Creckett-->Cricket-ක්‍රික්‍රට් -

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Creckett-->Cricket-ක්‍රික්‍රට් -

    පසුගිය පෙබරවාරි මස 15 වැනිදාට ශ්‍රී ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාවේ අතීතයට අවුරුදු 31 ක් වුනා.. :rolleyes:

    දන්නවද?? ලංකාවේ ක්‍රික්‍රට්...... :rofl:

    ලංකාවේ ක්‍රික්‍රට් උණ ගැන කියන්න දෙයක් ඇත්තට නෑ වගේ...

    එච්චරටම ඒ ගැන අපි දන්නවා... :yes:
    අනික මේ කාලේ බිග් මැච් තියෙන කාලේ නොවැ! ;)



    Chamikawpblogspotcom8_zps79099ed7.jpg



    ඒ සැමරුමටයි බිග් මැච් හින්දමයි “චාමිකයා හිතුවා ලංකාවේ ක්‍රික්‍රට් අතීතය, වාර්තා වගේම ලෝකයේ ක්‍රික්‍රට් අතීතයේ මතකයන් ගැන දැනුවත් කිරීමක් කරන්න”

    පොඩ්ඩක් පරක්කුයි.. දන්නේ නැද්ද ඉතින්.. ;)
    කියවලා බලන්න.. අදහසක් දෙන්න අමතක කරන්න එපා...

    වෙනදා වගේම තොරතුරු ජායාරූප සියල්ල

    උපුටා ගත්තේ අන්තර්ජාලයෙන් තමා!! :D
    16 වන සියවසේ සිට ඇරඹුන බව පැවසෙන ක්‍රික්‍රට් ක්‍රී‍ඩාව 1844 සිට ජාත්‍යන්තර ලෙස තරඟ ආරම්භ කල අතර නිල වශයෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රික්‍රට් ක්‍රී‍ඩාව 1877 දී ආරම්භ කරන ලදි. :D


    Chamikawpblogspotcom3_zps55f418f3.jpg



    ආරම්භය හරි හැටි නොදැනුනත් ‍බොහෝ විටම ප්‍රකාශ වන්නේ නෝමන්වරු හා සැක්සන්වරුන්ගේ කාලයේ ආරම්භ වන්නට ඇති බවයි. කුඩා ළමුන් විනෝදය සඳහා තණබිම් වල කල මේ ක්‍රී‍ඩාව 17 වන සියවසේ මුල සිට වැඩිහිටියන් අතර ජනප්‍රිය වන්නට පටන් ගෙන ඇති බවයි. :yes:

    ක්‍රික්‍ර‍ට් යන වචනය කිහිප විදියකට බිදි ආ බවට අදහස් පවතින අතර මේ එයින් කිහිපයක්... :dull:
    1598 ක්‍රිඩාව පිලිබඳ සඳහන් කෘතියක පලමු වරට එහි ක්‍රික්‍රට් ක්‍රීඩාව හදුන්වා තිබුනේ Creckett ලෙසයි. :rolleyes:

    එය බොහෝ විටම ලතින් වචනයෙන් කෝටුව යන අර්ථය යන Krick(-e) හෝ පැරණි ඉංග්‍රීසියෙන් හැරමිටිය ලෙස හදුන්වන Cricc යන වචනයෙන් බිදී ආ බව සැලකිය හැකිය. :yes:
    බෝන් විශ්වවිද්‍යාලයේ යුරෝපීය භාෂා විශාරද Heiner Gillmeister පවසන ආකාරයට met de krik ket ( i.e.”With the stick chase”) යන වචනයෙන් බීදී ආ බවයි. :D

    එයට ලතින් භාෂාව එකතු වීමට බොහෝ විටම හේතු වන්නට ඇත්තේ 15 වන සියවසේ ලතින් පාලකයන් දකුණු එංගලන්තය පාලනය කිරීම බව දක්වයි. ;)
    1598 ‍ලේඛණ අනුව මුල් කාලයේ පාසල් ළමුන් මෙම ක්‍රීඩාව ක්‍රීඩා කල අතර වැඩිහිටියන් මෙම ක්‍රීඩාවේ යෙදුනායි පලමු වරට ලේඛණයක සඳහන් වනුයේ 1611 දී Sussex ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු පල්ලිය යෑමෙන් තොරව ක්‍රික්‍ර‍ට් ක්‍රීඩා කල බවත් එම වසරේම ශබ්ද කෝෂයේ ක්‍රික්‍රට් ක්‍රීඩාව පිරිමි ළමුන්ගේ ක්‍රීඩාවක් ලෙස අර්ථ දැක්වීමත්ය. :yes:
    17 වන සියවසේදී ඉංග්‍රීසි යටත් විජිත වු උතුරු ඇමරිකාවට ක්‍රික්‍රට් ක්‍රීඩාව හදුන්වා දුන් අතර ඒ එංගලන්තයේ උතුරු කොටසට ක්‍රික්‍රට් එන්නටත් කලින්ය. :P
    18 වන සියවසේදී යටත් විජිත රටවල් වු බටහිර ඉන්දීය දුපත් හා ඉන්දියාවට හදුන්වා දෙන ලදි.1788 සමයේදී ඕස්ට්‍රේලියාවටත් 19 වන සියවසේ මුලදී නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට හදුන්වා දෙන ලදි. :yes:



