Indian cricketer becomes first man to hit 300 runs in T20 match off just 72 balls

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    විස්සයි20 තරගයකදි ත්‍රිත්ව ශතයක් වාර්තා කිරීමට ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමත්ව තිබෙනවා.

    විස්සයි20 තරගයකදි ත්‍රිත්ව ශතයක් වාර්තා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි.

    21 හැවිරිදි මෝහිත් අලවට් මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.

    ඔහු පන්දු 72කදී ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කර ඇත්තේ ඉන්දියාවේ පැවැති ෆ්‍රෙන්ඩ්ස් ප්‍රිමියර් ලීග පන්දුවාර විස්ස තරගයකදීයි.

    ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මාවි කණ්ඩායම වෙනුවෙන් මෝහිත් මෙම දක්ෂතාව දක්වා ඇති අතර ඔහුගේ ඉනිමට හයේ පහර 39ක් හා හතරේ පහර 14ක් ඇතුළත් වී තිබෙනවා.

    මෝහිත් නොදැවී ලකුණු 300ක් රැස්කර ඇති අතර මාවි කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 416ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීයි.

    වෘත්තීමය විස්සයි20 ක්‍රිකට් තරග වලදී ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස ක්‍රිස් ගේල් ඉතිහාසයට එක්ව සිටින අතර ඔහු ලකුණු 175ක් රැස් කර තිබෙනවා.