ඉන්දියන් වාහන නම් කතා කරන්න එපා මචන්.......
මරුටි නම් කුජීතයි ...
හිතන්නවත් එපා ගන්න....ඒකෙන් කියවෙන්නේ නෑ විවා එලයිට්,චෙරිQQ ,අනම් මනම් පොඩි වාහන හොදයි කියල!!!
මගේ ලග තිබුනේ මරුටි Alto කබලක් නිසා තත්වේ දන්නව......
මරුටි කාරයන්ගේ ලංකාවේ ඒජන්තය ඉන්නේ AMW (Associated Motorways (Private) Limited)...
උන්ගෙ නම් සර්විස් එක අන්තිමයි...
වාහනේ විකුනනකොට සුන්දර කතන්දර ගොඩයි...
හැබයි ගත්තට පස්සේ තමයි උන්ගේ ගෑස් බලන්න ඕනි.....
උබ කොච්චර හොදට වහනේ පාවිච්චි කරත් සර්විස් එකකට ගියාම ප්‍රශ්න ගොඩයි...
තනිකරම දත ගලවන එක කරන්නේ....
සර්විස් එකට appointment දාන්න ඕනි සති ගානකට කලින්!!!!!
අන්තිමට සර්විස් එක කරල බිල ගෙවන්න ගියාම රුපියල් දහ පහලොස් දාහක් ගෙවන්න වෙනව.... වාහනේ පිහිදාන්න ගන්න පාණ්කඩ කෑල්ලටත් බිල දානව....
ලොකු ගනන් වල ස්පෙයාර් පාර්ට්ස් ඔක්කොම තියෙනව...හැබයි පොඩි පොඩි ඒව (උදා: ක්ලිප්ස් වර්ග,ඇණ වර්ග,බීඩින්,වයිපර් බ්ලේඩ්........) උන්ගාව ලොවෙත් නෑ...තිබුනත් එක්කෙ මැච් වෙන්නේ නෑ... නැත්නම් වෙන මොඩල් එකක්.... ඉතින් වාහනේ උන්ගේ ඉස්සරහම පොඩි පට්ටම් කරල එන්නේ තමයි හිතෙන්නේ.......
අඩුම ගනේ වාහනේට ආපු ඔරිජිනල් ටයර්වත් නෑ AMW කාරයා ලග....
ඉතින් තත්වේ හිතා ගනිල්ල......
උන්ට ඕන කොහොම හරි වහනේ විකුන්නට පස්සේ මාස දෙකකට සැරයක් සර්විස් එකෙදි කස්ටර්මර්ගේ දත ගලවන්න විතරයි....
වාහනේ ගත්තු එක ගැන කිසිම තැකීමක් නෑ....
අනික සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් අන්තිමයි..
මේ නිසා මරුටි එකකට යන්න කලින් දෙපාරක් නෙවෙයි ,දහ පාරක් හිතපල්ල......