ඔය කියන කිරිස්තියානි ආගම හොදයි කියමුකෝ. ඔය මහත්තයා ඒ ආගමට කන්වර්ට් උනා කියලත් කියමුකෝ. ඔය මහත්තයා වැදගත් මහත්තයෙක් කියලත් හිතමුකෝ. ඉතිං ඇයි අවැදගත් වැඩ කරන්නේ? අවුරුදු විස්සක් බත් කාපු පිගානට රෙන්න තරම් පහතට වැටෙන්න එපා. ඔය මහත්තයාට මේ මහ පොළව උඩ හිටගෙන ඉන්නෙ පොඩි කාලෙ බුදු දහමින් ලැබිච්ච ගුණ දහම් නිසා නේද? වෙන ආගමකට ගියාට කමක් නෑ. බුදු දහම බාල්දු කරන්න එපා. ඔය කිරිස්තියානි ආගම බංකොලොත් නිසා නේද අන් ආගම් වලට පහර ගගහ ප්රමෝට් කරන්නෙ? බුද්ධිය මෙහෙයවලා වැඩ කරන්න. ජාතියක් ජන්මයක් නැති වුනාට වදපු අම්මට ලෝකයාගෙන් බැනුම් අස්සවන්න එපා.




