Last edited by tintin123; 02-11-2011 at 12:50 AM.:baffled::baffled::baffled::eek::eek::eek:
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Feb 19, 2011 #121 Last edited by tintin123; 02-11-2011 at 12:50 AM.
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #122 ශාරුක් ඛාන්ට හදිසි ප්‍රහාරයක් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට පසුගියදා කිසියම් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "කිංඛාන්" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මෙම සුපිරි නළුවා මේ වනවිට සිය ජීවිතයේ 45 වන වසර ද පසුකර අවසන්ය. නමුත් තවමත් බොලිවුඩ් සිනමාවේ කිරුළ ඔහු සතුව පවතින බව විචාරකයින්ගේ මතයයි. එමෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ ඔහුට මහත් සේ ආදරය කරන ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් සිටින අතර තවමත් ඔවුන්ගේ හද දිනූ සිහින කුමරු බවට පත්ව ඇත්තේ ශාරුක්ය. 1992 වසරේදී "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු සිය බොහෝ රංගනයන් සඳහා නිරන්තර සම්මානයට ද පාත්‍රවිය. 1995 දී තිරගත වූ "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ" චිත්‍රපටය ශාරුක්ගේ සිනමා ජීවිතයේ පෙරළියක් ඇතිකළ සිනමා සටහනක් විය. ලොවක් ආදරය කරන මෙම රංගන ශිල්පියාට මෙසේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇත්තේ ද සිය ප්‍රේක්ෂකයින් නිසාය. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන "ඩොන් 2" චිත්‍රපටයේ රූගතකිරීම් වෙනුවෙන් මලයාසියාව බලා පිටත්ව ගිය අවස්ථාවේදීය. ප්‍රියංකා චොප්රා "ඩොන් 2" චිත්‍රපටයේ ශාරුක්ගේ සහය රංගන ශිල්පිණිය ලෙස කටයුතු කරයි. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශාරුක් හා ප්‍රියංකාගේ රසික රසිකාවියන් පිරිසක් විසින් සමරු අත්සන් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා වටකර ගෙන තිබේ. එකිනෙකා තල්ලුකරමින් දෙදෙනා වටකරගනිමින් හැසිරුණු මෙම ප්‍රේක්ෂකයින් නිසා ශාරුක් මෙන්ම ප්‍රියංකා ද මහත් අපහසුතාවයට පත්ව ඇත. නමුත් ශාරුක් සහ ප්‍රියංකා තමන්ට ආදරය කරන මෙම රසික ජනතාව නිසා මුහුණපෑමට සිදුවූ කරදරය ගැන කිසිසේත්ම කළකිරීමට පත්ව නැත. ආරක්ෂක පිරිස් විසින් මෙම රංගන ශිල්පීන් යුවල ඔවුන්ගේ රථයන් කරා කැඳවාගෙන යන තුරු ඔවුන් හැකිතරම් එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සමරු අත්සන් ලබාදීමටත්, ඡායාරූප සඳහා පෙනීසිටීමටත් කාරුණික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ශාරුක් හා ප්‍රියංකා සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාජිකයින් 60 කින් යුත් කණ්ඩායමක් ද මලයාසියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. 2006 වසරේදී තිරගතවුණු "ඩොන්" චිත්‍රපටය ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. එය 1978 වසරේ තිරගත වුණු "ඩොන්" චිත්‍රපටයේ නව නිර්මාණයක් විය. මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඩොන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස "ඩොන් 2" නිර්මාණය වන බව සඳහන්ය. මලයාසියාවේ ඓතිහාසික නගරයක් වන මලක්කා, මෙන්ම ක්වාලම්පූර් වැනි නගර කිහිපයක ඩොන් 2 හි දර්ශන රූගත කිරීම සඳහා මෙසේ චිත්‍රපට කණ්ඩායම මලයාසියාව බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම මලයාසියානු රංගන ශිල්පියෙකු වන අදෙ පුත්‍රද "ඩොන් 2" සඳහා සිය රංගන දායකත්වය සපයයි. මලයාසියාවේ බොලිවුඩ් සිනමාව ප්‍රියකරන දහස් සංඛ්‍යාත ඉන්දීය ජනගහණයක් වාසය කරයි. එමෙන්ම වසර 03 ට පෙර මලයාසියානු රජය විසින් පිරිනමන ලද දටුක් නම් සම්මානයට ද ශාරුක් පාත්‍රවිය.
