India wata ඉව_වැටුන_හැටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    India wata ඉව_වැටුන_හැටි

    කොළඹ පිපිරුම් කළ බෝම්බකරුවන් ගැන ඉන්දියාවට ඉව වැටුණු හැටි හෙළිකරයි

    ඉකුත් පාස්කු ඉරිදා මෙරට ස්ථාන 08 කදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනෙක් සිරියාවේ සහ ඉරාකයේ දී පුහුණුව ලබා මෙරටට පැමිණි අයවළුන් බව මේ වන විට සිදුකරනු ලබන විමර්ශන වලදී හෙළිවී ඇතැයි වාර්තා වනවා.

    මේ අතර ඉන්දීය බුද්ධි අංශ විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවමින් පිටු තුනකින් යුත් සවිස්තරාත්මක වාර්තාවක් මෙරටට ලබාදී තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    පසුගිය 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එරට කොයිම්බතුර් ප්‍රාන්තයේදී පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දකුණු ඉන්දියානු දේශපාලඥයින් පිරිසක් ඝාතනය කිරීමේ ඉස්ලාමිය අන්තවාදීන්ගේ සැලසුමක් සම්බන්ධයෙන් ලද තොරතුරු වලට අදාළව සිදුකරනු ලැබූ විමර්ශනයකදිය.

    එහිදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයින් 07 දෙනා සෘජුව ඉස්ලාමිය අන්තවාදී සැලසුම්කරුවන් බවත් ඔවුන් විසින් IS ත්‍රස්ත සංවිධානයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් වන අන්තර්ජාල ඉගැන්වීම් පවා හදාරා ඇති අයවළුන් බවට කරුණු හෙළිවී තිබෙනවා.

    මෙම පිරිස සතුව තිබී ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් සහරාන් හෂීම් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබු වීඩියෝ පට කිහිපයක්ද සොයා ගැනීමට ඉන්දීය විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබුණා. එම වීඩියෝ පටවල අන්තර්ගතය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක යෙදුණු ඉන්දීය විමර්ශන ඒකකයේ නිලධාරින් ඉදිරියේදී ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් සිදුකිරීමට යන දරුණු ප්‍රහාරයක සුලමුල හෙළිකර ගැනීමට සමත්වූයේ අත්අඩංගුවට ගෙන සිටි එක් පුද්ගලයෙකු ගෙන් ද සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු සමගින්ය.

    මෙහිදී මොහොමඩ් සහරාන් හෂීම් නැමැත්තා කළාපය තුල ඉස්ලාමිය නීති රාමුවක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දීයාවේ තරුණයින්ගේ සහය ඉල්ලා අන්තර්ජාලයට යොමු කරනු ලැබූ වීඩියෝවක්ද සොයා ගැනීමට ඉන්දීය බලධාරීන් සමත්ව තිබෙනවා.

    ඒ අනුව තමන්ට ලද තොරතුරු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ ඉන්දීය විමර්ශන ඒකකය මේ පිළිබදව ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රික මට්ටමින් දැනුවත් කිරීමක් සිදුකරනු ලැබුවේ අප්‍රේල් මාසයේ මුල් සතියේදීය. ඉන් නොනැවතුණු ඉන්දීය විමර්ශන ඒකකය සිය නිලධාරීන් හරහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ එහි සාමාජිකයින් පිළිබදව වන තොරතුරු කඩිනමින් එක් රැස් කරනු ලැබුවේ එය තම අසල්වැසි රාජ්‍යට පමණක් නොව තමන්ටද ඉදිරියේ දී එහි පළවිපාක විදීමේ අවධානමක් මතුවී තිබුන බැවින්ය.

    මන්ද 2015 වර්ෂයේදී ඉරාකයේ දී සොයා ගන්නා ලද ඉස්ලාමිය රාජ්‍ය (IS) සංවිධානයේ පුහුණු කඳවුරක තිබී ඉන්දියාව අංක 15 ලෙසත් සහ මෙරට අංක 16 යනුවෙන් තමන්ගේ ක්‍රියාකාරිත්වයට නතු කර ගන්නා බව දැක්වෙන ඔවුන්ගේ සිතියමක් හමුවීමෙන් අනතුරුව CIA සංවිධානය විසින් ඉන්දියාවට යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබීම එයට මුලික හේතුව වී තිබුණා.

