මේ තියෙන්නෙ facebook එකේ මං දැකපු සාර්ථකම සරලම පැහැදිලි කිරීමක්
"Ghost" කියන්නේ Cooper ටම තමයි. "They" කියන්නේ පoචමාන තත්වයට පත්වුනු අනගාත මනුශ්‍යය වර්ගයාටයි.
අපි ජීවත් වන මානයේ/ විශ්වයේ, අවකාශය මාන තුනකින් සමන්විතයි. එනම් 1) උඩ-යට 2)නැගෙනහිර-බටහිර 3) උතුර-දකුණ හෝ ඉදිරිය- පිටුපසයි. ඔන්න ඔය මාන තුනම, භෞතික මාන විදිහට නම් කල හැකියි
.
හැබැයි හිතන්න, X කියන පුද්ගලයා Yට කියනවා "මම හෙට පිටකොටුවට එනවා". එවිට Y අහනවා "කීයටද?". මෙහිදී කාලය හෙවත් "Time" එක දිශාව කීමේදී අනිවාර්යෙන්ම වැදගත්. ඒ කියන්නේ කාලය කියන්නේ සිව්වැන මානයටයි. හැබයි ඒක භෞතික මානයක් නෙවේ.
ඇයි ඒක අපිට, ඒ වගේම Cooper ඇතුලුව පෘතුවියේ සිටිනා සෑම මනුශ්‍යයෙක්‍ටම භෞතික මානයක් නොවෙන්නේ ?
ඒ අපි පoච මාන තත්වයට පත් වී නොමැති නිසායි. We are't five dimensional beings. මට ඕන විදිහකට මගේ කාමරේ ඕනෑම තැනකට යන්න පුලුවන්. හැබැයි මට කවදාවත් කාලය හරහා ආපස්සට යන්න බැහැ. ඒ මොකද, අපිට කාලය කියන්නේ Linear ඒ වගේම භෞතික නොවන මානයක්.
නමුත් පoච මාන අනාගත මිනිසුන්ට ? ඔවුන්ට කාලය (එනම් සිව්වැනි මානය) භෞතික මානයක්. ඒ කියන්නේ මොකක්ද ? අපිට භෞතික මාන තුනයි. ඔවුන්ට කාලය ඇතුලුව භෞතික මාන හතරයි. අපිට නොහැකි වුනත් පoච මානයට යම්කිසි දවසක පත් වූ මේ අනාගත මිනිසුන්ට කාලය හරහා යා හැකී. ඔවුනට කාලය කියන දෙය ඔවුන්ට අවශ්‍යය පරිදි access කල හැකී. දුර අනාගතයේ යම් කිසි දවසක මනුශ්‍යයන් පoච මානයට පත්වෙනවා.
ඒ වෙද්දී පෘතුවියේ ජීවත් වන මිනිසුන් බොහෝමයක් නැති වී අවසන්. මහාචාර්‍ය Brands හට තම සමීකරණය සුලු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එය සුලු කරානම් Plan A සාර්ථක වෙනවා. එවිට ගුරුතවාකර්ශනය අභිබවා (defy) ගිහිල්ලා පෘතුවියේ ඉතිරි වී සිටින මිනිසුන්ව විනාශයට පත්වෙමින් තිබෙන මව් ග්‍රහලෝකයෙන් ඉවතට ගෙනයා හැකියි.මහාචාර්‍ය Brands දැනගෙන හිටියා එය එසේ කල නොහැකි බව. ඔහුට ගුරුත්වාකර්ශණ සමීකරණය විසදීමට නොහැකි වුනා.
යම් කිසි දවසක අනාගත වාසීන් ගුරුත්වාකර්ශනය අභිබවා ගොස් පoචමාන තත්වයට පත්වුනා. නමුත් මම කලින් කිව්වා වගේ ඒ වෙද්දී පෘතුවි වාසීන් නැතිවී අවසන් එහෙමත් නැත්නම් බොහොමයක් නැතිවී අවසන්.
