ගණන් උන් එක පට්ට විදිහට මාර්කට් කරනව ,අරුන් ඇහෙම නෑ.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    රස්නේ කොහොමද?ඇයි බන් රෝමාන් උළු වලට ගියේ නැත්තේ.වොරන්ටි කොච්චර කල් දුන්නද?.

    රස්නේ නම් මචන් ඇතුලට දැනෙන්නෙ නෑ , roof එකේ layer එකකින් රස්නේ හරවනවා කියල කියනවා උන් , වහලේ උඩ නැගගෙන ඉන්න අමාරුයි heat resistant layer සීන් එක ඇත්ත වගේ ,

    warranty එක 15 yrs colour එකට , 15 වලට පස්සේ roof එකක් damage උනොත් මාරු කරලා දෙනවාලු
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    • Like
    Reactions: jsandun

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    රස්නේ නම් මචන් ඇතුලට දැනෙන්නෙ නෑ , roof එකේ layer එකකින් රස්නේ හරවනවා කියල කියනවා උන් , වහලේ උඩ නැගගෙන ඉන්න අමාරුයි heat resistant layer සීන් එක ඇත්ත වගේ ,


    හරි මචන්.උබ හොදයි කියලා හිතනවානම් එච්චරයි:love:.කීයක් ගියාද බන් වහලෙට?
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හරි මචන්.උබ හොදයි කියලා හිතනවානම් එච්චරයි:love:.කීයක් ගියාද බන් වහලෙට?

    හොදයි කියලනම් හිතෙනවා එත් ඉතින් 10yrs වගේ වෙද්දී කරකුට්ටන් වෙලා යයිද දන්නේ නෑ:P:P

    1880ft finishing වහලෙට 14ක් ගියා මචන් fully complete කරන්න වැහි පීලිත් දාල (ROOF එක DTH ,සිවිලිම Ipannel )
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    හොදයි කියලනම් හිතෙනවා එත් ඉතින් 10yrs වගේ වෙද්දී කරකුට්ටන් වෙලා යයිද දන්නේ නෑ:P:P

    1880ft වහලෙට 14ක් ගියා මචන් fully complete කරන්න වැහි පීලිත් දාල (ROOF එක DTH ,සිවිලිම Ipannel )

    :Dඒකනේ බන් අවුල.ගාණත් හිතුව තරම්ම අඩු නැහැ වගේ.ඒත් උළු දානවට වඩා ටිකක් ලාභයි නම් තමා.DTH ලා 15 years වොරන්ටි දෙන එක නම් ලොකු දෙයක්.අර i-roof කාරයෝ වොරන්ටි දෙන්නේ 10 years ලු:rofl:..උබ කිව්වා හරි උනුත් අර අයිෆෝන් වගේ මාකටින් වලින් තමා මිනිස්සු අල්ලන් ඉන්නේ.:yes:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    :Dඒකනේ බන් අවුල.ගාණත් හිතුව තරම්ම අඩු නැහැ වගේ.ඒත් උළු දානවට වඩා ටිකක් ලාභයි නම් තමා.DTH ලා 15 years වොරන්ටි දෙන එක නම් ලොකු දෙයක්.අර i-roof කාරයෝ වොරන්ටි දෙන්නේ 10 years ලු:rofl:..උබ කිව්වා හරි උනුත් අර අයිෆෝන් වගේ මාකටින් වලින් තමා මිනිස්සු අල්ලන් ඉන්නේ.:yes:

    ft කියක වහලයක්ද ගහන්න යන්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ft කියක වහලයක්ද ගහන්න යන්නේ

    තවම ගේ වැඩ ඉවර නැහැ බන්.යට තට්ටුව කම්ප්ලීට් කරගෙන ඉන්නවා ඉස්සෙල්ලා..ඊට පස්සේ තමා උඩ පටන් ගන්නේ.මම හිතන්නේ උබේ වහලේ ගානම වගේ තියෙනවා..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    181009721.jpg



    Mewage ceiling ekak hadagana one bedroom ekata. uda tiyenne slab ekak neme. me wage ewa karana aya lanakwe innawada?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මැටි උළු ඔබේ වහලට වඩාත් යොග්‍ය වන්නෙ ඇයි?