    1728 දී Duke of Richmond හා Alan Brodick යන අය මුලික නිතී රීති මෙන්ම ජයග්‍රාහී කණ්ඩායමට මුදල් ත්‍යාග ලබා දෙන ආකාරයෙන් සැකසු “Articles of Agreement” නම් වු සටහනක් ඉදිරිපත් කරන ලදි. :D
    1744 දී මුල්ම නිල වශයෙන් නීති සැකසීම සිදුකල අතර 1774 දී එයට LBW, පිත්තේ උපරිම පලල, මැද ඉන්න ආදිය හදුන්වා දෙන ලදි. :P
    Chamikawpblogspotcom10_zpsc03a53d5.jpg

    1787 MCC නමින් “ලෝඩ්ස්” වල ඇරඹුනු ක්‍රීඩා සමාජය මගින් පසුව නීති රීති වෙනස් කිරීම් සිදුකරීම ඉටුකරන ලදි. 1760 දී එතෙක් බිම දිගේ දැමු පන්දුව පතිත කරමින් (Bump) කිරීම ආරම්භ කරන ලද අතරම 1772 ලකුණු සලකුණු කිරීමත් ආරම්භ කරන ලදි. එලෙස පන්දුව පතිත කිරීමත් සමඟ එතෙක් යොදා ගන්නා “හොකී” ආකාරයේ පිත්ත වෙනුවට වර්තමානයේ පිත්ත හදුන්වා දෙන ලදි. :D
    Chamikawpblogspotcom13_zps20397fcd.jpg



    1787 දී තෝමස් ලෝඩ්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් MCC ය මගින් ථෛතිහාසික “ලෝඩ්ස්” ක්‍රීඩා පිටිය විවෘත කරන ලදි. :yes:


    Chamikawpblogspotcom1_zps2db11644.jpg


    Chamikawpblogspotcom11_zpsafb1dc71.jpg


    පසුව ප්‍රාන්ත ක්‍රික්‍රට් කණ්ඩායම් ඉතා ජනප්‍රිය වු අතර වර්තමානයෙත් පවතින Sussex ප්‍රාන්ත පිල ආරම්භ කරන ලද්දේ 1839 දීයි. :D
    1865 දී විශිෂ්ඨ ක්‍රික්‍රට් ක්‍රිඩකයකු ලෙස සැලකෙන “ ඩබ්.ජී.ග්‍රේස්” පලමු වරට ඇතුල් වු අතර ඔහු ක්‍රික්‍රට් ක්‍රිඩාවට මෙන්ම පිතිකරනයේ තාක්ෂණය ගැන බොහෝ කරුණු එකතු කරන ලදි. :D



    Chamikawpblogspotcom6_zps6f80cda5.jpg

    පලමු අන්තර්ජාතික ක්‍රික්‍රට් තරඟය පැවතුනේ 1844 ඇමරිකාව හා කැනඩාව අතර නිව්යෝර්ක් නුවර St’George ක්‍රීඩා සමාජ පිටියේදීයී. :P
    1862 දී ක්‍රික්‍ර‍ට් ක්‍රීඩාවේ ප්‍රථම විදෙස් සංචාරය ලෙස එංගලන්ත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා යන ලදි. 1868 මැයි හා ඔක්තෝම්බර් අතර ඕස්ට්‍රේලියානු ඇබෝජින්ස් ක්‍රික්‍රට් කණ්ඩායම එංගලන්තය වෙත පැමිණි අතර ඒ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රථම විදෙස් සංචාරයයි. :P
    1889 දී දකුණු අප්‍රිකාව ටෙස්ට් වරම් හිමිකර ගත් තෙවන රට බවට පත්විය.
    :D

