ගල් ගැහෙන සීතලේ විභාගය ලියන්න කිලෝමීටර් 5 ක් පයින්ම ගිය පුංචි “Ice Boy 

ගුරුවරුන් පවා මවිත කරමින් අයිස් කඳක් වූ දරුවා පංති කාමරයට එයි....
ඇස් පිහාටු පවා හිමෙන් මිදෙන සීතලක්...
චීනයේ යුනාන් ප්‍රාන්තයේ පසුගිය දවසක ෂින්ජිහි ප්‍රථමික පාසැලේ වසර අවසාන වාර විභාගය පැවැත් වුණා. විභාගයට සිසුන් 17 දෙනෙකු පෙනී සිටිය යුතුව තිබුණත් එක් සිසුවෙකු පැමිණ නැති බව ප්‍රධාන ආචාර්යවරයාට පෙනී ගියේ පන්ති කාමරයේ සිසුන් 16 දෙනෙකු පමණක් වාඩි වී සිටීම නිසයි.
අත් ඔරලෝසුව දෙස බලා සිටි ආචාර්යවරයා පුදුම කරමින් හිමෙන් වැසී ගිය සුදු හිසක් සහ සුදුවී ගිය ඇහි බැමක් ඇති කුඩා දරුවෙකු හදිස්යේම පන්ති කාමරයට ඇතුළු වුණා.
නිමේෂයකින් පියවි සිහියට පැමිණි ප්‍රධාන ආචාර්වරයාට තේරුම් ගියේ මේ පැමිණ ඇත්තේ නියමිත වෙලාවට පැමිණි නොසිටි කුඩා දරුවා බවයි. ඔහු වෙත ලංවී බැලූ ඔහුට සිය ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ 8 හැවිරිදි මේ කුඩා දරුවාගේ කොණ්ඩය සහ ඇහිබැම සීතලෙන් අයිස් වී ගොස් සිටි නිසයි. ඔහුගේ දෑත් තද සීතල නිසා ගල් වී තිබුණා.
හිම කුණාටු මධ්‍යයේ විභාගය අතපසු කිරීමට මැලි වූ මේ කුඩා දරුවා කිලෝමීටර් 5 ක පමණ දුරක් හිස් වැසුමක් වත් නොමැතිව පාසලේ වෙත හුදකලාවම පැමිණ තිබුණා. ආචාර්යවරයා තවත් පුදුමයට පත් වූයේ ඒ අවස්ථාවේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක (-9) ලෙස උෂ්ණත්ව මානයේ සටහන් ව තිබීමෙන්.
යුහුසුළු වූ ආචාර්යවරයා මෙම දරුවාගේ ජායාරුප කිහිපයක් ගෙන මුහුණු පොතට එකතු කලේ ඔහුගේ වීර ක්‍රියාව ගැන සටහනක්ද තබමනි. ඔහුගේ පරමාර්ථය වුයේ මෙම ක්‍රියාව අනෙක් දරුවටත් ආදර්ශයක් වනු දැකීමයි.
නමුත් අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් පැතිරී ගිය මෙම පුවත කණ වැකුණු බොහෝ ලෝක වාසීන් මෙම කුඩා දරුවාට උදව් කිරීමට එක් රොක් උණා.“Ice Boy” යන අනුවර්ත නාමයද පටබැදුණු මේ කුඩා දරුවාගේ මෙම ක්‍රියාව ලෝකයාගේ පැසසුමට ලක් වූවා පමණක් නොව උණුසුම් කබා, සපත්තු , අත් මේස් ගැනීමට ඇමෙරිකානු ඩොලර් 15,000 ක පමණ මුදලක්ද ඔවුන් විසින් ඒවා තිබුණා. ඊට අමතරව පාසැල වෙත කාමර උණුසුම් කිරීමේ උපකරණ 20 ක්ද උණුසුම් කබා 144 ක්ද ඒවා තිබුණා.