ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ හමුවක් පැවැත්වෙනු ඇත.
ඉන් අනතුරුව මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.
එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් 20 වැනිදා පස්වරුවේ එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 21 වැනිදා උදෑසන පැවැත්වෙනු ඇත.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි (Masahiro Nozaki) එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.