Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)

ඉගෙන ගන්න ඕනෙද?


  • Total voters
    133

nooby

Well-known member
  • Mar 25, 2018
    4,124
    2,346
    113
    Srilanka
    මොනවද මේ Influencer Marketing?

    what-to-consider-when-launching-influencer-marketing-campaigns.png



    දැනුවත්ද මේ දේවල් ගැන?
    සමහර අය දන්නවා, සමහර අය දන්නේ නෑ.

    කොහොමද social media influencer කෙනෙක් වෙන්නේ.?
    ඉගෙන ගමු ඒක.

    Social media influencer කෙනෙක් වෙන්න මූන පෙන්නන්නම ඕනද?
    අපෝ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    influencer marketing කියන්නේ වෙනමම පට්ටම ආතල් field එකක්(grow කරගත්තට පස්සේ). මේකේ තියෙන විශේෂතවය වෙන්නේ යම් කාලයක් හොදින්ම මහන්සි වෙලා කැප වෙලා audience grow කරගත්තට පස්සේ passive income source එකක් විදියට බාවිතා කරන්න පුලුවන්. ඕන කරන strategy සහ අනිත් resources ටික හරියට පාව්ච්චි කලොත් සැලකිය යුතු කාලයක් ඇතුලේ හොඳ network එකක් හොද audience එකක් එක්ක හදාගන්න ඔයාලට පුලුවන් වෙනව. වර්තමානයේ සහ අනාගතයට අවශ්‍යම කරන niche වලට ඔයාලට දැන්ම ඉදන් පොඩි කැප කිරීමක් කරලා network channel දෙකක් තුනක් (එක එක tending niche වලට) අනාගතයට කරන ලොකු ආයෝජනයක් වෙයි ඒක.

    මට මේ field එක ආස හිතුන විදියත් කියන්නම්. මට මතකයි මගේ drop shipping PLR product එකක් තප්පර 40ක වගේ video ad එකක් දාන්න මම සම්බන්ධ කරගන්නවා niche එකට අදාල එක්තර Instagram page එකක්. ඔහු මට කියනවා මගේ ඇඩ් එක දාලා මගේ සයිට් ලින්ක් එක ඒ page එකේ link එකට පැය 24කට දාන්න 400$ අවශ්‍යයි කියල. ඒ page එකේ ඉන්නේ මටම ගැලපෙන audience එකක්. 150K+ audience. ඉතින් මම දැම්මා ඇත්තටම. targeted audience එකක power එක මම හොඳින්ම තේරුම් ගනිපු එක අවස්ථාවක් ඒක. මම spent කල ගාන වගේ 3X+ මම හෙවුවා ඇත්තටම sales වලින්. නිකමට මම හිතුවා මට මේ වගේ pages 2ක්, 3ක් තිබුනා නම් මරු නේද කියල. පටන් ගත්තා, නමුත් හිතපු තරම් ලේසි වුනේ නෑ. හරියටම මාස 8ක් මට ගතවුනා 100K+ වලට එක page එකක followers ලා හදන්න. දැන් මමත් 250$ වලට sponsor පෝස්ට් දානවා vehicle accessories සම්බන්ධව. අනිත් පටන් ගනිපු pages වල niche වලට competition එක වැඩියි ඇත්තටම. ඒ නිසා ඒවයේ followers ලා ඒ තරමට වැඩි කරගන්න බැරි වුනා. නමුත් හෙමින් grow වෙනවා. මේ instagram වලට එක උදාහරණයක් විතරයි ඇත්තටම. මේ දවස්වල tiktok grow කරන ගමන් ඉන්නේ. මේ හැමදේම කරන විදියක් තියෙනවා. එකකට එකක් ලින්ක් වෙන්න ඕන. social media වල ඇත්තටම තේරුම ඒක. හැම ප්ලැට්ෆෝම් එකක්ම එකකට එකක් connect කරගන්න ඕන.

    තව knowledge එක ඕන අයට පුලුවන් මේක බලන්න. තව උදාහරන internet එකේ තියෙනව. ඒවත් හොයන්න පටන් ගන්න.



    ඉගෙන ගන්න කැමති නම් අපි පටන් ගමු හෙමින්. හැබැයි මේකත් කම්මැලියොන්ට නම් නෙවෙයි. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න මිනිස්සුන්ටත් නෙවෙයි. මහන්සි වෙලා දෙයක් කරන්න, තමන් වෙනුවෙන් යම් දැනුමක් හොයාගෙන යන්න පුලුවන් මිනිසුන්ට මෙකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. response ටික බලල වැඩ පටන් ගමු.

