මේක router එකෙන් කරන්න පුලුවන්. router එක මේකට support කරනවා නම්. කරන්න තියෙන්නේ router එකේ හොයාගන්න IP/Port Filter කියන section එක ඊට පස්සේ
Direction එකට දෙන්න Inbound/Income, කියලා මේකෙන් කරන්නේ download කරන එකට rules apply වෙන්න දාන එකයි. ඊට පස්සේ Rules action එකට deny දෙන්න එතකොට download කරන එක router එකෙන් block කරනවා. දැන් ඉතින් ඔක්කොම block කරලා හරියන්නේ නැති නිසා දෙන්න Destination IP එකට ඔයාගේ computer එකේ local IP address එක. මේක සමාන්‍යයෙන් 192.168.1.2 මොකද default gateway (router) එක 192.168.1.1 කියන IP එක ගන්න නිසා. 192.168.1.0 එක use කරන්න බෑ මොකද ඒකෙන් සමස්ථ network එකේ IP address එක නිසා. ඊට පස්සේ ඔයා ළග තියෙනවා නම් computer 10 ක්, Destination IP address 10 දෙන්න
192.168.1.2 , 192.168.1.3 192.168.1.4 ,192.168.1.5 etc......... වගේ
ඊට පස්සේ subnet mask එකට දෙන්න 255.255.255.0 එක මොකද මේක class C network එකක් නිසා. ඊළගට port එකට දෙන්න torrent වලට use කරන ports. range එක වුනත් දෙන්න පුලුවන්. SOURCE IP එක BLANK තියන්න මොකද ඔයා දන්නේ නැති නිසා SOURCE එක. income/inbound direction එකේදි.
ඊට පස්සේ මේක ආයි repeat කරන්න Direction එක out going/outbound දාලා නමුත් දැන් SOURCE එකට දෙන්න ඔයාගේ computer එකේ local IP address එක (මම කලින් තියෙන විදියට) ,destination එක blank තියන්න. මොකද ඔයා දන්නේ නැති නිසා Destination. ඊට පස්සේ okay කරලා router එක Restart කරලා බලන්න (වැඩ කරේ නැත්නම් in case)