ශාරුක් ඛාන්ට හදිසි ප්‍රහාරයක් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට පසුගියදා කිසියම් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "කිංඛාන්" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මෙම සුපිරි නළුවා මේ වනවිට සිය ජීවිතයේ 45 වන වසර ද පසුකර අවසන්ය. නමුත් තවමත් බොලිවුඩ් සිනමාවේ කිරුළ ඔහු සතුව පවතින බව විචාරකයින්ගේ මතයයි. එමෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ ඔහුට මහත් සේ ආදරය කරන ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් සිටින අතර තවමත් ඔවුන්ගේ හද දිනූ සිහින කුමරු බවට පත්ව ඇත්තේ ශාරුක්ය. 1992 වසරේදී "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු සිය බොහෝ රංගනයන් සඳහා නිරන්තර සම්මානයට ද පාත්‍රවිය. 1995 දී තිරගත වූ "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ" චිත්‍රපටය ශාරුක්ගේ සිනමා ජීවිතයේ පෙරළියක් ඇතිකළ සිනමා සටහනක් විය. ලොවක් ආදරය කරන මෙම රංගන ශිල්පියාට මෙසේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇත්තේ ද සිය ප්‍රේක්ෂකයින් නිසාය. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන "ඩොන් 2" චිත්‍රපටයේ රූගතකිරීම් වෙනුවෙන් මලයාසියාව බලා පිටත්ව ගිය අවස්ථාවේදීය. ප්‍රියංකා චොප්රා "ඩොන් 2" චිත්‍රපටයේ ශාරුක්ගේ සහය රංගන ශිල්පිණිය ලෙස කටයුතු කරයි. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශාරුක් හා ප්‍රියංකාගේ රසික රසිකාවියන් පිරිසක් විසින් සමරු අත්සන් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා වටකර ගෙන තිබේ. එකිනෙකා තල්ලුකරමින් දෙදෙනා වටකරගනිමින් හැසිරුණු මෙම ප්‍රේක්ෂකයින් නිසා ශාරුක් මෙන්ම ප්‍රියංකා ද මහත් අපහසුතාවයට පත්ව ඇත. නමුත් ශාරුක් සහ ප්‍රියංකා තමන්ට ආදරය කරන මෙම රසික ජනතාව නිසා මුහුණපෑමට සිදුවූ කරදරය ගැන කිසිසේත්ම කළකිරීමට පත්ව නැත. ආරක්ෂක පිරිස් විසින් මෙම රංගන ශිල්පීන් යුවල ඔවුන්ගේ රථයන් කරා කැඳවාගෙන යන තුරු ඔවුන් හැකිතරම් එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සමරු අත්සන් ලබාදීමටත්, ඡායාරූප සඳහා පෙනීසිටීමටත් කාරුණික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ශාරුක් හා ප්‍රියංකා සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාජිකයින් 60 කින් යුත් කණ්ඩායමක් ද මලයාසියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. 2006 වසරේදී තිරගතවුණු "ඩොන්" චිත්‍රපටය ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. එය 1978 වසරේ තිරගත වුණු "ඩොන්" චිත්‍රපටයේ නව නිර්මාණයක් විය. මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඩොන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස "ඩොන් 2" නිර්මාණය වන බව සඳහන්ය. මලයාසියාවේ ඓතිහාසික නගරයක් වන මලක්කා, මෙන්ම ක්වාලම්පූර් වැනි නගර කිහිපයක ඩොන් 2 හි දර්ශන රූගත කිරීම සඳහා මෙසේ චිත්‍රපට කණ්ඩායම මලයාසියාව බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම මලයාසියානු රංගන ශිල්පියෙකු වන අදෙ පුත්‍රද "ඩොන් 2" සඳහා සිය රංගන දායකත්වය සපයයි. මලයාසියාවේ බොලිවුඩ් සිනමාව ප්‍රියකරන දහස් සංඛ්‍යාත ඉන්දීය ජනගහණයක් වාසය කරයි. එමෙන්ම වසර 03 ට පෙර මලයාසියානු රජය විසින් පිරිනමන ලද දටුක් නම් සම්මානයට ද ශාරුක් පාත්‍රවිය.
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #123 kandya said: Last edited by tintin123; 02-11-2011 at 12:50 AM. Click to expand...
