India's popular cars fail crash tests

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    _72645599_72645598.jpg



    මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත.

    යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි.

    “ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි.

    ලෝකයේ ලාබම මෝටර් රථය වන ‘ටාටා නැනෝ’ සහ ‘ෆෝර්ඩ්’, ‘ෆොක්ස්වාගන්’ සහ ‘හයිඋන්ඩායි’ වර්ගවල ඇතැම් මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති.

    එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේය.

    වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බව පැවසෙයි.

    මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි.






    - BBC