Indian Kunu Goden

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොලිවුඩයෙන් හාදු වාර්තාවක්


    නවතම වාර්තා ගොඩනැගෙන, බිඳෙන බොලිවුඩ් සිනමාවෙන් නවතම වාර්තාවක් සමග නිර්මාණය වූ චිත්‍රපටයක් පිළිබඳව නවතම පුවතක් වාර්තා වේ. 2011 පෙබරවාරි මස ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "යේ සාලි සින්දගී" ලෙසය. සුධීර් මිෂ්රාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සඳහා ඉර්ෆාන් ඛාන්, අරුනෝද්‍ය සිං, චිත්රන්ග්ඩ සිං හා අදිති රාඕ හයිදරි ප්‍රධාන රංගන දායකත්වය සපයයි. ප්‍රකාශ් ජා නිෂ්පාදනයෙන් ද, නිෂාට් ඛාන් සංගීතයෙන්ද යේ සාලි සින්දගී චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී ඇත. මේ දක්වා නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම හාදු දර්ශන ප්‍රමාණයක් සහිත චිත්‍රපටය ලෙස මේ වනවිට යේ සාලි සින්දගී චිත්‍රපටය වාර්තා පොතට එක්ව සිටියි. මෙම චිත්‍රපටයෙහි හාදු දර්ශන 22 ක් අඩංගුව ඇත.

    1182109560_fquc73gp.jpg


    මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2003 වර්ෂයේදී තිරගත වුණු ගෝවින්ද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "ක්වාහිෂ්" චිත්‍රපටයයි. එහි හාදු දර්ශන 17 ක් අන්තර්ගත විය. මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදුන්නේ මල්ලිකා ෂරාවත් හා හිමන්ෂු මලික්ය. එම වාර්තාව බිඳදමන යේ සාලි සින්දගී චිත්‍රපටයේදී රංගන ශිල්පිණී අදිති රාඕ විසින් ඇගේ සහය නළු අරුනෝද්‍ය සිං වෙත හාදු ලබාදෙන දර්ශන 22 ක් අන්තර්ගතව ඇත. බොලිඩුඩ් හා දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක් සඳහා පමණක් රංගන දායකත්වය ලබාදී ඇති අදිති රාඕ, තවත් බොලිඩුව් රංගන ශිල්පියෙකු වන සත්‍යදීප් මිෂ්රා සමග විවාහ වී සිටියි.

    41555351_vfd.jpg


    ආදර තේමාවක් රැගත් "යේ සාලි සින්දගී" කතා පුවත දිගහැරෙන්නේ මෙසේය. අරුන්(ඉර්ෆන් ඛාන්) ප්‍රීති(චිත්රන්ග්ඩ සිං) නම් තරුණිය සමග ආදරයෙන් බැඳී සිටියි. නමුත් ප්‍රීති ශ්‍යාම් නම් තරුණයෙකුට පෙම් කරයි. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන අතර දූෂිත දේශපාලඥයකු සමග විවාහ ගිවිසගෙන සිටියි. ඒ සමග දිවෙන තවත් පුවතක් නම් තරුණ දාමරිකයකු වන කුල්දීප්(අරුනෝද්‍ය සිං) සිය රැකියාව නිසා මහත් කරදර විඳින සිය බිරිඳ සමග සාමකාමී ජීවිතයක් ගතකිරීමට පෙරුම් පුරයි. ඒ අතරම බඩී නම් තවත් දාමරිකයකු වන අතර ඔහු සිදුකළ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටියි. හෙතෙම යළි නිදහස ලබා සිය බලසම්පන්න ජීවිතය යළි ගොඩනගාගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පිරිසගේ ජීවන පුවත යේ සාලි සින්දගී චිත්‍රපටයට පාදක වී තිබේ.