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Feb 19, 2011 #124 තවත් ඕපදූප ත්‍රෙඩ් එකක්ද...:හොර බැල්ම:
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #125 ela_eluwa120 said: තවත් ඕපදූප ත්‍රෙඩ් එකක්ද...:හොර බැල්ම: Click to expand... Lawata Wage
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Feb 19, 2011 #126 Mal Baba said: Lawata Wage Click to expand... උඹයි රාමායි මේ දවස් වල එක එකාගෙ ඕපදූප හොයනව වැඩි...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #127 ela_eluwa120 said: උඹයි රාමායි මේ දවස් වල එක එකාගෙ ඕපදූප හොයනව වැඩි... Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #128 mal babage gossips
cj4ever Well-known member Sep 9, 2007 11,799 272 83 Feb 19, 2011 #129 අජේ දේව්ගන්ගේ අලුත් මූවි එකේ ඉන්න අලුත් කෙල්ල ගැන කියපන්කෝ
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Feb 19, 2011 #131 cj4ever said: අජේ දේව්ගන්ගේ අලුත් මූවි එකේ ඉන්න අලුත් කෙල්ල ගැන කියපන්කෝ Click to expand... Ela Dennam Next Article Eken nilangaferna said: sahh niyamai ne Click to expand...
cj4ever said: අජේ දේව්ගන්ගේ අලුත් මූවි එකේ ඉන්න අලුත් කෙල්ල ගැන කියපන්කෝ Click to expand... Ela Dennam Next Article Eken nilangaferna said: sahh niyamai ne Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jul 23, 2011 #132 ශාරුක් ඛාන් අත්අඩංගුවට 1992 වසරේ "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමා රංගනයට පිවිසි ශාරුක් ඛාන් ලොව පුරා රසික ජනතාවගේ ඉමහත් ආදරය දිනාගත්, වත්මන බොලිවුඩ් ක්ෂේත්‍රයේ සිටින අති දැවැන්ත ප්‍රතිරූපයක් හිමි චරිතයකි. "කිං ඛාන්" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ශාරුක් මේ වනවිට නිෂ්පාදනය කාර්යයටද අත තබා තිබේ. ඔහු සිය රංගන ජීවිතය තුළ ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් හිමිකරගෙන ඇති අතර හොඳම නළුවාට හිමි සම්මානය අවස්ථා 08 දී හිමිකරගෙන ඇත. දිල්වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ, කුච් කුච් හෝතා හේ, කබි කුෂී කබි ගම්, කල් හෝ නා හෝ, වීර් -සාරා, කබි අල්විදා නා කෙහෙනා, චක්දේ ඉන්දියා, ඕම් ශාන්ති ඕම්, රබ් නෙ බනා දී ජෝඩි සහ මයි නේම් ඊස් ඛාන් ශාරුක් ඛාන් විසින් රංගන දායකත්වය ලබාදුන් අති සාර්ථක මට්ටමට ළඟා වූ නිර්මාණ කිහිපයකි. මේ වනවිට 45 හැවිරිදි වියෙහි පසුවුවද තවමත් රිදී තිරයේ පෙම්වතාගේ චරිතයට පණපොවන ශාරුක් ඛාන් සතු දළ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 555 ඉක්මවන බව ද සඳහන්ය. ලොවක් වසඟ කළ මෙම රංගන ශිල්පියාට පසුගිය දිනක හදිසියේම නීතිය ඉදිරියට යාමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලන්ඩන් හා හෝලන්ඩ් යන නගරවල සිය පවුල සමග නිවාඩුවක් ගතකිරීමෙන් අනතුරුව නැවත මුම්බායි බලා පැමිණි ශාරුක් ඛාන් අතිරික්ත ගමන් මලු තොගයක් රැගෙන ඒම නිසා චත්‍රපති ශිවාජි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රැඳවුම් භාරයට ගෙන තිබේ. තීරු බදු ගෙවීමකින් තොරව අතිරේක ගමන් මලු 20 ක් රැගෙන ඒම නිසා රේගු නිලධාරීන් විසින් මෙසේ ශාරුක් ඛාන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ශාරුක් ඛාන් ගුවන්තොටුපළ රඳවාගෙන ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැවත නිවස බලා යාමට අවසර ලබා දී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. "ශාරුක් ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකර නැවත ඉන්දියාවට පැමිණියා. එසේ නැවත පැමිණීමේදී ඔහු අමතර ගමන් මලු 20 ක් රැගෙන ආවා. ප්‍රශ්න කිරීම් සඳහා ශාරුක් ගුවන් තොටුපළ තුළ රඳවාගත්තත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැවත නිවස වෙත යාම සඳහා අවසර ලබාදුන්නා" ගුවන් තොටුපළ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අයකැමිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රේගු නිලධාරී කණ්ඩායමක් විසින් ශාරුක් ඛාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඔහු රැගෙන ආ අතිරේක බඩු තොගය වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1 .5 ක දඩයක් ද නියම කර ඇති බව වාර්තා වේ. ශාරුක් විසින් ප්‍රශ්න කිරීමකින් හෝ තොරව අදාළ දඩ මුදල ගෙවීමට එකඟත්වය පළකර ඇති අතර දඩ මුදල ගෙවීමෙන් පසු රේගුව විසින් ඔහුව මුදාහැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් ප්‍රශ්න කිරිම් සඳහා ශාරුක් ඛාන් ගුවන් තොටුපළ තුළ රඳවාගැනීමේදී රේගු නිලධාරීන් ඔහු වෙත සිනමා තරුවක යැයි විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවත්, සාමාන්‍ය මගියෙකු ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම රැඳවුම් භාරයේ පසුවන අතුරතුර ශාරුක්ට කිසිදු දුරකථන ඇමතුමක් ලබාගැනීමට පවා අවස්ථාව ලබා දී නොමැති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. වසරේ ගතවූ කාල සීමාව තුළ බොලිවුඩ් ශිල්පීන් කිහිපදෙනෙකුම මෙසේ වත්කම හෙළි නොකරන භාණ්ඩ රැගෙන ඒම සම්බන්ධව ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබිණි. මීට පෙර අවස්ථා 02 කදී වත්කම් හෙළිනොකරන ලද දියමන්ති සහ රන් ආභරණ රැගෙන ඒම නිසා බොලිවුඩ් නිළියන් වන මනීෂා ලම්බා සහ අනුෂ්කා ශර්මා මෙසේ රේගුව මගින් ප්‍රශ්න කිරීම් සඳහා ගුවන් තොටුපළෙහි රඳවාගෙන තිබිණි.
ශාරුක් ඛාන් අත්අඩංගුවට 1992 වසරේ "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමා රංගනයට පිවිසි ශාරුක් ඛාන් ලොව පුරා රසික ජනතාවගේ ඉමහත් ආදරය දිනාගත්, වත්මන බොලිවුඩ් ක්ෂේත්‍රයේ සිටින අති දැවැන්ත ප්‍රතිරූපයක් හිමි චරිතයකි. "කිං ඛාන්" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ශාරුක් මේ වනවිට නිෂ්පාදනය කාර්යයටද අත තබා තිබේ. ඔහු සිය රංගන ජීවිතය තුළ ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් හිමිකරගෙන ඇති අතර හොඳම නළුවාට හිමි සම්මානය අවස්ථා 08 දී හිමිකරගෙන ඇත. දිල්වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ, කුච් කුච් හෝතා හේ, කබි කුෂී කබි ගම්, කල් හෝ නා හෝ, වීර් -සාරා, කබි අල්විදා නා කෙහෙනා, චක්දේ ඉන්දියා, ඕම් ශාන්ති ඕම්, රබ් නෙ බනා දී ජෝඩි සහ මයි නේම් ඊස් ඛාන් ශාරුක් ඛාන් විසින් රංගන දායකත්වය ලබාදුන් අති සාර්ථක මට්ටමට ළඟා වූ නිර්මාණ කිහිපයකි. මේ වනවිට 45 හැවිරිදි වියෙහි පසුවුවද තවමත් රිදී තිරයේ පෙම්වතාගේ චරිතයට පණපොවන ශාරුක් ඛාන් සතු දළ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 555 ඉක්මවන බව ද සඳහන්ය. ලොවක් වසඟ කළ මෙම රංගන ශිල්පියාට පසුගිය දිනක හදිසියේම නීතිය ඉදිරියට යාමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලන්ඩන් හා