මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ හැසිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලානයේදි ඉන්දීය කණ්ඩායමට විශේෂ වරප්‍රසාද ලබා දෙන බවටද චෝදනා එල්ල වෙමින් පවතී.
මේ අතර සෙසු ආසියාතික රටවලට පන්දු යවන්නන්ට උචිත තනතීරු ලබා දී ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන්ට සුදුසු පැතලි තනතීරු ලබා දීමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුම මගින් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලීට විශේෂ ප්‍රචාරණයක් ලබා දීම පක්ෂග්‍රාහී බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා. හිටපු එංගලන්ත නායක, ක්‍රිකට් විචාරක මයිකල් වෝන් පෙන්වා දෙන්නේ අයී.සී.සීය ඉන්දියාවට පක්ෂපාතී බවය.
අයි.සී.සීයේ නිල ට්විටර් ගිණුම මගින් විරාත් කෝලිට රජ ඇඳුමක් අන්දවා එක්කළ ඡායාරූපයකට වෝන් මෙම ප්‍රතිචාර දක්වා තිබුනා.