    678770636_cefw.jpg


    ඕම්ප්‍රකාශ් මෙහෙරාගේ දිල්ලි 6 චිත්‍රපටය සඳහා ද අදිති රංගන දායකත්වය ලබාදුන්නාය. ඊට පෙර 2006 වර්ෂයේදී තිරගත වූ "ශ්‍රින්ගරම්" ද්‍රවිඩ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණදුන්නාය. එම වසරේම තිරගත වූ "ප්‍රජාපතී" මලයාලම් චිත්‍රපටය ද ඇය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයකි. "යේ සාලි සින්දගී"චිත්‍රපටයේ අදිතිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමග ඇය මේ දිනවල බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක් බවට පත්ව ඇත. එය ඇයගේ ඉදිරි රංගන දිවියටද පිටුවහලක් වනු ඇති බව ද කාගේත් අදහස වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    294248843_26n67uf6.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දීපිකා යළි තනිවෙයි


    "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට එක්වූ සුරූපී රංගන ශිල්පිණී දීපිකා පදුකෝන් සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉමහත් ජන ප්‍රසාදයක් දිනාගැනීමට සමත්වූවාය. එමෙන්ම ඇය බොලිවුඩයේ පුවත් මවන්නියක් බවට පත්වූයේ බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස නම් දරා සිටින රන්බීර් කපූර්ගේ පෙම්වතිය බවට පත්වීමත් සමගය. 2008 වර්ෂයේදී තිරගතවුණු "බච්නා ඒ හසීනෝ" චිත්‍රපටය සඳහා රන්බීර් හා දීපිකා ප්‍රධාන රංගන දායකත්වය සැපයූ අතර එම චිත්‍රපටයෙන් පසු ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්විය. නමුත් 2009 වසර වනවිට එම ආදර කතාවට අවසන් තිත තැබුණේ රන්බීර්ගේ සල්ලාල දිවි පෙවෙත නිසාය.

    90526614_4vrav7xe.jpg


    ඉන්පසුව බොලිවුඩයේ සුරූපිණියන් කිහිපදෙනෙකුගේම නම් රන්බීර්ගේ නම සමග කියැවිණි. ඒ අතරින් සල්මන් ඛාන් සමග පැවති පෙම් සබඳතාවය නිමාවට පත්කර සිටි කට්රිනා කයිෆ් ප්‍රධාන විය. රන්බීර්ගේ හා පැවති සබඳතාවය බිඳවැටීමෙන් පසු දීපිකා නැවතත් කටකතා වලට ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූයේ ධනවත් ඉන්දීය ව්‍යාපාරික විජේ මල්යාගේ පුත් සිද්ධාර්ත් මල්යා සමග ඇය පෙම් සබඳතාවයක් ආරම්භ කර ඇති බවට පුවත් වාර්තා වීමත් සමගය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේද සිද්ධාර්ත් විසිනි. දීපිකා නිල වශයෙන් එම කණ්ඩායමට සහයෝගය දක්වන බොලිවුඩ් ශිල්පිණියකි.

    155168329_ffs.jpg


    දෙදෙනා අතර පෙම් සබඳතාවයක් වන බවට පුවත් මැවුණේ මෙම සබඳතාවය නිසාය. දීපිකා හා සිද්ධාර්ත් බොහෝ ප්‍රසිද්ධ සාදයන් සඳහා පවා එක්ව සහභාගි වූ අතර එය ඔවුන් පිළිබඳව තවදුරටත් කටකතා නිර්මාණයට හේතුවක් විය. නමුත් මෙම පෙම් සබඳතාවය නොනිල පුවතක් පමණක් විය. දීපිකා විසින් තමන් හා සිද්ධාර්ත් අතර පෙම් සබඳතාවයක් වන බවට වන ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. ඒ අතරම සිද්ධාර්ත් විසින් සිය ආදරවන්තිය වන දීපිකා වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට සූදානම් වන බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

    1501089302_ttttth.jpg


    නමුත් මෙම සියලු පුවත් බිඳදමමින් තමන් නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති බව දීපිකා විසින් නිවේදනය කර තිබේ. සිය සිහින කුමරු තවමත් තමන්ට හමුවී නොමැති බව ද ඇය අනාවරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිද්ධාර්ත් මලයා සමග වන සබඳතාවය ද පිළිබඳව ස්ථිර ප්‍රකාශ නිකුත් කිරීම ඇය නවතා දමා ඇති අතර සිද්ධාර්ත් එම පිළිවෙත අනුගමනය කරමින් දීපිකා සම්බන්ධව ආරක්ෂාකාරී පිළිවෙතක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් දීපිකා නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති අතර ඇය පිළිබඳව සිහින දකින ප්‍රේක්ෂකයින්ට එය යහපත් ආරංචියක් වනු නියතය.