හෝලන්ඩ් යන නගරවල සිය පවුල සමග නිවාඩුවක් ගතකිරීමෙන් අනතුරුව නැවත මුම්බායි බලා පැමිණි ශාරුක් ඛාන් අතිරික්ත ගමන් මලු තොගයක් රැගෙන ඒම නිසා චත්‍රපති ශිවාජි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රැඳවුම් භාරයට ගෙන තිබේ. තීරු බදු ගෙවීමකින් තොරව අතිරේක ගමන් මලු 20 ක් රැගෙන ඒම නිසා රේගු නිලධාරීන් විසින් මෙසේ ශාරුක් ඛාන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ශාරුක් ඛාන් ගුවන්තොටුපළ රඳවාගෙන ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැවත නිවස බලා යාමට අවසර ලබා දී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. "ශාරුක් ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකර නැවත ඉන්දියාවට පැමිණියා. එසේ නැවත පැමිණීමේදී ඔහු අමතර ගමන් මලු 20 ක් රැගෙන ආවා. ප්‍රශ්න කිරීම් සඳහා ශාරුක් ගුවන් තොටුපළ තුළ රඳවාගත්තත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැවත නිවස වෙත යාම සඳහා අවසර ලබාදුන්නා" ගුවන් තොටුපළ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අයකැමිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රේගු නිලධාරී කණ්ඩායමක් විසින් ශාරුක් ඛාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඔහු රැගෙන ආ අතිරේක බඩු තොගය වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1 .5 ක දඩයක් ද නියම කර ඇති බව වාර්තා වේ. ශාරුක් විසින් ප්‍රශ්න කිරීමකින් හෝ තොරව අදාළ දඩ මුදල ගෙවීමට එකඟත්වය පළකර ඇති අතර දඩ මුදල ගෙවීමෙන් පසු රේගුව විසින් ඔහුව මුදාහැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් ප්‍රශ්න කිරිම් සඳහා ශාරුක් ඛාන් ගුවන් තොටුපළ තුළ රඳවාගැනීමේදී රේගු නිලධාරීන් ඔහු වෙත සිනමා තරුවක යැයි විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවත්, සාමාන්‍ය මගියෙකු ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම රැඳවුම් භාරයේ පසුවන අතුරතුර ශාරුක්ට කිසිදු දුරකථන ඇමතුමක් ලබාගැනීමට පවා අවස්ථාව ලබා දී නොමැති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. වසරේ ගතවූ කාල සීමාව තුළ බොලිවුඩ් ශිල්පීන් කිහිපදෙනෙකුම මෙසේ වත්කම හෙළි නොකරන භාණ්ඩ රැගෙන ඒම සම්බන්ධව ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබිණි. මීට පෙර අවස්ථා 02 කදී වත්කම් හෙළිනොකරන ලද දියමන්ති සහ රන් ආභරණ රැගෙන ඒම නිසා බොලිවුඩ් නිළියන් වන මනීෂා ලම්බා සහ අනුෂ්කා ශර්මා මෙසේ රේගුව මගින් ප්‍රශ්න කිරීම් සඳහා ගුවන් තොටුපළෙහි රඳවාගෙන තිබිණි.
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jul 23, 2011 #133 නීල් හා අසීන් කෙටි පණිවිඩයකින් වෙන්වෙයි ගජිනි හින්දි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි දකුණු ඉන්දීය සිනමා නිළි අසින් තොට්ටුම්කල් මේ වනවිට බොලිවුඩ් රසික රසිකාවියන් අතර ද ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඇගේ නවතම හින්දි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුවූ සල්මන් ඛාන් හා රංගනයෙන් දායක වන රෙඩී චිත්‍රපටයයි. එමෙන්ම තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම ඇය සම්බන්ධ වීමට නියමිත බවද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ් හා අසීන් අතර සමීප සබඳතාවයක් ගොඩනැගෙමින් පවතින බවට පසුගියදා විවිධ පුවත් වාර්තා විය. මෙම