    සිය බුද්ධි අංශ සාමාජිකයින්ගේ දක්ෂතාවය මත ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ මෙම ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් හෂීම් පටන් මෙම පාස්කු ඉරිදා දින ප්‍රහාරයට සම්බන්ධ සියළු ත්‍රස්ත සාමාජිකයින්ගේ සම්පුර්ණ නම්, ඔවුන්ගේ ලිපිනයන්, ඔවුන් ගැවසෙන බවට සැකකරන ස්ථාන, ඔවුන් විසින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කර තිබු ඉලක්කයන් හා භාවිත කරන ජංගම දුරකථන අංක පවා ඔවුන් හෙළිකර ගැනීමට සමත්ව තිබුනා.

    එම සියළු විස්තර ඉන්දීය බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගෙන තිබු බවයි එරට මාධ්‍ය සඳහන් කර සිටියේ.

    Source
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඉන්දියාවට අපි බැන්නට අපේ රටේ උන්ට වඩා කැක්කුමක් ඵයාලට තියෙනවා අපේ රට ගැන..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    පත්තරේ දැම්මේ නෑනේ...ඉතින් සිරා කොහොමද දැන ගන්නේ ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පත්තරේ දැම්මේ නෑනේ...ඉතින් සිරා කොහොමද දැන ගන්නේ ..

    දැම්මත් සංහදියාව නිසා ගණන් ගන්න ඵකක් නැහැ මචං.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩුර්දීන්ට මොකුත් වෙන්නෙ නැත්නම් මේව මොකුත් වෙනස්වෙන්නේ නෑ. මම් හිතන්නෙ නෑ ඌට මොකුත් වෙයි කියල.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ තියෙන චන්ද ක්‍රමේ ඇතුලෙ සල්ලි දෙන (සහ තමන්ට චන්ද වලින් සහයෝගය දෙන) ඕනෙම එකෙක් ලං කරගෙන දේශපාලකයො උන්ට රැකවරණය දෙනවා. ඒකයි උන් පක්ෂ මාරු කර කර හැමදාම බලයේ ඉන්නේ. ඉතින් මේ සිස්ටම් එක ඇතුලෙ එක නායකයෙක්වත් විශ්වාස කරන්න එපා.තමන්ගේ බලය රැකගන්න එක හැර ඒ අයට ප්‍රතිපත්තියක් නැහැ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉන්දියාවට බැන්නට උන් මේක වෙන්න කලින් අපිව දැනුවත් කරපු එකම මදිද? අපේ වේ$ගේ පුතාල මොකද කරේ ඒ වෙනුවට උන්ගේ ආරක්ෂාව තර කරලා බලන් හිටිය පොප්කොර්න් කකා කොහෙටද මුන් ගහන්නේ කියලා.. එහෙව් පාලක හැත්ත තව තොත්ත බලලා වෙනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල අපි දන්නේ නෑ.. දැක්කේ නෑ.. කිව්වේ නෑ.. මොන කරුමයක් ද බන් මේ ලංකාවේ මිනිසුන්ට පඩිසන් දුන්නේ? බදු බර , ජිවන වියදම , කලකිරීම් , විදුලි කප්පාදු , වතුර නෑ අඩුවෙලා තිබ්බේ මරණ බිය විතරයි.. දැන් ඉතින් එකත් හරි. කිසිම විඳුමක් පේන තෙක් මානෙක නෑ...
     