    1214251489_sdrf.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විද්‍යා බාලන්ගේ නිරුවත් රුව සිතුවමකට


    2005 වර්ෂයේදී "පරිනීතා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි රංගන ශිල්පිණී විද්‍යා බාලන් මේ වනවිට සිය දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව 20 ට පමණ අවම වුවද ඇය ලබා ඇති ජනප්‍රියත්වය ඉමහත්ය. එමෙන්ම ඇය අවස්ථා ගණනාවකදීම ෆිල්ම් ෆෙයාර්, ස්ටාර් ස්ක්‍රීන්, සී සයින් ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවකට ද පාත්‍රවිය. "පරිනීතා", "පා" සහ "ඉෂ්කියා" ඇයට සම්මාන හිමිකරදුන් සිනමා නිර්මාණ විය. එමෙන්ම මෙම වසරේදී තිරගතවීම ආරම්භ වූ "නෝ වන් කිල්ඩ් ජෙසිකා" චිත්‍රපටය ද මෙම 33 හැවිරිදි රංගන ශිල්පිණියගේ රංගන ප්‍රතිභාව දක්වන තවත් නිර්මාණයක් වනු ඇති බව විචාරක මතයයි.

    1186637697_vk7lwdpk.jpg


    මෑතකදී විද්‍යා බාලන් නැවතත් කතාබහට ලක්වන රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින්නේ "ඉන්දියාවේ පිකාසෝ" ලෙස සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී 95 හැවිරිදි එම්. එෆ්. හුසේන්ගේ තෙලි තුඩට මාතෘකාවක් වීමට විද්‍යාට ලැබී ඇති අවස්ථාවක් නිසාය. බොලිවුඩයේ ආදරණීය සිනහව මධුරි ඩික්සිත්, තාබු, අම්රිතා රාඕ සහ අනුෂ්කා ශර්මා යන සුරූපී රංගන ශිල්පිණියන්ගේ රුව හුසේන් අතින් සිතුවමට නැගී ඇත. එම රංගන ශිල්පිණියන්ගෙන් පසුව හුසේන් සිය සිතුවමක් සඳහා විද්‍යා බාලන්ගේ රුව තෝරාගැනීමට හුසේන් තීරණය කර ඇත. ඉන්දීය වාර්තා පෙන්වාදෙන අන්දමට විද්‍යාගේ නිරුවත් සිතුවමක් නිර්මාණය කිරීම හුසේන්ගේ අදහස වී තිබේ.

    347446025_hb8o844t.jpg


    සිය සිතුවම සඳහා පෙනීසිටින මෙන් මෙම චිත්‍ර ශිල්පියා විද්‍යා බාලන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්ය. එමෙන්ම ඔහුගේ එම ඉල්ලීම විද්‍යා විසින් පිළිගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. විද්‍යා බාලන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන එක්තා කපූර්ගේ "ඩර්ටි පික්චර්" චිත්‍රපටයේ රූගත කිරීම් වලින් පසුව ඇය හුසේන්ගේ නිර්මාණය සඳහා සිය කාලය වෙන්කිරීමට තීරණය කර තිබිණි. හුසේන්ගේ සිතුවම සඳහා අවශ්‍ය පරිදි සිය දායකත්වය ලබාදීමට ද ඇය කැමැත්ත පළ කළ බව වාර්තා විය.

    246808513_k83oqfe2.jpg


    නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන නවතම වාර්තා වලට අනුව විද්‍යා බාලන් විසින් හුසේන්ගේ සිතුවම සඳහා පෙනීසිටීම ප්‍රතික්ෂේප කර තිබේ. සිය පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳව සෑම අවස්ථාවකදීම පූර්ණ අවධානය යොමුකර සිටින විද්‍යා මෙම සිතුවමට මුහුණදීම තුළීන් සිය කීර්තියට හානියක් වනු ඇති බව විශ්වාස කරන බව විද්‍යාගේ සමීප මිතුරියන් විසින් ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

    1228578355_hedreri1.jpg