නළු නිළි යුවල ඉතාමත් සමීප මිතුරන් බවට පත්ව සිටින අතර චිත්‍රපට සම්බන්ධව දෙදෙනා අතර නිතරම අදහස් හුවමාරු වන බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. අසීන් හා නීල් එකිනෙකාගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දක්වන බවත් අසීන් හා නීල්ගේ සමීප මිතුරන් පවසා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. කෙසේවෙතත් මෙම නිල නොලත් පෙම්වතුන් යුවල පසුගියදා හදිසියේම වෙන්වන්නට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. මෙම නළු නිළි යුවල අතර සන්නිවේදනය ද අතහැරී ඇති බව වාර්තා වේ. "t’s over" යනුවෙන් සඳහන් කරන ලද දුරකථන කෙටි පණිවිඩයක් මගින් දෙදෙනා අතර වන සබඳතාවයට අවසන් තිත තැබීමට අසීන් තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව අසීන්ගේ සමීප මිතුරන් අනාවරණය කර ඇති බව ද සඳහන්ය. "කිසිදු හේතුවක් මත ඔවුන් කිසිදා ඔවුන්ගේ සබඳතාවය පිළිබඳව ප්‍රසිද්ධියට පත්කරන්නේ නෑ. එමෙන්ම නීල් විසින් ද කිසිදු අවස්ථාවක මේ පිළිබඳව මාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවකු වෙත හෙළිනොකරන බව අසීන් පැහැදිලි ලෙසම දන්නවා" අසීන්ගේ සමීපතමයකු හෙළි කර තිබේ. "දෙදෙනා අතර බොහෝ නොගැළපීම් පවතිනවා. ඇය තැන්පත්, තමන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ බලාපොරොත්තු සහගතව පසුවන තැනැත්තියක්. ඔහු විනෝදකාමී,සරල ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්. අනෙකුත් පෙම්වතුන් මෙන්ම ඔවුන් අතරත් විවිධ ගැටුම් ඇතිවුණා. නමුත් අසීන්, සල්මන් ඛාන් සමග සමීප ඇසුරක් පැවැත්වීමට පටන්ගැනීම දෙදෙනා අතර මත ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව වුණා. ජෝන් ඒබ්‍රහම් සිට අක්ෂේ කුමාර් දක්වා ක්ෂේත්‍රයේ සියලුම ශිල්පීන් සමග අසීන් ගනුදෙනු කරනවා. නමුත් ඇය ඔවුන් ඇසුරු කරන්නේ ක්ෂේත්‍රයේ ඇයගේ ඉදිරි ගමන වෙනුවෙනුයි. ඇගේ එම හැසිරීමට නීල් කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු සිතන්නේ ඇය විසින් ඔහුව නොසලකා හරින බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුව අසීන්, නීල්ගේ දුරකථන ඇමතුම් වෙත පිළිතුරු දීම නවතා දමා ඇති බව ද ඇයගේ සමීපතමයින් සඳහන් කරයි. ඔහු හා ඇය අතර වන සබඳතාවයේ අවසන් ප්‍රකාශය අසීන් විසින් ඉහත සඳහන් කළ කෙටි පණිවිඩය මගින් නීල් වෙත දැනුම් දී තිබේ. 2001 වර්ෂයේදී දකුණු ඉන්දීය සිනමාව හරහා සිය රංගන ජීවිතය ඇරඹි 25 හැවිරිදි වියෙහි පසුවන අසීන් 2008 වර්ෂයේදී ගජිනි හින්දි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හා අයිෆා සම්මානය ද හිමිකරගත්තාය. එමෙන්ම එහි ද්‍රවිඩ චිත්‍රපටය වෙනුවෙන් 2005 දී ෆිල්ම් ෆෙයාර් හොඳම ද්‍රවිඩ රංගන ශිල්පිණියට හිමි සම්මානය අසීන්ට හිමිවිය. දැනට 28 වන වියෙහි පසුවන නීල් නිතින් මුකේෂ් රංගනයට පිවිසෙන්නේ ළමා අවධියේදීය. අසීන් -නීල් මේ වනවිට වෙන් වෙන් වූ මාර්ගවල ගමන් කිරීමට තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නීල් හා අසීන් කෙටි පණිවිඩයකින් වෙන්වෙයි ගජිනි හින්දි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි දකුණු ඉන්දීය සිනමා නිළි අසින් තොට්ටුම්කල් මේ වනවිට බොලිවුඩ් රසික රසිකාවියන් අතර ද ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඇගේ නවතම හින්දි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුවූ සල්මන් ඛාන් හා රංගනයෙන් දායක වන රෙඩී චිත්‍රපටයයි. එමෙන්ම තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම ඇය සම්බන්ධ වීමට නියමිත බවද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ් හා අසීන් අතර සමීප සබඳතාවයක් ගොඩනැගෙමින් පවතින බවට පසුගියදා විවිධ පුවත් වාර්තා විය. මෙම නළු නිළි යුවල ඉතාමත් සමීප මිතුරන් බවට පත්ව සිටින අතර චිත්‍රපට සම්බන්ධව දෙදෙනා අතර නිතරම අදහස් හුවමාරු වන බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. අසීන් හා නීල් එකිනෙකාගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දක්වන බවත් අසීන් හා නීල්ගේ සමීප මිතුරන් පවසා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. කෙසේවෙතත් මෙම නිල නොලත් පෙම්වතුන් යුවල පසුගියදා හදිසියේම වෙන්වන්නට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. මෙම නළු නිළි යුවල අතර සන්නිවේදනය ද අතහැරී ඇති බව වාර්තා වේ. "t’s over" යනුවෙන් සඳහන් කරන ලද දුරකථන කෙටි පණිවිඩයක් මගින් දෙදෙනා අතර වන සබඳතාවයට අවසන් තිත තැබීමට අසීන් තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව අසීන්ගේ සමීප මිතුරන් අනාවරණය කර ඇති බව ද සඳහන්ය. "කිසිදු හේතුවක් මත ඔවුන් කිසිදා ඔවුන්ගේ සබඳතාවය පිළිබඳව ප්‍රසිද්ධියට පත්කරන්නේ නෑ. එමෙන්ම නීල් විසින් ද කිසිදු අවස්ථාවක මේ පිළිබඳව මාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවකු වෙත හෙළිනොකරන බව අසීන් පැහැදිලි ලෙසම දන්නවා" අසීන්ගේ සමීපතමයකු හෙළි කර තිබේ. "දෙදෙනා අතර බොහෝ නොගැළපීම් පවතිනවා. ඇය තැන්පත්, තමන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ බලාපොරොත්තු සහගතව පසුවන තැනැත්තියක්. ඔහු විනෝදකාමී,සරල ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්. අනෙකුත් පෙම්වතුන් මෙන්ම ඔවුන් අතරත් විවිධ ගැටුම් ඇතිවුණා. නමුත් අසීන්, සල්මන් ඛාන් සමග සමීප ඇසුරක් පැවැත්වීමට පටන්ගැනීම දෙදෙනා අතර මත ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව වුණා. ජෝන් ඒබ්‍රහම් සිට අක්ෂේ කුමාර් දක්වා ක්ෂේත්‍රයේ සියලුම ශිල්පීන් සමග අසීන් ගනුදෙනු කරනවා. නමුත් ඇය ඔවුන් ඇසුරු කරන්නේ ක්ෂේත්‍රයේ ඇයගේ ඉදිරි ගමන වෙනුවෙනුයි. ඇගේ එම හැසිරීමට නීල් කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු සිතන්නේ ඇය විසින් ඔහුව නොසලකා හරින බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුව අසීන්, නීල්ගේ දුරකථන ඇමතුම් වෙත පිළිතුරු දීම නවතා දමා ඇති බව ද ඇයගේ සමීපතමයින් සඳහන් කරයි. ඔහු හා ඇය අතර වන සබඳතාවයේ අවසන් ප්‍රකාශය අසීන් විසින් ඉහත සඳහන් කළ කෙටි පණිවිඩය මගින් නීල් වෙත දැනුම් දී තිබේ. 2001 වර්ෂයේදී දකුණු ඉන්දීය සිනමාව හරහා සිය රංගන ජීවිතය ඇරඹි 25 හැවිරිදි වියෙහි පසුවන අසීන් 2008 වර්ෂයේදී ගජිනි හින්දි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හා අයිෆා සම්මානය ද හිමිකරගත්තාය. එමෙන්ම එහි ද්‍රවිඩ චිත්‍රපටය වෙනුවෙන් 2005 දී ෆිල්ම් ෆෙයාර් හොඳම ද්‍රවිඩ රංගන ශිල්පිණියට හිමි සම්මානය අසීන්ට හිමිවිය. දැනට 28 වන වියෙහි පසුවන නීල් නිතින් මුකේෂ් රංගනයට පිවිසෙන්නේ ළමා අවධියේදීය. අසීන් -නීල් මේ වනවිට වෙන් වෙන් වූ මාර්ගවල ගමන් කිරීමට තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jul 23, 2011 #134 Ada Derana Anugrahayen