    ජය වේවා!
    patta bro😍😍 waiting for next thread
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    අපි මේකෙදි steps ව්දියට යමු. මේ ටික තමයි ඉස්සරහට එන්නේ.

    Instagram
    Pinterest
    Tik Tok
    Snapchat

    අපි පටන් ගන්නේ Instagram වලින්. මම මේකෙදී genuine purpose එකකින් audience එකට දෙයක් දීලා Instagram marketing වලට යන විදිය කියනව. මෙතනදි tits, ass පෙන්නලා follows ලා grow කරගන්න ලංකාවේ influence marketing ගැන නෙවෙයි කතා කරන්නේ, මිනිස්සුන්ට හරවත් දෙයක් දැනෙන දෙයක් දීලා grow කරගන්න විදිය.

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මගේ profiles grow වෙන්නේ නැත්තේ කියන එක. සමහර අය අහනව අපි vpn use කරන්න ඕනේද වෙන රටවල් වලට profiles reach කරන්න වගේ දේවල්. ඇත්තටම එහෙම අවශ්‍ය නෑ. හැබැයි මේ ඕනෙම platform එකක grow වෙන්න ඕනේ නම් එක දිගට නොනවත්වාම algorithm එකට touch වෙනකල්ම පෝස්ට් දාන්න සිද්ධ වෙනව. මේක තමයි no 1 rule එක Instagram growth strategy එකක. දවසට අවම පෝස්ට් 10ක් වත් publish වෙන්න ඕන time to time interval එකකට. මේක මාරම වැදගත් ඔයා අලුතින්ම මේක පටන් ගන්නවනම්.

    මේකෙදි niche selection ටිකක් තියෙනව. ඒවා තමයි
    sports/ fitness
    motivation
    self development
    forex/binary
    investing
    drop shipping/ amazon fba
    home improvement
    construction
    entrepreneurship
    funny
    women items(මේක ඇතුලේ ලොකු collection එකක් තියෙනව)
    mens item(මේක ඇතුලෙත් ලොකු collection එකක් තියෙනව)

    තව ඔයාලා දැකලා තියෙන ඒවා තියෙනම් comment වලට දාගෙන යන්න.

    මම හිතුවා මේ පෝස්ට් එක daily update කරන්න. දවසට පොඩ්ඩ පොඩ්ඩ එලියට දාලා.
    ජය වේවා!
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අනිවා Daily updates දාපන් brother
    අමතර ආදායමක් නැතිව ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි බන්
    මාත් field 1ka study කරන ගමන් ඉන්නෙ
    Office වල නිකන් ඉන්න වෙලාවෙන් වැඩක් ගන්න බැලුවේ 👍😁
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me

    හොදයි අද එතන ඉදන් යන්නේ. දැන් ඔයා niche එකක් select කරාට පස්සේ ඊලගට කරන්න ඕන දේ තමයි ඒ niche එකට අදාලව හැම social media platform එකකම හොද quality profiles, pages ඔයා follow කරන්න පටන් ගන්න ඕන.

    මේක කරද්දි අලුතින් හෝ පරන insta pages 5ක් විතර ගන්න පුලුවන් නම් හොදයි. ඒවා ඔයාගෙ insta app එකට ලින්ක් කරගන්න. එතකොට randomly මාරු වෙන්න පුලුවන් අවශ්‍ය account එකට. මේ accounts 5න් ම ඔයා follow කරන්න ඕන ඔය කරන්න යන niche idea එකට අදාලව ඉන්න හැම page එකක්ම. වෙනම spread sheet එකක මේ හැම detail එකක්ම පිලිවෙලට දාගන්න. ඒ වගේ top pages වල පාවිච්චි වෙන unique techniques අදුනගන්න ඕන. ඒවායේ concepts සතියක් දෙකක් හොදට ඔලුවට දාගන්න ඕන. හොදටම reach out වෙන පෝස්ට් වල tags වෙනම copy කරගෙන ලග තියාගන්න. ඒවා අවශ්‍ය වෙනව. ගොඩාක් වෙලාවට ඔයාට දකින්න පුලුවන් වෙයි හොදටම reach වෙන niche පෝස්ට් දාන pages වල පෝස්ට් වල යන්නේ එකම ටැග්ස් සෙට් එකක් කියන එක. ගොඩක් වෙලාවට. ඒක අදුනගන්න. මේ ඉන්න ගමන් අනිවාර්යෙන්ම මේ පෝස්ට් වලට comment කරන්න. ඔයාගෙ ප්‍රොෆයිල් වල කිසිම දෙයක් පෝස්ට් කරන්න ඕන නෑ මුලදි. මාසයක් වගේ මේ දේ කරන්න ඕන හරියට තමන්ගෙ niche එකේ වෙන දේවල්, unique styles අදුනගන්න නම්.