    එලෙසම 1889 දි පන්දු හතරක් පමණක් වු ඕවරය පන්දු පහක් දක්වා වැඩිකල අතර 1900 දී වර්තමානයේ භාවිතා වන පන්දු හයේ ඕවරයේ පටන් ගැනීම සිදුවිය. :rofl:

    එහෙත් 1922 දී ඕස්ට්‍රේලියාව තුල පන්දු 8 ඕවරයක් යොදා ගැනීම සිදුකල අතර පසුව 1924 දී නවසීලන්තයත්,1937 දී දකුණු අප්‍රිකාවත් එම ක්‍රමය යොදා ගැනීම ඇරඹුවත් එංගලන්තයේ පන්දු 6 ඕවරයට යොදා ගැනීම සිදු කලේය. :rofl:

    1947 දී අලුත් කල නීතියකින් තරඟයේ අවස්ථාව අනුව ඕවරයක පන්දු ගණන 6 හෝ 8 කල හැකි බව ප්‍රකාශ කල අතර 2000 දී පන්දු ඕවරයට පන්දු 06 ක් යොදා ගැනීම අනිවාර්ය කරන ලදි. :D
    1909 දී Imperial Cricket Conference ලෙස ප්‍රථම ක්‍රිකට් කවුන්සිලය ආරම්භ කල අතර එකල ටෙස්ට් හිමි රටයල් වු එංගලන්තය, ඕස්‍ ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව එහි සමාජික රටවල් විය.දෙවන ලෝක යුද්ධයට පෙර ඉන්දියාව,බටහිර ඉන්දිය කොදෙව් හා නවසීලන්තය ටෙස්ට් රටවල් ලෙස එකතු වු අතර‍ දෙවන ලෝක යුද්ධයෙන් පසුව පාකිස්ථානය එම අවස්ථාව හිමිකර ගන්නා ලදි. :D

    අනතුරුව විසිවන සියවසේ අග භාගයේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බංගලාදේශය ටෙස්ට් වරම් හිමිකරගන්නා ලදි. :yes:


    Chamikawpblogspotcom12_zpsc031a168.jpg

    රටේ පැවති අස්ථීර දේශපාලන වාතාවරණය නිසා 1961දී දකුණු අප්‍රිකාව එකල පිහිටුවා තිබු Common Wealth of nation කමිටුවෙන් අස්වු අතර 1968 දී ද.අප්‍රිකානු ක්‍රික්‍රට් කණ්ඩායම එංගලන්ත සංචාරයක් ප්‍රතික්ෂේප කිරීම නිසා ICC ය 1970 දී ජන්ද වීමසීමකින් දකුණු අප්‍රිකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාව තහනම් කරන ලදි.
    8.gif



    ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රික්‍රට් මණ්ඩලය වැඩි මුදලට විදෙස් ක්‍රිඩකයන් සහභාගී කරවා ගෙන Rebel Tours නම් වු තරඟාවලියක් පවත්වන්නට වු අතර ඊට විරුද්ධ වු ICC ය එයට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන්ට ජිවීතාන්තය දක්වා තරඟ තහනම් කරන බව ප්‍රකාශ කරන ලදි. :angry:

    කෙසේ වුවද 1980 දක්වාම මෙම තරඟාවලී පැවත්වු අතර වැඩි මුදල් නිසා තරඟ තහනම් වු ක්‍රිඩකයන්ද බොහෝමයක් විය. ;)
    1991 සමයේ නෙල්සන් මැන්ඩෙලා යටතේ රටේ දේශපාලනය නැවත යහපත් වීමත් සමඟ දකුණු අප්‍රිකාවට නැවත ICC යේ සමාජිකත්වය හිමිවිය.
    1960 දි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් එක ඉනිමක් හා සිමීත පන්දුවාර ගණනක් සහිත වු නව ආකාරයේ තරඟ ක්‍රිඩා කිරීම ඇරඹු අතර 1963 දී එය Knock Out තරඟාවලී සදහා යොදා ගැනීම අරඹන ලදි. :yes:
    අඩු කාලයත්,උද්යෝගයත් නිසාම එහි ජනප්‍රියතාවත් සමඟම 1969 දී ඒ සදහා ලීග තරඟාවලියක්ද ආරම්භ කරන ලදි. :P
    1971 දී ප්‍රථම අන්තර්ජාතික එක්දින තරඟය ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් හි පැවැත්වුයේ අහම්බෙනි. :baffled:

    ඒ පැවැත්වීමට ගිය ටෙස්ට් තරඟය මුල්ම දවසේදීම වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමෙන් ඉතිරි වු කාලයට විකල්පයක් ලෙසයි.
    LOI – Limited over international ලෙස එකල හැදින්වු එය වර්තමානයේ ODI–One day international ලෙස හදුන්වයි. :D

    එක්දින තරඟ[FONT=&quot]වැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්‍යාය හෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි ඔබටත් මෙතනින් දැනගන්න පුළුවන්... :yes:[/FONT]


    එහි දියුණුව සමඟ ICC ය එංගලන්තයේදී පළමු වරට එක්දින ලෝක කුසලාන තරඟාවලියක් 1975 දී සංවිධානය කරන ලදි.

