Insert Image
වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.
ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.
(1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක.
(2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.
(1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය.
මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි.
මා භාවිත කරන්නේ.
http://imgur.com/ යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ.
එම නිසා, ඒ සියළු බාධාවන්ගෙන් තොර වෙබ් අඩවියක් ලෙස
http://imgur.com/ දැක්විය හැකියි. මේ වෙබ් අඩවිය වෙත පින්තූරය අප්ලෝඩ් කළ පසුව ඉමේජයේ සෘජු සබඳතාවය ලබාගන්න. (Direct Link) එසේ ඩිරෙක්ට් ලින්ක් එක ලබාගෙන, Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.
එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.
(2)
(i) වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.
වෙබ් අඩවියක පවතින පින්තූර බොහොමයක් එළකිරි වෙබ් අඩවිය තුල ප්‍රදර්ශණය කරවිය හැකියි. නමුත් සමහර වෙබ් අඩවි එයට ඉඩදෙන්නේ නැහැ. එම නිසා ඒ කාරණය මතකයේ තබාගත යුතුයි.
වෙබ් අඩවියක හෝ සර්වරයක පවතින විවෘත ඉමේජයක් පලකිරීමට නම් කළයුත්තේ එහි ඍජු ලිපිනයන් ලබා ගැනීමයි. එය ලබාගැනීම සඳහා අදාල වෙබ් අඩවියේ හෝ සර්වරයේ ඉමේජය මතට රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකේ ඇති,
Copy Image URL, Copy Image Location හෝ සමාන අරුත ඇති තේරීම කළ හැකියි. මෙය වෙබ් බ්‍රවුසරයෙන් බ්‍රවුසරයට වෙනස්ව දක්වා ඇත. ඉන් පසු Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.
එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.
(ii) ඊමේල් හෝ වෙනත් විවෘත නොවන මාධයයක කළ ඇමුණුම්.
ඊමේල් ඇමුණුම් දැකිය හැක්කේ අදාල හිමිකම් (Rights) ඇති පුද්ගලයන්ට පමණය. එනම් ඔබේ ඊමේල් ගිණුමට නොපිවිසී එය දැකිය නොහැකිය. එම නිසා ඔබ ඊමේලයට ඇතුළු වී සිටින අවස්ථාවක අමුණා ඇති රූපයක සබඳතාවයන් ලබාගෙන ඇතුල් කළහොත් එය දර්ශණය වන්නේ ඔබට පමණය. අන්‍යයන්ට දර්ශණය වන්නේ හිස් පිටුවක් පමණි. ඒ බව ඔබටද අත්විඳිය හැක්කේ ඔබේ ගිණුමෙන් ඉවත්වී එම රූප බැලීමට උත්සාහ කළහොත්ය. එම නිසා එවැනි ඇමිණුම් දැක්වීමට අවශ්‍යයි නම් ඔබ කළ යුත්තේ ඒවා බාගත කර නැවත විවෘත වෙබ් අඩවියකට අප්ලෝඩ් කර දැක්වීමය.