    ඊලගට ඕන වෙනව pinterest accounts 5ක් වගේ. same niche එකමයි. මේක 10ක් වගේ වුනාට කමක් නෑ. වැඩි වුනාට කමක් නෑ. මොකද මහන්සි වෙන්නයි තියෙන්නේ. pinterest මේ account වලට ලොග් වෙද්දී වෙන වෙනම ලොග් වෙන්න. cookies clear කරගන්න browser එකේ. ඒ වගේම වෙන වෙනම ලොග් වෙන හැම වෙලාවකම router එක restart කරන්න. or dongle eka connect and disconnected කරන්න. මේ step එක අවශ්‍යම නෑ. ඒත් වැඩි ආරක්ශාවට ඒ දේ කරනව. මේ account වලිනුත් වෙන වෙනම ඔයාගේ නිච් එකට අදාල boards follow කරන්න පටන් ගන්න. related ඒවා හැම එකක්ම ඔයාගේ profile ඇතුලේ boards create කරල ඒවා pin කරන්න. මතක තියාගන්න ඔයා තාමත් පෝස්ට් එකක්වත් දාන්න පටන් නෑ. කරන්න ඕන ඔයාගේ niche එකට අදාල හැම රෙද්දක්ම follow කරලා ඒවා pin කරගෙන කරගෙන යන එක ඔයාගේ boards ඇතුලට. මේවා ඔක්කොම public තියෙන්න ඕන.

    මේ වැඩ දෙක හරියටම සිද්ද වෙන්න ඕන. වෙන කිසිම දෙයක් ඕන නෑ. මේ වැඩ ටික හරියට කරන්න මාසයක් මහන්සි වෙලා.

    ඊලග update එකෙන් බලමු අපි ඊලගට මොනවද අපේ mother account වලට කරන වෙනස් කම් කියල. ඒ කියන්නෙ අපි හොදටම grow කරන්න බලාපොරොත්තු වෙන account දෙක ගැන. pinterest & Instagram

    ජය වේවා!!
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මේක කරද්දි අලුතින් හෝ පරන insta pages 5ක් විතර ගන්න පුලුවන් නම් හොදයි. ඒවා ඔයාගෙ insta app එකට ලින්ක් කරගන්න. එතකොට randomly

    Ape account eken pages 5k hadanna onada? nathnam wena wenama account 5k hadanna onada?
     
    • Like
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Ape account eken pages 5k hadanna onada? nathnam wena wenama account 5k hadanna onada?

    e kiyanne 5 accounts thamai. ehema hadala insta app ekatama link karaganna. mewa hadana kota gmail acc ona wenawane. eka hadanna lesima widiyak thamai mobile gmail account setup karana eka. eka ikman. https://accounts.google.com/SignUpMobile
     

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Child Accounts හදද්දි මම පාවිච්චි කරන ක්‍රමයක් කියන්නම්. මොකද දැන් Algorithm පට්ට perfect නිසා.
    1.Android phone එකක් හරි dongle එකක් හරි ඕනේ (3G or 4G තියන).
    2.වෙනම chrome browser එකක් install කරලා තියෙන්න ඕනේ.
    3.Mobile Number Verification නැති Email provider කෙනක් ඕනේ. (Mobile gmail setup කරන එකත් අවුලක් නෑ තරූ කිව්වා වගේ)

    දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම Pc එකට connect කරලා තියන LAN/WIFI disconnect කරන්න. ඊට පස්සේ android phone එකේ USB tethering on කරලා PC එකට connect කරන්න. දැන් chrome open කරලා අලුත් profile එකක් හදාගන්න. හදලා ඉවර වෙලා browser එක close කරන්න.දැන් windows search bar එකට ගිහිල්ලා මේ විදිහට මෙක copy paste කරන්න. chrome --profile-directory="PROFILENAME" --incognito. Profile Name කියන තැනට අලුතෙන් හදපු chrome profile name එක දෙන්න ඕනේ.දැන් incognito tab එකක් open වෙයි. එහෙනම් දැන් instagram ගිහිල්ලා account එක හදාගන්න. අයේ අලුත් accounts හදාගන්න ඕන උනාම USB tethering off කරලා airplane mode 10 second වගේ දාලා අයේ connect කරන්න. Dongle එකක්නම් unplug කරලා අයේ plug කරන්න. අනිත් ටික අර විදිහමයි. ඔයාලට ඕනමනම් ඔය accounts හදන වාරයක් පාසා cache clear කරන්න.

    අහ් තව දෙයක් කියන්න බැරි උනා. Mail එකක් අලුතෙන් හැදුවට පස්සේ newsletter එකකට signup වෙන්න ඒකෙන් mail එක live කියලා පෙන්නන්න පුලුවන්.:yes:
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මේ ත්‍රෙඩ් එකේ update එක එනවා හරියටම ජූලි 20. එතකොට කලින් කොටසේ කිවුව විදියට තමන්ගෙ niche එක select කරගෙන ඒවා දිගටම develop කරගෙන තියෙන්න ඕන ඊලග step එකට යනකොට.

    Instagram සහ Pinterest ගැන වැදගත් stat ටිකක් මේ article දෙකේ තියෙනවා. stat ගැන දැනගෙන මේක කරන එක මාර වටිනවා. තව හොයල කියවන්න. හොද niche එකක් සහ economy value එකක් දෙන්න පුලුවන් niche තෝරගන්න එක මාරම වැදගත් මේකෙදි.

    ex: Insta වලට නම් entrepreneurship related, women fashion, services
    Pin වලට Home improvement, women fashion, easy home tools


    Influencer marketing කරන්න වගේම තමන්ගෙ eCommerce අවශ්‍යතාවකට මේ වගෙ දෙයක් build කරන එක මාරම වැදගත් වෙනව. ඉස්සරහට mobile buying ability එක 3x time වැඩි වෙනව. ඒ trend එකත් එක්ක eCommerce වලට තියෙන ඉල්ලුම තව තව ඉහල යනව. ඒ නිසා දැන්ම තමන්ගේ social profiles ටිකක් අදාල economy value එකක් තියෙන niche වලට හදල තියෙන එක මාර වටිනව කියන එක කියන්න ඕන කලේ. අවුරුද්දක් ඒ වෙනුවෙන් ගත වුනත් ඒ ගත කරන කාලය ලොකු ආයෝජනයක් වෙනව අනාගතයට.

    ඊලග part එකෙන් වැඩි දුර කතා කරමු.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Child Accounts හදද්දි මම පාවිච්චි කරන ක්‍රමයක් කියන්නම්. මොකද දැන් Algorithm පට්ට perfect නිසා.
    1.Android phone එකක් හරි dongle එකක් හරි ඕනේ (3G or 4G තියන).
    2.වෙනම chrome browser එකක් install කරලා තියෙන්න ඕනේ.
    3.Mobile Number Verification නැති Email provider කෙනක් ඕනේ. (Mobile gmail setup කරන එකත් අවුලක් නෑ තරූ කිව්වා වගේ)

    දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම Pc එකට connect කරලා තියන LAN/WIFI disconnect කරන්න. ඊට පස්සේ android phone එකේ USB tethering on කරලා PC එකට connect කරන්න. දැන් chrome open කරලා අලුත් profile එකක් හදාගන්න. හදලා ඉවර වෙලා browser එක close කරන්න.දැන් windows search bar එකට ගිහිල්ලා මේ විදිහට මෙක copy paste කරන්න. chrome --profile-directory="PROFILENAME" --incognito. Profile Name කියන තැනට අලුතෙන් හදපු chrome profile name එක දෙන්න ඕනේ.දැන් incognito tab එකක් open වෙයි. එහෙනම් දැන් instagram ගිහිල්ලා account එක හදාගන්න. අයේ අලුත් accounts හදාගන්න ඕන උනාම USB tethering off කරලා airplane mode 10 second වගේ දාලා අයේ connect කරන්න. Dongle එකක්නම් unplug කරලා අයේ plug කරන්න. අනිත් ටික අර විදිහමයි. ඔයාලට ඕනමනම් ඔය accounts හදන වාරයක් පාසා cache clear කරන්න.

    අහ් තව දෙයක් කියන්න බැරි උනා. Mail එකක් අලුතෙන් හැදුවට පස්සේ newsletter එකකට signup වෙන්න ඒකෙන් mail එක live කියලා පෙන්නන්න පුලුවන්.:yes:

    kohomath accounts 5k allow karanwa ne ban eka device ekakata
     
    • Like
    Reactions: gima23