මෙහෙම තත්වයක් උදා වෙලා කියලා දැනගත් පoචමාන අනාගත මනුශ්‍යයන් හෙවත් "They" කරන්නේ මොකක්ද ? ඔවුන් මේ වෙද්දී පoච මානයට අවතීර්ණ වී අවසන්. ඔවුනට කාලය හරහා පැමිනිය හැකී. ඔවුන් Cooper වෙනුවෙන් Black Hole එක හෙවත් ගාගන්ටුවා එක ඇතුලේ පoචමාන අවකාශය තුල Cooper ගේ දියණියගේ timeline එක ත්‍රිමාණව ඇතුලත් කරනවා. ඉන්පසුව Cooper හරහා Murph ට අවශ්‍යය දත්ත සම්ප්‍රේශණය කරනවා.
Cooper කියන්නේ අපි වගේම පoච මානයට අවතීර්ණ නොවූ මනුස්සයෙක්. නමුත් අනාගත මනුශ්‍යයන් හෙවත් "They" විසින් Cooper වෙනුවෙන්ම සැකසූ Tesseract එක තුලට ඇතුලත් වීමෙන් පසුව Cooper ට පoච මාන තලයේ සිට ත්‍රිමාන කාල වකවානුවේ එක් එක් අවදීන් වෙත ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඔහු සාර්ථකව Quantum දත්ත තම දියණියට ලබා දෙනවා. Morse Code එක උපයෝගී කරගෙන ඔරලෝසුවේ තත්පර කට්ට හරහා සම්ප්‍රෙශණය වූ දත්තා භාවිතා කරගනිමින්, මහාචාර්‍ය් Brands ට සුලු කිරීමට නොහැකි වූ ගුරුත්වාකර්ශන සමීකරණය සුලු කිරීමට Murph හෙවත් Cooper ගේ දියණිය සමත් වෙනවා.
එයින් පෘතුවි වාසීන් හට ගුරුත්වාකර්ශණය අභිබවා යාමට හැකි වෙනවා. Plan A සාර්ථක වෙනවා. එනම් පෘතුවි වාසීන් පෘතුවුයෙන් පිටතට "Stations" හරහා පැමිණෙනවා.
Plan B ත් සාර්ථකයි. Dr.Amelia, ඇයගේ ආදරවන්තයා හෙවත් Edmund විසින් සොයාගත් ග්‍රහලෝකයේ මනුශ්‍ය කොලොනිය ආරම්භ කරනවා.
සරලව ගත්තොත් පoචමාන තලයට අවතීර්ණ වූ අනාගත මිනිසුන් පෘතුවියේ වෙසෙන තම මුතුන් මිත්තන් මුහුණ දී ඇති අවාසනාවන්ත සහ ඛේදජනක ව්‍යසනයෙන් ගලවා ගැනීමට, තමන්ගේ දැනුම කාලය හරහා ආපස්සට ලබාදී ඔවුන් ගලවා ගත්තා යැයි සිතිය හැකී. මම මෙතන මේ කියපු ටික තේරුම් යන පරිදි කිව්වා කියලා විශ්වාස කරමි.
විශිශ්ට විද්‍යා ප්‍රබන්ධ වල ඇති විශේශත්වය තමයි, චිත්‍රපටිය නිම වීමෙන් අනතුරුවද සිතන්නට යමක් ඉතිරි කිරිම. Interstellar හි ඇත්තටම වෙන දෙය අපිට එක එක theories හරහා හිතන්න පුලුවන්. ඒක හින්දා තමයි. එක එක පාර්ශව එකිනෙකට වෙනස් theories ප්‍රකාශ කරන්නේ. මම මේ විස්තර කරේ මට දැනෙන හා මම විශ්වාස කරන දේයි. Interstellar හි විශිශ්ටත්වය අවුරුදු ගණනාවක් යනතුරු මිනුසුන් අතර කතාබහට ලක් වෙනු ඇත.
The greatness of Interstellar and it being the result of an impeccable filmmaking will be spoken by people even in the many years to come.