    එයට එකල ටෙස්ට් ක්‍රිඩා කල සියලු රටවල් සහභාගී කරගන්නා ලදි.:D


    Chamikawpblogspotcom14_zps4fb3c54b.jpg

    රූපවාහිනියේ සජීව විකාශයන්, හා තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනීම ඇරඹුන අතර 1992 දී ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලියේදී ප්‍රථම වරට රූපවාහිනි ප්‍රතිරුපණ හරහා විනිශ්චය ලබා දෙන තෙවන විනිසුරු හදුන්වා දුන් අතර වර්තමානයේදී දුවද්දී දැවීයාම පමණක් නොව ස්ටම්ප් කිරීම්,පිත්තේ වැදී යාම්, උඩපන්දු නිසියාකාරව රැක ගැනීම් , සීමාව පසුකිරිම් හා කඩුල්ල මුවා කිරිමේ තීරණ සදහාද තෙවන විනිසුරු යොදා ගැනීම සිදුකරයි. :yes:
    Chamikawpblogspotcom2_zpsec9a62c1.jpg

    ක්‍රික්‍රට් ක්‍රිඩාවේ වර්ධන උදෙසා 2001 දී සිට ටෙස්ට් ‍ශ්‍රේණි ගත කිරීම ඇරඹු අතර 2002 ඔක්තෝම්බර් වලදී එය එක්දින තරඟවලටද හදුන්වා දෙන ලදි. එලෙසම තාක්ෂණයද වැඩි වශෙන් ොදා ගන්නා ලදි.


    Chamikawpblogspotcom4_zpsaf59be5a.jpg



    2007 දී ක්‍රික්‍රට් සඳහා අලුතින්ම පන්දුවාර 20-20 තරඟ හදුන්වා දුන් අතර ඒවා ඉතාම ජනප්‍රිය වු අතර ICC යට පෙර Indian Cricket League ලෙස වු නිල නොවන තරඟාවලියකදී මෙම තරඟ මුල් වරට ආරම්භ කල අතර 2008 දි Indian Premier League ලෙස නිල වශයෙන් ඇරඹී තරඟාවලියෙන් මෙම තරඟ තවත් ජනප්‍රිය වු අතර විශාල මුදලක් ක්‍රීඩකයන්ට ගෙවීමක්ද සිදුවේ.. :P



    Chamikawpblogspotcom5_zps2d901c50.jpg

    මෙලෙස අතීතයේ සිට පැමිණි ක්‍රික්‍රට් ශ්‍රී ලංකාවට පැමිණියේ අප එංගලන්තයේ යටත් විජිතයක්ව තිබීයදීයී.. :yes:
    ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාව පිලිබඳ මුල්ම සටහන් හමුවන්නේ 1832 සැප්තැම්බර් 05 වැනිදා Colombo journal පුවත්පතේ ක්‍රීඩා සමාජ පිහිටුවීම පිළිබඳ දැන්වීමකිනි. :D

    ඉන් පසු කොළඹ ක්‍රීඩා සමාජය පිහිටුවීමත් සමඟ පළමු තරඟය 1832 නොවැම්බරයේදී 97 වැනි රෙජිමේන්තුවට එරෙහිව පැවැත්වුන බව සඳහන් වේ. පසු කාලයේ විදෙස් සංචාරයන් ලෙස ඔස්ට්‍රේලියාව හා එංගලන්තය මෙරටදී ක්‍රික්‍රට් තරඟ කොළඹදී පවත්වා ඇත. :P


    පලමු ජාත්‍යන්තර තරඟය 1926-27 එංගලන්ත MCC ක්‍රිඩා සමාජයට එරෙහිව නොමෑඩ් පිටියේදී දී ක්‍රිඩා කල අතර ඉනිමක පරාජයට ලක්විය. එහෙත් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රීඩාවට පැමි‍ණීයේ 1975 වසරේදීයී.. :D
    එකල Ceylon නම් වු ශ්‍රී ලංකාව පලමු පෙළ තරඟ මුල්වරට ක්‍රිඩා කලේ 1905 වසරේදීයී. 1938 දී පළමු පෙල කණ්ඩායම් 12 ක් සඳහා වු Daily news කුසලානය සඳහා තරඟාවලියක් පැවැත්වු අතර 1950-51 දී එය පී.සරවනමුත්තු කුසලානය ලෙස වෙනස් වු අතර 1976-77 දී රොබට් සේනානායක කුසලානය ලෙස වෙනස් වී 1988-89 කාලයේ ලක්ස්ප්‍රේ කුසලානය ලෙස වෙනස් විය.

