පෙට්‍රල් හා ඩීසල් මිල අද (01) මධ්‍යම රාත්‍රිය&
පෙට්‍රල් හා ඩීසල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 න් ද ඉහළ නැංවෙනු ඇති බව සඳහන් වෙනවා.
මෙම මිල ඉහළයාමත් සමග 90 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 125 දක්වා ද, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 133 සිට රුපියල් 143 දක්වා ද ඉහළ නැංවෙනු ඇත. ඩීසල් ලීටරයක මිල රුපියල් 73 සිට රුපියල් 76 දක්වා ඉහළ යනු ඇත.