මේක මේ සෙක්ස් කරන්න කාව හරි සෙට් කරගන්න යන මගුලක් නෙවේ. මට ඉමෝ වලින් තිබුන මිස් කෝල් එකට මැසේජ් කරල ඇහැව්වා ඔයා කවුද කියල. ඒ පැත්තේ කෙනා කිව්ව මම තමයි මිස් කෝල් එක ගැහැව්වේ කියල. මම දන්නේ නැහැ ඒ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල.
මට දැන ගන්න ඕන අපේ ගාව තියෙන ෆෝන් බුක් එකේ තියෙන ෆෝන් නම්බර්ස් වලට අදාලව ඉමෝ ඉන්න අයව පෙන්නනවනේ. ඉතින් මිස් කෝල් එකක් ගහන්න හරි අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ෆෝන් නම්බර් එක තියෙන්න ඕන නේද?
ඒ පැත්තේ කෙනා කියනව මාව අදුනන්නේ නැහැ කියල. මට දැගන්න ඕන උනේ එහෙම එක පාරට අපි ඉමෝ ඉන්න අයගේ කන්ටැක්ට් ගන්න පුළුවන්ද කියල. ෆෝන් නම්බර් එකක් නම් වැදිල හරි මිස් කෝල් ආව කියල හිතන්න පුළුවන්.
මේක මට සීරියස් කේස් එකක් නෙවේ. ඒත් අපිට ඉමෝ නේම් එක අනුව ෆෝන් නම්බර් එක හොයාගන්න විදිය දැනගන්න තිබුනනම් හොදයි නේද?