    ඔබගෙ නිවාස හො කර්යාල ගොඩනැගිලි සදහා වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම, එහි බාහිර අලංකාරය වඩවනවා මෙන්ම සමස්ත ජීවිත කාලයටම කරන වැදගත් ආයෝජනයක් ද වේ.

    සෙවිලි උළු, එහි මූල්‍යමය සහ පාරිසරික ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් හේතු සාධක කොට ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත සෙවිලි ද්‍රව්‍ය වී ඇත. වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම නිවසක් ඉදිකිරීමදී තීරනාත්මක පියවරකි. සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන උළු ඝර්ම කලාපීය දේශගුණය සඳහා වඩාත් සුදුසු සෙවිලි ද්‍රව්‍ය වීමට බලපාන සාධක රැසකි.

    සෞන්දර්යාත්මක අගය

    අලංකාරය හා මනා නිමාව එකට කැටි වූ උළු ඔබගෙ සිහින නිවසට අමුතුම චමත්කාරයක් එක් කිරිමට සමත් වෙයි.

    කාලයත් සමග ඇතිවන ප්‍රතිලාබ

    විකල්ප සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු කාලයත් සමග විවිධ කාලගුණ තත්වයන්ට නිරාවරණය වීමෙ ප්‍රතිපලයක් ලෙස ඒවායෙ ඔරුත්තු දීමේ හා දරා ගැනිමේ ගුණාංග වර්ධනය වේ.

    කල්පවත්නා බව

    සෙවිලි උළු දිගු ආයු කාලය සහ ඔරුත්තු දීමේ හැකියාව නිසා ප්‍රචලිත යි.

    පරිසර හිතකාමී බව

    මැටි සියයට සියයක් ස්වාභාවික, දිගු කාලීන පැවැත්මක් සහිත, පරිසර හිතකාමී එනම් පරිසරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ස්වාභාවික සම්පතකි. එමෙන්ම අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු මිනිස් සෞඛ්‍යයට හා පැවැත්මට ද හිතකර නිෂ්පාදනයකි.

    ආර්ථික ප්‍රතිලාබ

    බලශක්ති කාර්යක්ෂමතාව -

    ඔබගෙ නිවසෙ විදුලි බිල අවම කිරිමෙ හැකියාව සෙවිලි උළු සතු බව ඔබ දන්නවාද? පර්යේෂණයන්ට අනුව උළු තාපය අවශෝෂණය කරනවා වෙනුවට තාපය පරාවර්තනය කරන බවත් එමගින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කරන බවත් අනාවරණය කරගන ඇත.

    ආයෝජන වැදගත්කම

    සෙවිලි උළු තෝරා ගැනීම අනාගතයට කෙරෙන වැදගත් ආයෝජනයකි. සෙවිලි උළු අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය හා සසඳා බැලීමෙදී දිගු ආයු කාලයකින් සහ ඔරුත්තු දීමේ හැකියාවකින් යුක්තය. එසේම උළු සෙවිලි කල වහලයෙ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු අවම බැවින් ඒ සදහා වැයවෙන පිරිවැය අවම වේ.

    ප්‍රතිරෝධක අගය

    සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන සෙවිලි උළු දීර්ඝ කාලීනව විවිධ කාලගුණ තත්වයන් යටතේ නොවෙනස්ව (වර්ණය හා හැඩය ආරක්ෂා ව) පැවතීමේ හැකියාවෙන් යුක්ත අතර ශක්තිමත් උළු කැට කෘමිසතුන්ගෙන් වන හානි වලින්ද තොර වේ. එසේම අධික තාපයට හා දැඩි සුළඟට ඔරුත්තු දීමේ හැකියාව සහිත උළු ස්වභාවික උවදුරු වලින් නිවසට වන හානියද අවම කරයි.



    d9398b72e38f4703a1416b7071ec39da_XL.jpg

    මේ ඔක්කොමත් හරි , වහලේ වඳුරෝ දිව්වම උළු කැට එහා මෙහා වෙන එක නේ අවුල :(