If you have a bajaj motorcycle, then come and read this thread

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කොල්ලනේ. මම ටික දවසකට කලින් බජාජ් සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා. ඒකෙදි මම ගොඩක් දේවල් දැක්ක. මට පෞද්ගලිකව එකඟවෙන්න බැරි. මම උනත් මගේ සහෝදර වැඩකරන කොල්ලො එක්ක ඕව ගැන පංඩිතකම් කියවන්න ගියේ නෑ.

    මෙන්න මේ වගේ පුංචි පුංචි අවුල් දේවල් ඔයාලගේ බයික් එකට වෙන්න පුලුවන් සර්විස් එකේදී.

    01 20/40 , 20/50 යෙන එන්ජින් ඔයිල් බයික් වලට දානකොට. ඔයින් එක වර්ගයක් ඉවර වෙලා තිබ්බොත් අනිත් එක උන් දානව. ඒක නම් එච්චරම දෙයක් නෙමේ :P

    02 බයික් එක හෝදන්න ටැංකිය, කප් දෙක ගැලෙව්වම. ෂොක්ස් කවර් අරව මේව දාල තියෙනවනම් ඔයාලම ගලවන්න අපි ගලවන්න කලි්න්. වැඩ කරන කොල්ලෝ කරකවල අබරලවන අදිනව :D මමදැක්ක අලුත් බයික් කීපයක එහෙම කරන කොට ෂොක් එකේ ඇතුල් පැත්ත ටිකක් සුදු වෙනව. පේන්ට් එක පට්ට බාලයි :sorry:

    03 හෝදන තැනට යන්න පුලුවන් නම් ගිහින් බලන් ඉන්න. අපේ උන් ගන් එක අල්ලනව මීටර් පැනල් එකට ලංකරල කෙස් යන්න බැරි නෑ ඒ වැඩෙන්.

    04 එයාර් ෆිල්ටරේ පිරිසිදු කරන කොට බලන්න පුලුවන්නම් බලන්න පිරිසිදු බූමිතෙල් එකකද මුන් ඒක ඔබල ගන්නේ කියල. සමහර වෙලාවට ඒකේ අනිත් පැත්තත් වෙන්න බැරි නෑ :P

    05 අනිත් එක හුලන් සාමාන්‍යයෙන් ඉස්සරහට 25යි පිටුපසට 35ක් වගේනේ ගහන්නේ. උන් තිතටම ගහන්නෑ ගොඩක් වෙලාවට. මම දැකල තියෙනව පිටුපස්ට 38, 40 වගේ වදිනව. :rofl:

    06 සයිඩ් කප් එහෙම එක වගේ බයික් කීපයක් තියෙන නිසා. මාරු වෙන්න පුලුවන්. කොල්ලෝ ගලවල තියෙන රැක් එක සහ හෝදන්න අරන් ගිහින් එතනම ගෙනත් තියනව කියල ටච් එකේ ඉන්න.

    07 අනිත් එක ඔය වැඩ කරන කොල්ලෙක්ට පොඩ්ඩක් සලකන්නම් කියල කිව්වොත් උන් උගේ එකක් වගේ පරිස්සමට කරල දෙනව. වෙන වැඩ කරන එ‍කෙක්ටවත් ලං වෙන්න දෙන්නෑ. අරූට පෙන්න මැරීගෙන වැඩ :D ටිප් එක 100ක් වගේ දුන්නත් අවුලක්නෑ. :D

    යූස්ෆුල් කියල හිතෙනව නම් රිප්ලයි එකක් දාගෙන යන්න. :P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Service එකට ගියාම නම් හොදට කල්පනාවෙන් ඉන්න ඕනේ
    ඇත්ත කතාව