    ඉන්දියාවට කොච්චර බැන්නත් උන්ට රට ගැන කැක්කුමක් තියනව බන්. උන් තාක්ශනය අතිනුත් ඉස්සරහටම යනව. අපේ උන් ඒ අස්සෙ පිස්සො වගේ හැසිරෙනව. ඉගෙනගන්න ඕන උන් ලයිට් දාපු බස් පස්සෙ දුවනව. උන් ටිකක් ලොකුමහත් වෙලා ආවම රට කොහේ නවතියිද දන්නෙ නෑ.:dull:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉන්දියාවට කොච්චර බැන්නත් උන්ට රට ගැන කැක්කුමක් තියනව බන්. උන් තාක්ශනය අතිනුත් ඉස්සරහටම යනව. අපේ උන් ඒ අස්සෙ පිස්සො වගේ හැසිරෙනව. ඉගෙනගන්න ඕන උන් ලයිට් දාපු බස් පස්සෙ දුවනව. උන් ටිකක් ලොකුමහත් වෙලා ආවම රට කොහේ නවතියිද දන්නෙ නෑ.:dull:

    :yes::yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉන්දියාවට අපි බැන්නට අපේ රටේ උන්ට වඩා කැක්කුමක් ඵයාලට තියෙනවා අපේ රට ගැන..

    They are taking care of their own security by Maintaining a safe buffer zone using the surrounding countries..This is exactly why Nepal and Bhuthan were not made a part of India despite those countries willing to be a part of the Indian union since they wanted a buffer between India and China meaning if China invades, they will first need to go through Nepal and Bhuthan to reach India and by that time the Indian defence machinery will have to time to prepare....All strategic thinking to safe guard their borders
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්දියාවට කොච්චර බැන්නත් උන්ට රට ගැන කැක්කුමක් තියනව බන්. උන් තාක්ශනය අතිනුත් ඉස්සරහටම යනව. අපේ උන් ඒ අස්සෙ පිස්සො වගේ හැසිරෙනව. ඉගෙනගන්න ඕන උන් ලයිට් දාපු බස් පස්සෙ දුවනව. උන් ටිකක් ලොකුමහත් වෙලා ආවම රට කොහේ නවතියිද දන්නෙ නෑ.:dull:

    ඇයි ෂරියා විශ්ව විද්‍යාලයක් හදල ජාතික සේවයක් කරල තියෙන්නෙ. තව පැටවු ටිකක් එයි බෝම්බ හදන හැටි ගැන PhD එකක් කරලා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ උරුමය අපේ කරුමය. මාවනැල්ල සිද්දියේදි නිවැරදිව පරීක්ෂණ ආරම්භ කලානම් අද තත්වේ ගොඩක් වෙනස්
     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඉන්දියාවට අපි බැන්නට අපේ රටේ උන්ට වඩා කැක්කුමක් ඵයාලට තියෙනවා අපේ රට ගැන..

    ඉන්දීය විමර්ශන ඒකකය සිය නිලධාරීන් හරහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ එහි සාමාජිකයින් පිළිබදව වන තොරතුරු කඩිනමින් එක් රැස් කරනු ලැබුවේ එය තම අසල්වැසි රාජ්‍යට පමණක් නොව තමන්ටද ඉදිරියේ දී එහි පළවිපාක විදීමේ අවධානමක් මතුවී තිබුන බැවින්ය.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඉන්දීය විමර්ශන ඒකකය සිය නිලධාරීන් හරහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ එහි සාමාජිකයින් පිළිබදව වන තොරතුරු කඩිනමින් එක් රැස් කරනු ලැබුවේ එය තම අසල්වැසි රාජ්‍යට පමණක් නොව තමන්ටද ඉදිරියේ දී එහි පළවිපාක විදීමේ අවධානමක් මතුවී තිබුන බැවින්ය.

    ඉතිං බං උන් ඵහෙම හරි දෙයක් කරානේ.උන් උන්ගෙ රටට අාදරෙයි..අපේ උන් මොනාද කරේ අපේ රට වෙනුවෙන්??
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රටේ උරුමය අපේ කරුමය. මාවනැල්ල සිද්දියේදි නිවැරදිව පරීක්ෂණ ආරම්භ කලානම් අද තත්වේ ගොඩක් වෙනස්

    පිස්සුද බන් එහෙම කලානම් M චන්ද කීයක් අහිමි වෙනවද...?