    නැවත එය ප්‍රීමියර් කුසලානය ලෙස වෙනස් විය.:D
    1979 පැවති ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගීවීමත් සමඟම ක්‍රික්‍රට් තරඟ සඳහා ජනප්‍රියතාවක් හිමි වු අතරම 1981 ජුලි මස 21 දින ශ්‍රි ලංකාව අටවැනි ටෙස්ට් වරම් හිමිකරගත් රට ලෙස ICC ය පිලිගන්නා ලදි.:D

    1982 පෙබරවාරි මස 17 වැනිදා ප්‍රථම ටෙස්ට් තරඟය පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කල අතර එය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
    2.gif



    එලෙස ආරම්භ වුන ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රික්‍රට් ක්‍රීඩාව තම පලමු තරඟාවලි ජය 1985 දී ඉන්දියාවට එරෙහිව වාර්තා කල අතර විදේශයකදි පළමු ටෙස්ට් ජය නවසීලන්තයට එරෙහිව 1995 දී ලබා ගන්නා ලදි. :yes:
    1996 දී ක්‍රික්‍රට් ලෝක කුසලානය දිනා ගැනීම ශ්‍රි ලංකාවේ රන් සලකුනක් වු අතර



    Chamikawpblogspotcom15_zpsce796018.jpg



    Chamikawpblogspotcom9_zpsd42ea471.jpg

    දැනට ශ්‍රි ලංකා කණ්ඩායම සතුව හා එහි ක්‍රීඩකයන් සතුව තවමත් නොසැලී පවතින ලෝක වාර්තා පහත දැක්වේ... :yes:

    බලන්න මේවා ඔබත් දැන හිටියාද කියලා...
    6.gif





    ටෙස්ට් තරඟ


    කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 952/6

    ( 1997 අගෝස්තු මස 2-6 දක්වා ඉන්දියාවට එරෙහිව )


    Chamikawpblogspotcom16_zpscbf2154e.jpg

    වැඩිම කඩුලු අතර සම්බන්ධතාවය (තෙවනි කඩුල්ල වෙනුවෙන්) - 624 (කුමාර සංගක්කාර-287 හා මහේල ජයවර්ධන 374 )

    වැඩිම කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන්
    (තරඟ 133 - කඩුලු 800 සාමාන්‍ය -22.72)
    කඩුලු 10 බැගින් වැඩියෙන්ම ලබා ගැනීම - මුත්තයියා මුරලිදරන් (22)
    කඩුලු 05 බැගින් වැඩියෙන්ම ලබා ගැනීම - මුත්තයියා මුරලිදරන් (67)
    එක්දින තරඟ
    කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 443/9

    ( 2006 ජුලි මස නෙදර්ලන්තයට එරෙහිව )
    වැඩිම කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන්
    (තරඟ 350 - කඩුලු 534 සාමාන්‍ය -23.08)
    වැඩිම උඩපන්දු රැක ගැනීම -

    මහේල ජයවර්ධන තරඟ 575 කදී උඩපන්දු 403 ක්.
    වේගවත්ම අර්ධ ශතකය - සනත් ජයසුරිය පන්දු 17 -

    පාකිස්ථානයට එරෙහිව
    20- 20 තරඟ
    කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 260/6

    ( 2007 සැප්තැම්බර් මස 14 කෙන්යාවට එරෙහිව )
    මීට අමතරව තවත් වාර්තාවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුව ඇති අතර තවත් ජයග්‍රහණයන්ද රැසක් හිමිකර ගෙන ඇත. :yes:

    (ඉහත වාර්තා හා තරඟ ප්‍රමාණයන් කාලය සමඟ වෙනස් විය හැකිය.)
    දැන් නම් ලංකාවේ නැගලම යන තවත් ක්‍රික්‍රට් ජාතියක් තියෙනවා.. :rofl:

    ඒ කාන්තා ක්‍රික්‍රට්... :P

    කට්ටයම බලන්න ඇති නේ පසුගිය කාන්තා ලෝක කුසලානය නේද?? :rolleyes:

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]​
     
    Last edited: