IMF තීරණය 21වැනිදා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ හමුවක් පැවැත්වෙනු ඇත.

    ඉන් අනතුරුව මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.

    එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් 20 වැනිදා පස්වරුවේ එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 21 වැනිදා උදෑසන පැවැත්වෙනු ඇත.

    මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි (Masahiro Nozaki) එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Hope our president will get her best birthday ever
    God bless you

    image.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය මිලියන 2900ත් කාලා විනාස කරයි. එච්චරයි වෙන්නෙ. වෙන ලබ්බක් වෙන්නෙ නෑ.
    ජෙපි ඇඩියාව දැම්ම පටන් ගත්තාය 🤣