ශ්‍රී ලාංකීය අන්තර්ජාලයේ 20 වන සංවත්සරය එළඹෙන මෙම වසරේ, ඒ වෙනුවෙන් "අන්තර්ජාල සංසදය, ශ්‍රී ලංකා අදියර" (The Internet Society, Sri Lanka Chapter) විසින් එහි හවුල් කරුවන් සමග සහයෝගීතාවෙන් පැවැත්වීමට යෙදෙන "INET Colombo 2015" මෙම මස 08 සහ 09 යන දිනයන් වලදී පැවිත්වීමට නියමිත ය.
2015 වසරේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත දැවැන්තම සමුළුව ලෙස INET Colombo 2015 පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා සිටින තොරතුරු තාක්ෂණික විශේෂඥයන් රැසක් සහභාගී වන මෙම පෙර නොදුටුවිරූ අවස්ථාව, ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණතාවක් ලබාගැනීමට ඔබටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.
සම්පූර්ණ සමුළුව සඳහාම ලියාපදිංචි වීමේ ගාස්තුව ලෙස රු.5000/=ක ගාස්තුවක්ද, CSSL සාමාජිකයන්ට රු. 4000/=ක විශේෂ වට්ටම් සහිත ගාස්තුවක්ද තීරණය කර ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් පිටුවෙන්...
INET 2015 සමුළුව
ජුනි මස 9 වෙනි දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී,
• මහාචාර්ය. කිල්නෙම් චොන් – කොරියන් අන්තර්ජාලයේ පියා
• හරිෂ් පිල්ලේ මහතා – රෙඩ් හැට් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිර්මාණ ශිල්පියා
• රෝල් ඉකෙබේරියා මහතා – ලතින් ඇමරිකානු අන්තර්ජාලය බලකාය
• මහාචාර්ය. කන්චානා කාන්චනාසුත් - තයිලන්ත අන්තර්ජාලයේ මව්තුමිය
• මහාචාර්ය. සමන් අමරසිංහ - Massachusetts Institute of Technology
• මහාචාර්ය. සතිෂ් බාබු – නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක
ඇතුළු ක්ෂේත්‍රයේ ඉහල කීර්තියක් දිනා සිටින දේශීය හා ජාත්‍යන්තර දේශකයන් රැසක් සමුළුව ඇමතීමට නියමිත ය.ජුනි මස 9 වෙනි දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී,
සම්පූර්ණ සමුළුව සඳහාම ලියාපදිංචි වීමේ ගාස්තුව ලෙස රු.5000/=ක ගාස්තුවක්ද, CSSL සාමාජිකයන්ට රු. 4000/=ක විශේෂ වට්ටම් සහිත ගාස්තුවක්ද තීරණය කර ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් පිටුවෙන්...