India Police investigate pizza deliveries by drone

after

Member
Sep 5, 2009
3,692
486
0






ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි Francesco’s Pizzeria නමැති පීට්සා සමාගමක් මගින් හඳුන්වා දී ඇති පීට්සා බෙදාහැ‍රීමේ ක්‍රමවේදයක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.

එම සමාගම සිය පීට්සා කිලෝ මීටර් 1.5ට මෙහා ඇති ඇණවුම් ස්ථාන වෙත නියමුවන් රහිත කුඩා ගුවන් යානයක ආධාරයෙන් බෙදාහැරීම මෙහිදී සිදු කෙරිණි.

මේ සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති හෙයින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මුම්බායි පොලීසිය තීරණය කර තිබේ.

මෙවැනි නියමුවන් රහිත යානා හරහා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පවා ඉඩ ඇතැයි පොලීසිය චෝදනා කරයි.

අදාළ සමාගම පවසන්නේ, මුම්බායි නගරයේ පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් නියමිත වේලාවට පීට්සා බෙදාහැරීම දුෂ්කර වී ඇති බව ය.

මේ හේතුවෙන් මෙම නව ක්‍රමවේදය අත්හදා බැලූ බව ඔවුහු පවසති.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලොල්. ඔය වගේ රෙස්ටුරන්ට් එකක්නම් තියනවා. ඒකේ ඔඩර් ගන්නේ ක්වාඩ්කොප්ට‍්ර එකකින්..