මම මේකට reply එකක් දැම්මම උඹට අායෙත් තරහ යයිද දන් නෑ. හැබැයි සමහර විට උඹ තරහ අරන් හරි ජීවිතයට යමක් ගනියි, එ‍් වගේම වෙනස් වෙන්න වුණත් ඉඩක් තියෙනවා කියල හිතන නිසා දාන්නෙ.
අපි බං සාර්ථක වෙන්න කරන්න ඕන මේ මේ දේවල් කියල සමාජයෙ හෙන රාමුවක් තියෙනවා. එ‍්වා නැත්තම් අසාර්ථකයි කියල කට්ටිය දකින්නෙ. ලොකුම කේස් එක පිට උන් එහෙම හිතද්දි තමන්ගෙ විදිහට ඉන්න සමහර උන්ට වුණත් එ‍්ක දරා ගන්න අමාරු එක. ඉතින් උන් අාස තැනින් පිට පැනලා උන්ගෙ approval හම්බෙන දෙයක් කරන්න හදනවා. එතකොට දියුණු වෙනවා කියල හිතන්නෙ.
හැබැයි බං මට නම් ජීවිතේ වැදගත්ම දේ තමයි මට ඕන වෙලාවට නිදාගෙන, මට ඕන වෙලාවක නැගිටලා, මට ඕන දෙයක් කරලා සතුටින් මානසික ශාරීරික සෞඛ්‍යය දෙකම තියාගෙන ඉන්න එක. මට එක එකාගෙ time table වලට වැඩ කරන්න බැහැ. එහෙම ඕනෙත් නෑ. මම හිතන්නෙ මගෙ තියෙන ලොකුම දක්ෂතාවය තමයි එක එකා කියන දේ අහන් නැතිව මට ඕන විදිහට ඉන්න පුළුවන් එක.
එ‍්ක ඉතින් ලඟ නොබලා Steps ගාණක් ඉස්සරට දුර දකින්න තරම් IQ එකක් තිබීමේ ප්‍රතිඵලයක්. කට්ට කාලා ගේමක් ගහල ගොඩ යන්න උත්සාහ කරන එක පට්ට. හැබැයි ඔය සියල්ල අවසානයෙ තමන්ට අැත්තටම ඕන සතුටනෙ බං. සතුට නිදහස ඊට වඩා හරිම ලේසියෙන් ලං කරගන්න පුළුවන්. ඕක කිව්වම ඉතින් කට්ටියට උෟරු ජුවල්.
ගොඩක් උන් අනාගතය සතුටින් ඉන්න අද නාස්ති වෙනවා. නාකි වෙලා වතුර ඉල්ල ගන්න කසාද බඳිනවා. Social media දාන්න travel කරනවා, ලොකු දේවල් කනවා, ගණන් ජාති බොනවා. අපි මේක කරා කියල ලෝකෙට කියන එක තුළයි උන් සතුට හොයන්නෙ. අවුල කියන්නෙ බං ඕකෙ අැතුළ සිරාවටම පුස්නෙ. උඹලගෙ ඔලුවෙ බිස්නස්වලින් මවපු විකාරයක්.
මාත් ඔය හැමදාම අැවිදින්න යද්දි තැන් තැන්වලින් පොඩි කෑම ජාති කනවා. පට්ට රසයි. නියම පොරවල් හම්බෙනවා. මේ අවට beach වලට එහෙම ගිහින් නිදහසේ සිංදුවක් අහල එනවා. හිතුණොත් දුවනවා නානවා. ඔව් මහා ලොකු දේවල් නෙවෙයි. උඹලට හිනාත් යයි. ඔව් එ‍්වා පින්තූර ගහල දාන්න වටින දේවල් නෙවෙයි. හැබැයි MRI එකක් කරල මොළේ බැලුවොත් අැත්තටම සතුටින් ඉන්නෙ කවුද කියලත් උඹලටම පෙනෙයි.
ඉතින් මම කියන්නෙ මොකක් හරි epiphany එකකට අැවිත් නිසා රස්සාව හොයන්නෙ අැත්තටම මොකටද කියල මුලින්ම හිතල බලහන්. ජීවත් වෙන්න අැති තරම් සල්ලිත් තියෙනවා නම්, passive income එකකුත් එනවා නම්, තවත් කට්ට කාලා දියුණු වෙලා සතුටින් ඉන්න හදනවා වෙනුවට දැන්ම සතුටින් ඉඳපන්. අැත්තටම උඹට සාමාන්‍ය විදිහට සතුටින් ජීවත් වෙන්න අඩුපාඩුවක් තියෙනවද? නෑනෙ. උඹලා ඔය දුවන්නෙම බොරු හීනයක් පස්සෙ බං.
අවුල කියන්නෙ ඕක භාර ගන්න උඹලට අමාරුයි. මම මෙහෙම කියද්දි අැහුවත් කවුරු හරි රැල්ලට අහු වෙලා ගහගෙන යන එකෙක් කිණ්ඩියක් දැම්මොත් අායෙ පැනලා පීනන්න පටන් ගන්නවා. තමන්ට සතුටින් ඉන්න පුළුවන් පොඩි income එකක් හදාගෙන හොඳින් හිටපන් බං.
අන්න එදාට උඹලා මාව තේරුම් ගනියි. මම හිතන්නෙ අවුරුදු 32 ත් පහු වුණාට මම නම් stress එක කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන් නෑ. එහෙම එකක් කවදාවත් විඳලත් නෑ. මට නම් එ‍්කම තමයි මගෙ ජීවිතේ ලොකුම ජයග්‍රහණය.
අවසාන වශයෙන් ඔව්, මේ වගේ අදාළම නැති දේකට වුණත් සතියෙ දවසක උදේ මෙහෙම හෑල්ලක් ලියල දාන්න තරම් මට නිදහස තියෙනවා. එ‍්කෙන් උඹලට ගන්න පුළුවන් දේ ගනින්.
Good luck.
