IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ

    දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්‍රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම තියන කම්පියුටරේකින් හරි ලේසියෙන් බලාගන්න පුලුවන්.
    අනික් එක ඇප් එකෙන් බලද්දි ගොඩක් ස්ලෝ streaming එකක් තියෙන්නෙ, මේක ලෝකල් නෙට්වර්ක් එකෙන් බලන නිසා එහෙම නැහැ ගොඩක් ස්පීඩ් වැඩ කරනවා හිරවෙන්නෙ එහෙම හරිම අඩුවෙන්

    මේක මට නං ගොඩක් Usefull උනේ දවල්ට මම ගෙදර ඉඳන් වැඩ කරද්දි ගෙදර වෙන කවුරුත් නැති උනොත්, කැමරා වල Human detect alert එක ආවම ෆෝන් ඇප් එකෙන් බලන්න ඕන කවුද ආවෙ කියලා. ඒකට විනාඩියක් දෙකක් යනවා ලෝඩ් වෙන්න
    මට කම්පියුටරෙන්ම බලන්න ඔප්ශන් එකක් ඕන උනා මේකට, එතකොට තමයි මේක හොයාගත්තෙ.

    මේක සෙටප් කරන්න කැමරා ONVIF කියන ප්‍රොටොකෝල් එක සපෝට් කරන්න ඕන, 99%ක්ම WiFi කැමරා මේක සපෝට් කරනවා, චයිනීස් ඒව සේරම වගේ මේක සපෝට් කරනවා. මේක කරලා බැලුවෙම චයිනීස් කැමරා දෙකකට.

    මේකට මුලින්ම කැමරාවෙ IP එක හොයාගන්න ඕන. ඒකට ක්‍රම දෙකක් තියනවා
    1. ඇප් එකෙන් කැමරාවෙ විස්තර බැලුවම IP එක පෙන්නනවා
      ISi1cxw.png
    2. රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම කනෙක්ට් වෙලා තියන ඩිවයිස් වල IP ටික පෙන්නනවා, එතනින් කැමරාවෙ IP එක හොයාගන්න පුලුවන්
    ඊලඟට කැමරාවෙ ඇඩ්මින් එකවුන්ට් එක හොයාගන්න ඕන, මේකත් ඇප් එකේ කැමරාවෙ Details/Settings වගේ තැනක Security වගේ සෙක්ශන් එකක තියනවා. එතනින් මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න එහෙමත් පුලුවන්. ගොඩක් වෙලාවට Default password විදියට එන්නෙ admin:admin, admin:admin123, admin:0000 වගේ ඒව. මේක ඇප් එකෙන්ම බලාගන්න

    ඊලඟට මේක බලන්න සොෆ්ට්වෙයා එකක් හොයාගන්න ඕන. මම මැක් එකක් යූස් කරන නිසා IPCams කියන එක ට්‍රයි කරේ. ගොඩක් ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා මේක කරන්න. Linux වලට එහෙමත් තියනවා. මේ සොෆ්ට්වෙයා වලින්ම කැමරාව හරවන්න(හරවන්න පුලුවන් එකක් නං), රෙකෝඩ් කරන්න, කැමරාවෙ Audio feed එක අහන්න වගේ වැඩ කරගන්නත් පුලුවන්

    හැම සොෆ්ට්වෙයා එකක්ම වගේ configure කරන්න තියෙන්නෙ එකම විදියට
    Add Camera වගේ ඔප්ශන් එකක් තියනවා එතනින් ගිහින් කැමරාවෙ IP/Admin username/admin password වගේ දේවල් ටික තමයි දෙන්න තියෙන්නෙ, කැමරාවට නමක් දෙන්න එහෙමත් පුලුවන්
    තව සමහරවෙලාවට ස්ට්‍රීමින් චැනල් එක සිලෙක්ට් කරන්න එනවා. SD/HD දෙකම සපෝට් කරන කැමරා වල ඔය දෙක ස්ට්‍රීමින් චැනල් දෙකක එන්නෙ

    මේ විදියට කැමරාව සෙටප් කරග්තට පස්සෙ, ඒ යූස් කරපු සොෆ්ට්වෙයා එකේ හැටියට ඩෑශ්බෝඩ් හදාගන්න, Live බලන්න වගේ දේවල් කරගන්න පුලුවන්. තව කැමරාව Human detection වගේ තියනවා නං ඒ events බලන්නත් පුලුවන්(මේව යූස් කරන සොෆට්වෙයා එකෙන් සොෆ්ට්වෙයා එකට වෙනස් වෙන්නත් පුලුවන්)

    sGfWFZY.png


    ඔය කැමරාවල streaming url එක හැදෙන්නෙ මේ වගේ
    rtsp://<IP>/live/ch0
    rtsp://<IP>/live/ch1

    වගේ, මේක VLC වගේ ප්ලේයර් එකක remote url එකක් විදියට ඕපන් කරාම VLC එකෙනුත් බලන්න පුලුවන්. Password එකක් ඇහුවොතින් අර මුලින් කියපු කැමරාවෙ පාස්වර්ඩ් එක දාන්න තියෙන්නෙ
    (මේ URL එක බ්‍රවුසරේ ගැහුවම සපෝට් කරන සොෆ්ට්වෙයා එකක් තියනවා නං ඒකෙන් ඕපන් වෙයි)

    මේ VLC එකේ පේන විදිය

    ShIes3E.png


    CqEKwpn.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේක බලන්න ඩේටා කැපෙන්නෙත් නෑ නේද.

    ස්තුතියි වැදගත් ලිපිය ගැන
     
    • Love
    Reactions: NEMISIS

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Thanks lokka
    Me dawaswala baseus eke offers yana P1 camera ekatath meka karanna puluwanda?

    කලිසම වේලිලා නම් ගෙට ගන්ඩ. වැස්සට තෙමෙයි බොස්
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Thanks lokka
    Me dawaswala baseus eke offers yana P1 camera ekatath meka karanna puluwanda?
    ඒකෙ ස්පෙක් වල ONVIF සපෝට් කරනවද කියලා හරියටම කියලා නැහැ ඒක නිසා ශුවර් කරලා කියන්න අමාරුයි
    අනික ඒක Indoor කැමරාවක්නේ.

    කලිසම වේලිලා නම් ගෙට ගන්ඩ. වැස්සට තෙමෙයි බොස්
    :P

    EZVIZ desktop app eka nam charter
    ඔවු ගොඩක් සොෆ්ට්වෙයා ඒ තරං කොලිටි නැහැ
    හැම එකේම player එකේ Hardware/GPU acceleration එහෙම නැහැ ඒක නිසා ටිකක් choppy වගේ ප්ලේ වෙද්දි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    mokadda bro use karana cam model eka?
    මේ වගේ එකක් https://www.aliexpress.com/item/1005007573550640.html
    Lenovo කියලා ගහල තිබුනට නම විතරයි හැබැයි. කොලිටිය ශේප්. කාලෙකට කලින් දෙකකට ඔෆර් එකක් තිබිලා ගත්තෙ, දෙකක්ම 7000 ගානකට වගේ ගෙන්නුවෙ