Individual Class කරන්න ඕනේ | උදව් ඕනේ

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Individual Class කරන්න ඕනේ | උදව් ඕනේ

    යාලුවනේ මගේ යාලුවෝ ගොඩක් අය A/Level කරලා ඉවර උනාට පස්සේ, 2nd Shy එක පවා කරලා ඉවර අය ගොඩක් දැන් ගෙවල් වලට ගිහිල්ලා එක එක විෂයන් ළමයින්ට උගන්නවා. එයාල් එකට ගානකුත් අයකරනවා. එයාලට දැනට තියෙන සුදුසුකම උසස්පෙළ සමත් කියන එක විතරයි. සමහරු නම් කැම්පස් තේරිලා. සමහර අය දැන් යන ගමන්.

    ඉතින් එහෙම එකේ මටත් ආසාවක් තියෙනවා ඒ විදියට Computer Individual Class කරන්න. මම කොළඹ විශ්වවිද්‍යාලයේ BIT Degree එක හදාරන කෙනෙක්. හැබැයි තවම පළමු වසර. ( පළමු වසර උනත් දැනටම UG ල වෙලා ඉවරිනේ) FIT කරලා තමයි BIT කරන්න ගියේ. මට තේරෙනවා මට කෙනෙක්ට කොම්පියුටර් පන්තියක් කරන්න දැනුම මට තියෙනවා කියල. මට දැනගන්න ඕනි මෙන්න මේ දේවල් මට UG කෙනෙක් විදියට මම මේ කියන දෙය කරන්න පුලුවන්ද? පොඩි ළමුන්ට වගේ උගන්නවා නම් ඒවාට කරන අය කිරීම් කොහොමද? (මසකට) ඊළගට ලොකු වැඩිහිටි යට ඒ කියන්නේ විවිධ ආයතනවල වැඩ කරන කොම්පියුටර් ඉගෙන ගන්න ආස සහ අවශ්‍යතාවය ඇතිවෙලා තියෙන අයට වගේ උගන්නවා නම් කොහොමද ඒවාට අයකරන ගාස්තු ප්‍රමාණයන් එහෙම කියල.

    මම මුලින් වැඩ කරා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට. ඒ කාලේ කැම්පස් ඇතුලේ ඉන්න අය එහෙම ඇවිල්ල මගෙන් පෝස්ටර් හෑන්ඩ් බිල් එහෙම හදාගෙන යනවා අපේ ප්‍රෙස් එකෙන් ක්ලාස් කරන්න විස්තර දමලා. එයාලත් හැබැයි UG කියලා තමයි ඒවා හදාගෙන යන්නේ. ඒකාලේ ඉදලාම මටත් හිතුනා මේ ගැන. UG ලා විදියට ක්ලාස් කරන්න පුලුවන්ද? මට මේ දේවල් ගැන කියනන් පුලුවන්ද ඔයාලට. ලොකු උදව්වක්. මෙහෙම දෙයක් කරගත්තොත් මට පුලුවව්න් කාටවත් කරදර නොකර BIT එකට ඕනි මුදල් සහ මගේ වියදම් උනත් හොයාගන්න.

    උදව් කරන්නකෝ මට ලොකු උදව්වක්.
     
    Last edited: