ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහිදී විස්තීරණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයි.
මේ වනවිට අත්කර ගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
2023 වසර අවසන් වනවිට පැවති ඇමරිකානු ඩොලර් බිලියන 17.5 පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇතිකර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන අදියර සම්බන්ධයෙන් මෙරට නව පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව එම අරමුදල වැඩිදුරටත් පවසයි.
LCN